The Leader News
BREAKING
ශ්‍රීලන්කන් ගුවන් ආසන පද්ධතියට 'බොට්' ප්‍රහාරයක්; මගීන්ට අර්බුදයක්●කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව සෙවීමට විද්‍යාත්මක වාර්තාවක්●ඊශ්‍රායල මැතිවරණයෙන් නෙතන්යාහු පෙරමුණට: බල අර්බුදය යළි කරළියට●යුරෝපය කැළඹූ තරුණ නැගිටීම: විසඳුම් සොයන ජන පරපුර●හිස් වූ කැදැල්ලේ තනිවෙන ආදරණීය අම්මාවරුන්●ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටී 68ක් මරුට: නඩත්තු ගැටලුව කරළියට●හෝටල් සේවිකාවට අතවර චෝදනා: ඉන්දීය පිහිනුම් ශූරයාට ජීවිතාන්ත තහනම් අවදානමක්●සෙම්මනි වාර්තාවේ නිගමනවලට එරෙහිව අධිකරණය හමුවේ විරෝධයක්●ආසියා-පැසිෆික් සුව සමුළුවේදී ශ්‍රී ලංකාවට උප සභාපති ධුරයක්●දේශීය ඖෂධවලට ලෝකය දිනන අලුත් වෙළඳපොළක්●
Top Ad
පුවත්

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ ඇප ඉල්ලුම්පත සලකා බැලීම සිකුරාදා

T

The Leader Desk

July 1, 2025 • 5:47 PM

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ ඇප ඉල්ලුම්පත සලකා බැලීම සිකුරාදා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න, තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ ඇප අයදුම්පත් ලබන ජුලි 04 සිකුරාදා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහාධිකරණය අද තීන්දුකර ඇත.
  • ''ශල්‍ය අයිතමය රෝහලේ තිබියදී පිටතින් මිලදී ගන්නා ලෙස රෝගීන්ට දැනුම් දීලා'' ශල්‍ය අයිතමය රෝහලේ තිබියදී පිටතින් මිලදී ගන්නා ලෙස රෝගීන්ට දැනුම් දී තිබීම විශේෂඥ වෛද්‍යවරිය වෙත එල්ලවී ඇති ප්‍රබල චෝදනාවකි.
  • එහිදී සැකකාර විශේෂඥ වෛද්‍යවරිය වෙනුවෙන් එදින පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසුවේ, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නොවන බව ය.
  • එහි සඳහන් වෙනවා පිටතින් ශල්‍ය උපකරණ මිලදී ගෙන ඒමට අවසර තිබෙන බව," ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න, තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ ඇප අයදුම්පත් ලබන ජුලි 04 සිකුරාදා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහාධිකරණය අද තීන්දුකර ඇත.

'දූෂණය' නම් වරද සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමනාකාර සහකාරවරයකු වන කැකුළන්දල ලියනගේ ඉන්දික සහ වෛද්‍යවරිය විසින් අනීතිකව පවත්වා ගෙන යනු ලබන බව කියන පෞද්ගලික ආයතනයක සේවය කළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන තිදෙනා ජුලි 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග
ජුනි 24 දා නියෝග කළාය.

''ශල්‍ය අයිතමය රෝහලේ තිබියදී පිටතින් මිලදී ගන්නා ලෙස රෝගීන්ට දැනුම් දීලා''

ශල්‍ය අයිතමය රෝහලේ තිබියදී පිටතින් මිලදී ගන්නා ලෙස රෝගීන්ට දැනුම් දී තිබීම විශේෂඥ වෛද්‍යවරිය වෙත එල්ලවී ඇති ප්‍රබල චෝදනාවකි.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවත් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් පසුගිය ජූනි 24 දා කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටින නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ ශල්‍ය අයිතමය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තිබෙන බවත් යම් හෙයකින් එය නොමැති බව අනාවරණය වුණොත් පැය දෙකක් වැනි කාලයක් තුළ ඒවා ලබාගත හැකි හදිසි මිලදී ගැනීමේ ක්‍රම පවා රෝහල තුළ තිබියදී සැකකාර වෛද්‍යවරිය මෙලෙස රෝගීන් බාහිර ආයතනයක් වෙත යොමු කර තිබෙන බවත්  ය.

එහිදී සැකකාර විශේෂඥ වෛද්‍යවරිය වෙනුවෙන් එදින පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසුවේ, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නොවන බව ය.

