leader s

දරුවන් සමබන්ධව සිදුවන අපරාධ සහ සිදුවීම් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේ දී වගකීමෙන් කටයුතු කළ යුතු බවත් එවන් සිදුවීම් කිසිවිටෙකත් දේශපාලන අවස්ථාවන් කර නොගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැයි 09වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.

කොටහේන ප්‍රදේශයේ පාසල් දැරියක් සියදිවි නසා ගැනීමේ සිදුවීම හා සම්බන්ධව අග්‍රාමාත්‍යවරිය විසින් මෙම අදහස් ප්‍රකාශ කරන ලදී.

දරුවකු සිය දිවි නසා ගැනීමට අදහස් කිරීම සමාජයක් ලෙස අප සියල්ලන් ම අසමත් වූ අවස්ථාවක් බවත් මෙවැනි සිදුවීම් කිසිසේත්ම නැවත් සිදු නොවිය යුතු බවත් මේ මොහොතේ කොටහේන දැරිය සමබන්ධ සිදුවීමට අදාළ සියලු පාර්ශවයන් මූලික කරගනිමින් විමර්ශන කටයුතු සිදු කෙරෙන බවත් අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම දරුවන් සම්බන්ධව වන සිදුවීම් හා අපරාධ පිළිබඳව කඩිනම් පියවර ගැනීමේ යාන්ත්‍රණයක් කන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව ඉතා ඉක්මනින් නිර්මාණය කිරීම පිළිබඳව තමන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්‍ රාජ් සමඟ සාකච්ඡා කළ බව ද අග්‍රාමාත්‍යවරිය පැවසීය.

මේ පිළිබඳව දරුවාගේ දෙමව්පියන් වෙත සියලු දෙනා කණගාටුව ප්‍රකාශ කරන බවත් රජයක් ලෙස මෙවැනි සිද්ධීන් වළක්වන්න පුළුල් මැදිහත්වීමක් ලබා දෙන බවත් එවැනි දරුවන්ට පූර්ණ ආරක්ෂාව ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී තවදුරටත් ප්‍රකාශ කළේය.



වත්මන් රජයේ අගමැතිනිය ගේ හා කාන්තා සහ ළමා කටයුතු ඇමතිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සම්බන්ධ ප්‍රකාශ වලින් මේ දිනවල සමාජ මාධ්‍ය අවකාශය පිරි ගොස් තිබේ.

මතු පලවන්නේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පළකර ඇති සටහන් කිහිපයකි.

Screenshot 2025 05 10 092905

495949077 1220325189677721 436513085280634349 n
Gamini Ekanayaka ගේ ෆේස්බුක් සටහන

1. මෙතන වරද සරෝජා ගේ හෝ වෙනත් ඇමති කෙනෙකුගේ නෙවෙයි. හැබැයි අතිශ්‍ය දූෂිත අකාර්යක්ෂම නිලධාරි හැතිකරේ ඇමතිලාට මුවා වෙනවා. ඒක ඇමතිලා නොදන්න එක ආණ්ඩුවේ වරදක්.

2. "යුක්තිය ඉෂ්ට වෙනවා වගේම,ඉෂ්ට වෙන බව පෙනෙන්නට තියෙන්න ඕනී" කියන එක ස්වභාවික යුක්තියේ මූලධර්මයක්.

3. හැම එකක්ම "පරාජිත විපක්ෂයේ" සහ රූපවාහිනි නාලිකා දෙකක කුමන්ත්‍රණ කියන එක හොඳම වර්ගයේ විහිළුවක්.. ඉස්සර අපි හැම එකටම ජේආර් ට බැන්නා. ඊට පස්සේ බැසිල්ට..දැන් ටීවී නාලිකා දෙකකට

4. පරාජිත විපක්ෂයේ අශුචි ප්‍රහාරයට ඔළුව අල්ලන්නේ නැතිව, මේ වගේ අවස්ථා ජාතික වැදගත්කමකින් යුක්තව ඉවර කරන්නේ කොහොමද කියන සිහිබුද්ධිය ඇමතිවරුන්ට තියෙන්න ඕනී.

උදාහරණ විදිහට විගණකාධිපති වාර්තාව 2023 අනුව 2011-2024 කාලයේ ජාතික ළමාරක්ෂන අධිකාරියට ලැබිලා නොවිසදු (පරික්ෂණ නොකරපු) පැමිණිලි ගණන 50 දාහකට වැඩියි. පාර්ලිමේන්තුවට ගේන්න ඕනී ඒක.

 උඹලගේ කාලේ උනේ මේකයි (අවුරුද්දකට 5000කට වැඩි ළමා අපචාර?) අපි මේක නවත්තනවා. අකාර්යක්ෂම ආයතන වෙනස් කරනවා, දූෂිත කොන්ද පණනැති නිලධාරි ගෙදර යවනවා නොකියා, වින්දිත දරුවාගේ මානසික වාර්තා ගැනයි ෆයිල් හදන එකයි පැමිණිලි නෑ කියන්නයි ගියේ මඟුලටද?. ඕවා පරාජිත විපක්ෂයේ හරි කුඩු නාලිකා දෙකේ කුමන්ත්‍රණනම්, ඇමති ඒකට අහුවුනේ ඇයි?

5.පරාජිත විපක්ෂය . බලයට එන්න දරුවෝ පාවිච්චි කරනවා වගේ ඒවා කිය කියා අඬ අඬා ඉදලා වැඩක් නෑ. දරුවෝ එහෙම පාවිච්චි කරන එක වළක්වන්න තමයි ආණ්ඩුව හැදුවේ


මේ පුවතට සම්බන්ධ තවත් විස්තර:

පාසල් සිසුවියකගේ මරණය: සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩුයවයි - ටියුෂන් ආයතනයේ හිමිකරු CIDයට යයි

කාන්තා හා ළමා කටයුතු ඇමති සරෝජා පෝල්රාජ් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයකට ලක්වන්නේ ඇයි?

හරිනි නම් 'හරිම නෑ' | කුසල් පෙරේරා

සරෝජනී පෝල්රාජ් ඇමැතිනියගේ ප්‍රකාශය, යහපත් ආණ්ඩුකරණයක ප්‍රතිචාරයක් විය නොහැකිය | Geethika Dharmasinghe

පාසල් සිසුවියකගේ මරණය: ලිංගික අතවර කළ බව කියන ගුරුවරයාට ස්ථාන මාරුවක්

'Black monkey go out': ගුරුවරුන්ගෙන් ඔබේ දරුවාට වාචික හිංසනයක් සිදුවූ විට කළ යුත්තේ කුමක් ද?

ළමුන් පාසල්වලදී කෲරත්වයට පත්වීම වැළැක්වීමට නව නීති

'කියන්න කනගාටුයි... ඉතා කුඩා දරුවන් පවා ලිංගික අපයෝජනවලට ලක්වෙලා'

ළමා දූෂණයට දඬුවම මරණය හෝ වඳභාවය

"බොහෝ ළමා දූෂකයන් පවුලේ ඥාතීන් හෝ හිතවතුන්"

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්