The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ආණ්ඩුව රාජ්‍යය ආයතන 33ක් වසා දැමීමට තීරණය කරලා - දුමින්ද නාගමුව

T

The Leader Desk

September 8, 2025 • 3:54 AM

  ආණ්ඩුව රාජ්‍යය ආයතන 33ක් වසා දැමීමට තීරණය කරලා - දුමින්ද නාගමුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ රාජ්‍ය ආයතන ගණනාවක් ඈවර කිරීමට ගත් කැබිනට් තීරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජන අරගල සන්ධානය ඊයේ (07 ) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී ය.
  • ''රාජ්‍යය ආයතන 33ක් ඈවර කිරීමට එහෙම නැත්තං වසා දැමීම සඳහා මේ වෙද්දි කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තියනවා.
  • මේ සම්බන්ධයෙන් පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යය හමුවේ දී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිරයා නිල වශයෙන් ප්‍රකාශ කළා.
  • නමුත් මෙතන තියන ප්‍රශ්නෙ තමයි මෙහෙම වසා දැමීමට නියමිත රාජ්‍යය ආයතන 33 මොනවද කියලා රටට හෙළිදරව් කරලා නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ රාජ්‍ය ආයතන ගණනාවක් ඈවර කිරීමට ගත් කැබිනට් තීරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා  ජන අරගල සන්ධානය ඊයේ (07 ) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී ය.

ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභිකයින් වන දුමින්ද නාගමුව සහ වී. වීරසිංහම් මෙහිදී අදහස් දක්වන ලදී.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව...

වසා දැමීමට නියමිත ආයතන මොනවා ද...?

''රාජ්‍යය ආයතන 33ක් ඈවර කිරීමට එහෙම නැත්තං වසා දැමීම සඳහා මේ වෙද්දි කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තියනවා. මේ සම්බන්ධයෙන් පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යය හමුවේ දී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිරයා නිල වශයෙන් ප්‍රකාශ කළා.

නමුත් මෙතන තියන ප්‍රශ්නෙ තමයි මෙහෙම වසා දැමීමට නියමිත රාජ්‍යය ආයතන 33 මොනවද කියලා රටට හෙළිදරව් කරලා නෑ. නලින්ද ජයතිස්ස ඒ වෙලාවේ ආයතන 9ක නම් විතරයි කිව්වේ. අපි කැබිනට් මණ්ඩල වාර්තා පරීක්ෂා කළා, නමුත් ඒ කිසිවක මේ වසා දැමීමට නියමිත ආයතන මොනවද කියලා කිසිඳු සඳහනක් නෑ.

අපිට මෙතනදි ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ආණ්ඩුව පාරිදෘශ්‍ය භාවය කියන සංකල්පය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා ජනතාවගෙන් හංගලද මේ රාජ්‍යය ආයතන වහලා දාන්න යන්නේ ? අනිත් එක තමයි කිසිඳු ආයතනයක නමක් නොදැනද කැබිනට් මණ්ඩලය මේ තීරණයට අත ඉස්සුවේ?


අගමැතිනියගේ අධ්‍යාපන රහස කුමක් ද...?

පසුගිය අප්‍රේල් 5වෙනි දා මේ අණ්ඩුව ඉන්දියාව එක්ක අවබෝධතා ගිවිසුම් අත්සන් කළා, හැබැයි අද වෙනකල් ඒ ගිවිසුම්වල  තියෙන්නේ මොනවද කියලා රටට හෙළිදරව් කරලා නෑ.

අධ්‍යාපන ඇමතිවරිය මැදිහත් වෙලා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. නමුත් ඒ වැඩපිළිවෙළ තවමත් ජනතාවට ඉදිරිපත් වෙලා නෑ. ශිෂ්‍යය සංගම් විශ්වවිද්‍යාල ආචාර්‍යවරු මේ ගැන අහද්දි අගමැති තුමිය උද්ධච්ච ප්‍රකාශ කරමින් යනවා.

දැන් මෑතක ඇමරිකාව පනවපු තීරුබදු අඩු කරගන්න එකඟතාවකට ආවා කිව්වා. හැබැයි ඒ එකඟතා මොනවද කියලා රටට කියන්නේ නෑ. ඇහුවම කියනවා ඒක රහසක්ලූ.

 දැන් ආණ්ඩුව මේ යමින් ඉන්නේ අමුතුම පාරක. කිසිම දෙයක් රටට කියන්නෙ නැතුව තමන්ට හිතුණ හිතුණ දේ කරනවා. ආණ්ඩුව හිතාගෙන ඉන්නේ තමන්ට විශාල ජන වරමක් ලැබුණාම ඕන ඕන සෙල්ලමක් රට ඇතුළේ කරන්න පුළුවන් කියලා.

 
නඩුත් එක්කම ෆයිල් ක්ලෝස්...?

දැනට ආණ්ඩුව වසා දමනවා කියලා ප්‍රසිද්ධ කරපු ආයතන 9 ගත්තමත් අපිට ප්‍රශ්න ගණනාවක් පැන නගිනවා. lanka logistics & technologies කියන ආයතනය ඈවර කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. අපි දන්නවා පසුගිය ඉතිහාසය පුරාවට මේ ආයතනය ආයුධ ගනුදෙණු සම්බන්ධ චෝදනා ලබපු ආයතනයක්. එතකොට අදාළ ඈවර කිරීමෙන් පස්සේ මේ චෝදනාවලට මොකද වෙන්නේ? ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරනව ද? නැත්තං ඒ පරීක්ෂණත් මෙහෙමම ඈවර වෙනව ද කියන ප්‍රශ්න අපිට තියනවා.

