ඔහු මෙම අදහස් පළ කළේ මුත්තු නගර් ජනතාවගේ වගා ඉඩම් අක්කර 800ක් ඉන්දියානු සමාගම්වලට විකිණීමට එරෙහිව ඊයේ (17) ත්‍රීකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්‍යලය ඉදිරිපිට ඉයේ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය පැවති ස්ථානයට අද පැමිණි පොලීසිය සත්‍යග්‍රහයට බාධා කිරීමෙන් අනතුරුව මාධ්‍ය දැන්වත් කරමිනනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ...
අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කළ හේතුව

"පහුගිය කාලේ පුරාවටම අපි මුත්තු නගර් ග්‍රාමයේ ජනතාවත් එක්ක සgන් බිමක හිටගෙන ඉන්නවා. ඒ මුත්තු නගර් ප්‍රදේශයේ ගොවි පවුල් 351ක් වගා කටයුතු කරපු අක්කර 800ක ඉඩම්වලින් ඒ ජනතාව එළවලා ඒ ඉඩම් ඉන්දියානු සමාගමකට විකුණන්න ආණ්ඩුව ගත්ත තීරණයට එරෙහිව. මේ ගොවි ජනතාව මේ ප්‍රදේශයට ආවේ අද ඊයේ නෙවෙයි. ඔවුන් 1972 ඉඳලා වගා කටයුතු කළේ මේ ඉඩම්වල. නමුත් පුනරුදය කියාගෙන බලයට ආව ජාතික ජන බලවේග ආණ්ඩුව සූදානම් වෙන්නේ ඒ ගොවි ජනතාව මහපාරට ඇදලා දාන්න.
අපි මේ ප්‍රශ්නේ ගැන දිගින් දිගටම ආණ්ඩුව එක්ක සාකාච්ඡා කළා. ප්‍රාදේශීය ලේකම් එක්ක, ප්‍රදේශයේ මන්ත්‍රීවරු එක්ක සාකච්ඡා කළා. මෙහෙම සාකාච්ඡා කරලා බැරිම තැන ජනාධිපති ලේකම් කාර්‍යාලයට පවා ගියා. හැබැයි තවමත් මුත්තු නගර් වැසියන්ගේ ඉඩම් ප්‍රශ්නෙට ස්ථිර විසඳුමක් ආණ්ඩුවෙන් ලැබිලා නෑ. ඒ නිසා තමයි අද ත්‍රීකුණාමලේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන්න අපි තීරණය කළේ.

ආණ්ඩුව මේ ගොවියන් එළවන්නේ ඇයි...?
ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘතිවලට කියලා මේ සමාගම්වලට විකුණන්න සූදානම් වෙන්නේ ගොවි ජනතාව අවුරුදු 50ක් භුක්ති විඳපු ඉඩම්. මේ ඉඩම්වල වගා කටයුතු කරලා තමයි මේ ජනතාව තමන්ගේ දරුවන්ට කන්න දුන්නේ. බෙහෙත් ටික ගන්න, දරුවා පාසල් යවන්න, ඇතුළු තමන්ගේ සියලු එදිනදා ජීවිතයේ අවශ්‍යතා සපුරගත්තේ මේ ඉඩම්වලින් ලැබෙන ආදායමෙන්. අද මේ ගොවියන්ට යන එන මං නැතිවෙලා. දැන් සමහරු උත්සහ කරනවා මේ ජනතාව රටේ සංවර්ධනයට අකමැති ද්‍රෝහීන් ගානට දාලා මේ ප්‍රශ්නය යට යවන්න.
හැබැයි අපි පැහැලිව කියනවා මුත්තු නගර් වැසියන් සංවර්ධනයට විරුද්ධ නෑ. සෝලා පැනල් හයි කරනවට අලුත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවට විරුද්ධව නෙවෙයි මේ අරගලය ක්‍රියාත්මක වෙන්නේ. මේ ගොවි ජනතාව ප්‍රශ්න කරන්නේ ඇයි ඒ කටයුත්තට අපි වගා කරපු ඉඩම්ම ගන්නේ කියන කාරණය. මොකද මේ ත්‍රීකුණාමලේ දිස්ත්‍රික්කයේ ඕන තරම් ජනශූන්‍ය ඉඩම් තියනවා. එහෙම නම් ඇයි ආණ්ඩුව වගා ඉඩම්වලින් ගොවියෝ එළවලා ඒ ඉඩම් ටිකම සමාගම්වලට විකුණන්නේ? ඒකට හේතුව පැහැදිලියි.
ආණ්ඩුව මේ වෙලාවේ ව්‍යාපෘතියක ඉන්නවා ත්‍රීකුණාමලේ දිස්ත්‍රික්කය ඉන්දියානු ආර්ථික කලාපයක් සඳහා ලබා දෙන්න. ඒවට අදාළ ගිවිසුම් තමයි අර අප්‍රේල් පස්වෙනි දා මෝදි එක්ක හංගලා අත්සන් කළේ. දැන් ඒ ගිවිසුම්වල එකඟවුණු කරුණු තමයි මේ ටිකෙන් ටික ඉටු කරමින් යන්නේ. මුත්තු නගර් විතරක් නෙවෙයි සාම්පූර්, කින්නියා, වාං ඇළ වගේම ත්‍රීකුණාමල නගරයේත් ජනතාවගේ ඉඩම් මේ විදිහට පැහරගන්න ආණ්ඩුව සූදානම් වෙනවා. වාං ඇළ විතරක් අක්කර 7200ක් සමාගම්වලට දෙන්න එකඟවෙලා.
එකඟ විය නොහැකි සංවර්ධනය

මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාවාදී කියාගෙන. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තමයි ආණ්ඩුවේ තේමාව වුණේ. හැබැයි ඒ පොහොසත් රට හදන්න සූදානම් වෙන්නේ රටේ ජනතාව මහපාරට ඇදලා දාලා නම් අපිට ඒ සංවර්ධනයට එකඟ වෙන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ ජනතාවගේ ප්‍රශ්නයට මැදිහත් වීමක් වෙන්න ඕන. ආණ්ඩුව අරගල කරන අය මර්දනය කරලා හිරේ දාලා මේ ඉඩම් බලහත්කාරයෙන් පැහරගන්න හිතනව නම් අපි ආණ්ඩුවට කියනවා
පසුගිය ආණ්ඩුවලට ජනතාව උත්තර දුන්න විදිහ මතක් කරගන්න කියලා. අපි මේ අරගලය මෙතනින් හකුළගෙන ගෙදර යන්න සූදානම් නෑ. නිශ්චිතවම මේ ඉඩම් ගොවි ජනතාවට නැවත ලැබෙන්න ඕන. ඒ ලැබෙනකල් මේ සටන අඛණ්ඩව යනවා. හැබැයි ආණ්ඩුව මේ ප්‍රශ්නේ යටගහලා බේරෙන්න උත්සහ කළොත් මේ ගොවි ජනතාව එක්ක කොළඹට එන්නත් අපි පසුබට වෙන්නේ නෑ."
(සටහන - ජයසිරි අලවත්ත)




