The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කන්ටේනර් 323 පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

T

The Leader Desk

October 18, 2025 • 3:15 PM

කන්ටේනර් 323 පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාව ඊයේ (17) දින පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කොට ඇත.
  • කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාවට එකඟත්වය පළ වී ඇති අතර ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.
  • කොළඹ වරායේ සිට බහලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයකට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ යුතු බවට එමගින් යෝජනා කර ඇත.
  • පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ මෙම යෝජනාව දින පහක් තිබිය යුතු අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය අනුව එය න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාව ඊයේ (17) දින පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කොට ඇත.

කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාවට එකඟත්වය පළ වී ඇති අතර ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.

කොළඹ වරායේ සිට බහලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයකට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ යුතු බවට එමගින් යෝජනා කර ඇත.

පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ මෙම යෝජනාව දින පහක් තිබිය යුතු අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය අනුව එය න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු වේ.

අනතුරුව පාර්ලිමේන්තුවේදී එය සම්මත වූ පසුව කථානායකවරයාට මෙම විශේෂ කාරක සභාව පත්කිරීම සඳහා හැකියාව ලැබේ.

මෙම බහාලුම් 323 පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙසට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලිඛිතව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර අතර එම යෝජනාව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත යොමු වී තිබෙන්නේ ඉන් අනතුරුවය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...