ඊළඟට common wealth games කියන ආයතනයත් මේ ලයිස්තුවට ඇතුළත්. ඒ ආයතනයට බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා තියනවා.

ඊළගට පසුගිය කාලේ පුරාම දේශපානලන වේදිකාවල පවා සාකාච්ඡා වුණු මිහින් ලංකා ආයතනයත් මේ ලයිස්තුවට අයත්. දැන් හොරු අල්ලනවා කියලා ආව ආණ්ඩුව නඩුත් එක්කම ෆයිල් ක්ලෝස් කරන්න ද සූදානම් වෙන්නේ කියන බරපතළ සැකය අපිට මතු වෙනවා.


ආණ්ඩුව විකුණන දේපළ කිසිවකු මිලදී ගන්නේ ඇයි...?

අනිත් කාරණය තමයි මේ ආයතන වහලා දැම්මට පස්සේ ඒවගෙ දේපළ සම්බන්ධයෙන් ගන්න තීරණය මොකක් ද ? අපිත් දන්නවා මේ ඇතැම් රාජ්‍ය ආයතනවල ඒවා හදපු කාලේ අවශ්‍යතා සහ දැන් තත්ත්වය වෙනස්. හැබැයි මේ ආයතන හදලා තියෙන්නේ විශාල මහජන මුදලක් යොදවලා. එහෙම නම් ඒවගේ දේපළ වෙනත් රාජ්‍ය ආයතනයකට පවරනව ද, එහෙම නැත්තං විකුණනව ද, කියලා ජනතාව දැනගන්න ඕන.

එහෙම විකුණනවනං ඒ විකුණන්නේ කාට ද කියන ප්‍රශ්නෙත් අපි අහනවා. මොකද මේ පාඩු ලබනවා කියලා ආණ්ඩුව විකුණන දේපළක් යම්කිසි සමාගමක් මිලදී ගන්නේ සාලේ ඉස්සරහ ප්‍රදර්ශනය කරන්න වෙන්න බැහැ.


සමාලෝචන වාර්තා නිර්දේශවලට පිටින් ඇවර කරන්නේ ඇයි...?

ආණ්ඩුව මීට ටික කාලෙකට කලින් රාජ්‍ය ආයතන 166ක් සම්බන්ධයෙන් සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාව හදලා තිබුණේ අමාත්‍යංශ ලේකම්වරු 11දෙනෙකුගේ කමිටුවකින්. ඒ කමිටුව නිර්දේශ කරලා තිබුණේ රාජ්‍ය ආයතන 13ක් ඈවර කරන්න. ලංකා කජු සංස්ථාව, හද බිම අධිකාරිය, ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ඇතුළු ආයතන 13ක් තමයි මේ වාර්තාවේ වහන්න නිර්දේශ කරලා තිබුණේ.

ඒ ආයතන 13 වසා දැමීමට ගත් තීරණයෙත් බරපතළ ගැටලු ප්‍රමාණයක් තියනවා. අපි ඒ ගැන කලින්ම රටට කිව්වා. දැන් ඒ තිබිය දී ආණ්ඩුව අලුතින් වහන්න යෝජනා කරන්නේ වෙනස්ම ආයතන 33ක්. එතකොට මෙ වාර්තාවෙ නිර්දේශවලට පිටින් ගිහින් තමයි වාර්තාවක්වත් නැතුව අලුතින් ආයතන 33ක් ඈවර කරන්න සූදානම් වෙන්නේ.


ආණ්ඩුව, රනිල්ගේ වැඩ පිළිවෙළ කොටස් විදිහට දිගහරිමින්...

 මේ තියෙන්නේ කෙළින්ම රනිල් වික්‍රමසිංහ ඉදිරියට ගෙන ගිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විනාශකාරී ආර්ථික වැඩපිළිවෙළම තමයි. මොකද මීට කලින් රනිල් තමයි කිව්වේ රාජ්‍ය ආයතන 400ක් වහන්න ඕන කියලා. දැන් ඒ න්‍යායපත්‍රය ආණ්ඩුව කොටස් විදිහට දිගහරිමින් ඉන්නවා. ඒක කරන්නෙත් ජනතාවට කොළේ වහලා. ඒ නිසා මේක ඉතාමත් පිළිකුල්සහගත තත්ත්වයක්. ජනතාව මේ ආණ්ඩුවෙන් මෙහෙම හැසිරීමක් අපේක්ෂා කළේ නෑ. අපි මේ වෙලාවේ ආණ්ඩුවට බල කර කියා සිටිනවා වහාම මේ කරන්න යන්නෙ මොකක්ද කියල රටට හෙළිදරව් කරන්න කියලා. ආණ්ඩුව එහෙම නොකළොත් ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නත් අපි ජන අරගල සන්ධානය විදිහට සූදානම්."

 


(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුව රාජ්‍යය ආයතන 33ක් වසා දැමීමට තීරණය කරලා - දුමින්ද නාගමුව | The Leader