"ස්වාමීනී, මේ සැකකාරිය සිදු කරන්නේ ඉතාම සියුම් සැත්කම්. පිටතින් ශල්‍ය උපකරණ මිලදී ගැනීම කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ජයවර්ධනපුර රෝහල කියන්නේ මුදල් අය කරලා ශල්‍ය කර්ම කරන ආයතනයක්. එහි සිදු කරන ශල්‍යකර්ම සඳහා ඕනෑතරම් පිටතින් උපකරණ රැගෙන තිබෙනවා. මේක පළවෙනි අවස්ථාව නෙවෙයි. රෝහලේ අලවා තිබෙන දැන්වීමක් පවා ඉදිරිපත් ඉදිරිපත් කරනවා. එහි සඳහන් වෙනවා පිටතින් ශල්‍ය උපකරණ මිලදී ගෙන ඒමට අවසර තිබෙන බව," ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

dsffewr

"රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නෙවෙයි. ඒ නිසා තමයි වඩාත් ගුණාත්මක උපකරණ පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවෙලා තිබෙන්නේ. මේ නඩුකරයට අදාළ විමර්ශනය ආරම්භ වුණේ 2023 වසරේ. එතැන් පටන් මේ දක්වා විමර්ශන සිදුවෙනවා. මගේ සේවාදායිකාව කිසිඳු පුද්ගලයෙකුට තර්ජනය කර නැහැ," යැයි පවසමින් ඇයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති නිසා ඇය ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එදින අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

 

සැකකාර රෝහල් ලිපිකරු වෙනුවෙන් එදින පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් "සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා ප්‍රකාශ කරලා තිබුණා පිටතින් ඖෂධ හා උපකරණ මිලදී ගැනීම වරදක් නැහැ කියලා. ඒක සෞඛ්‍ය අමාත්‍යංශයට කරන උදව්වක් ලෙසත් ඔහු ප්‍රකාශ කර තිබුණා," යනුවෙන් පැවසුවේ ය. එසේ නම් මෙම ක්‍රියාව වරදක් වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේ ය.


''අල්ලස් කොමිසම කිසිඳු අවස්ථාවක මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නෑ''

විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දැක්වූවා ය.

"ස්වාමීනි..., අල්ලස් කොමිසම කිසිඳු අවස්ථාවක මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නෑ. මෙම සැකකාර වෛද්‍යවරිය සුළු ආබාධ පවතින ශල්‍යකර්ම අවශ්‍ය නොවන රෝගීන්ටත් ශල්‍යකර්ම සිදු කර තිබෙනවා. මරණාසන්න රෝගීන් පවා හදවත යන්ත්‍රයක් මගින් ක්‍රියාත්මක වෙමින් තිබියදීත් ඇය ශල්‍යකර්ම සිදු කර තිබෙනවා. අවසානයේදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තිබෙනවා ශල්‍යකර්මයට භාජනය වූ එම රෝගියා මියගොස් දින පහක් ගත වී ඇති බව."


"ස්වාමීනි..., මෙම සැකකාර වෛද්‍යවරිය විශාල දේශපාලන බලයක් හිමි තැනැත්තියක්. ඇයට ඇප ලබා දුන්නොත් විමර්ශනවලට බාධා සිදුවෙන්න පුළුවන්," යනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය එදින අධිකරණයට කරුණු දැක්වූවා ය. එම කරුණු දැක්වීම්වලට විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු දැඩිව විරෝධය පළ කළහ.


දෙපාර්ශවයම ම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, අනතුරුව සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  ජුනි 24 දා නියම කළා ය.

සබැඳි පුවත් : 

විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීම : 'සාෆි නාටකය වෙනත් මුහුණුවරකින් යළි කරළියට' - මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමේ නොපෙනෙන කතාව

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

හිරේ නොවැටී බෙහෙත් තුණ්ඩු ලියන හැටි වෛද්‍යවරු ඇමතිගෙන් අසයි

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ඉවතට

රෝහල්වල නැති බෙහෙත් නියම කරන හැටි විශේෂඥ වෛද්‍යවරු ඇමතිගෙන් අසති

ඖෂධ හෝ වෛද්‍ය උපකරණ පිටතින් ගෙන්වා ගැනීම අපරාධයක් නොවේ - නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති කියයි

රිමාන්ඩ් භාරයට පත් ජ'පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියට එල්ල වී ඇති චෝදනා මොනව ද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...