මේ දක්වා සියලුම නැව්ගත කිරීම් වලින් ලද නියමිත ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කිරීමෙන් විදුලිබල උත්පාදනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවන සෘජු පාඩු තිබේ නම් ඒවා ඇස්තමේන්තු කරන ලෙසට යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයෙන් කරන ලද විමසුමට අනුව විදුලිබල මණ්ඩලය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පෙබරවාරි 19 දාතමින් යුතුව පිළිතුරු ලිපියක් යොමු කර තිබේ.
ඒ අනුව,
* පළමු නැව්ගත කිරීම යටතේ ලද ගල් අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවීමෙන් රුපියල් මිලියන 595.1ක ද,
* දෙවැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන 288.5ක ද,
* තෙවැනි නැව්ගත කිරීමෙන් 1047.4ක ද,
* සිව්වැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන 865ක ද,
* පස්වැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන 1144.2ක ද,
* සයවැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන1197.7ක ද,
* සත්වැනි නැව් ගත කිරීමෙන් රුපියල් මිලියන974.9ක ද
* අට වැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන 1559.3ක ද සෘජු අලාබයක් ලංකා විදුලිබල මණ්ඩලයට දැරීමට සිදුව ඇතැයි එම ලිපිය මගින් දැනුම් දී ඇත.
එමෙන්ම මෙම ගණනය කිරීමේදී සැපයුම්කරුගෙන් අයකරගත යුතු දඩය සම්බන්ධයෙන් සලකා බලා නොමැති බවද එම ලිපියේ සඳහන්ය.
ඒ අනුව මෙතෙක් ආනයනය කර ඇති බාල ගල් අඟුරු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ලබා ඇති සෘජු අලාබය රුපියල් මිලියන 7668.1 බව පෙනී යයි.
( lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)








