The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමට කැබිනට් අනුමැතිය

T

The Leader Desk

September 5, 2025 • 8:32 AM

ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමට කැබිනට් අනුමැතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වසා දැමෙන රාජ්‍ය ව්‍යවසායන් දැනටමත් අක්‍රිය තත්ත්වයට පත්ව ඇති ඒවා බව ඊයේ (04) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛස නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
  • ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබානොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ ඛාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායයන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යෑම වෙනුවට එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
  • ශ්‍රීලන්කන් ගුවන් සමාගම පවතින තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා රජය සැලකිය යුතු මැදිහත් වීමක් කරන බවද ඇමැතිවරයා තවදුරටත් කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව සැලකිල්ලට ගෙන, එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

මේ වසා දැමෙන රාජ්‍ය ව්‍යවසායන් දැනටමත් අක්‍රිය තත්ත්වයට පත්ව ඇති ඒවා බව ඊයේ (04) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛස නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

 

මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමග නොගැළපීම සහ වෙළෙඳපොළ අවශ්‍යතා සමග නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යෑම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදී හේතු නිසා අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ.

 

ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබානොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ ඛාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායයන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යෑම වෙනුවට එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

මෙසේ වසා දැමීමට නියමිත ආයතන අතර,

* මිහින් ලංකා පුද්ගලික සමාගම,
* ලංකා ලොජිස්ටික්ස් සමාගම,
* ඒෂියන් ගේම්ස් පුද්ගලික සමාගම,
* තුරුසවිය අරමුදල,
* සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම,
* කොමන් වෙල්ත් ගේම්ස් හම්බන්තොට පුද්ගලික සමාගම,
* මාගම්පුර පෝර්ට්ස් මැනේජ්මන්ට් කම්පැනි පුද්ගලික සමාගම,
* ටෙක්නො පාර්ක් ඩිවලොප්මන්ට් කම්පැනි පුද්ගලික සමාගම,
* මාධ්‍ය පුහුණු ආයතනය,
* ලංකා සිමෙන්ති සමාගම සහ
* එක්ස්ප්‍රස් වේ ට්‍රාන්ස්පෝට් පුද්ගලික සමාගම යන ආයතන පවතින බවද මේ ආයතන සම්පූර්ණ ලැයිස්තුව අදාළ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ඇති බවද ඇමැති නලින්ද ජයතිස්ස කීවේය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම පවතින තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා රජය සැලකිය යුතු මැදිහත් වීමක් කරන බවද ඇමැතිවරයා තවදුරටත් කීවේය.

(divaina | ශ්‍යාම් නුවන් ගනේවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...