leader s

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හතරවන ජාතික සමුළුව "පන්තියට බලය - බලයට පක්ෂය" තේමාවෙන් මාර්තු 1වැනි ඉරිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.


පොදු සැසිය උදෑසන 10.00ට ආරම්භ වී පස්වරු 2.00 දක්වා පැවැත්වීමට නියමිත අතර සාමාජික සාමාජිකාවන්ට පමණක් සීමාවූ සැසිවාරය පස්වරුවේ පැවැත්වේ.

එහි ප්‍රධාන සමුළු දේශන පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහ පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් පවත්වනු ඇත.

ඉදිරි වසර පහක කාලය සඳහා නව මධ්‍යමකාරක සභාවක් තෝරා ගැනීම සහ දේශපාලන වැඩපිළිවෙළක් සම්මත කර ගැනීම එදින සිදුකෙරෙනු ඇත.

පක්ෂයේ බලය සඳහා උපායමාර්ගය ගැන කෘතියක්ද, ජාතික ගැටලුවට විසඳුම පිළිබඳ කෘතියක්ද එදින එළිදැක්වීමට නියමිතය.

විදෙස් රටවල් ගණනාවක වාමාංශික පක්ෂ සමුළුවට සුබපැතුම් එක් කිරීමට නියමිත අතර සමුළුවේදී සංස්කෘතික ප්‍රසංගයක්ද ඉදිරිපත් කෙරේ.

4 වන ජාතික සමුළුවේ වැදගත්කම

මෙම 4 වන ජාතික සමුළුව හේතු කිහිපයක් නිසා ලංකාවේ ජනතාවට වැදගත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහසයි.

ඒ සම්බන්ධයෙන් එම පක්ෂය විසින් නිකුත්කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.

පළමුවෙන්ම, 2022 ජනතා අරගලයෙන් පසුව පැරණි ධනපති දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් ජනතාව වෙනස් මගක් තෝරාගෙන ඇති බව පෙන්නුම් කරමින් සිටී.

දෙවනුව වැදගත් කාරණයක් වන්නේ, සිය මුල් පක්ෂයෙන් ඉවත්ව වෙනම දේශපාලන මගක් තෝරාගැනීමට පෙසප ආරම්භක සාමාජිකත්වයට බලකළ වූ කරුණු තවදුරටත් සනාථ කරමින් එම මුල් පක්ෂය වන ජවිපෙ ආණ්ඩු බලය හසුරුවමින් සිටීමයි.

තෙවනුව, වැදගත් කරුණ නම්, වෙනම දේශපාලන මාවතක් තෝරා ගැනීම සඳහා FLSP හි ආරම්භක සාමාජිකයින්ට ඉවත් වීමට සිදු වූ පැරණි දේශපාලන පක්ෂය වන JVP, රජයේ බලය අල්ලාගෙන සිටීමයි, එය ඉවත් වීමට හේතු තවදුරටත් සනාථ කරයි.

සිව්වෙනුව  වැදගත් කාරණයක් වන්නේ, මුල් පක්ෂය වන ජවිපෙන් ඉවත්ව වෙනම දේශපාලන මගක් තෝරාගැනීමට පෙසප ආරම්භක සාමාජිකත්වයට බලකලා වූ කරුණු තවදුරටත් සනාථ කරමින් ආණ්ඩු බලය හසුරුවමින් සිටීමයි.

එසේම, මෙවර පෙසප 4වන සමුලුවේදී මේ රටේ ජනතාව ජාතිකත්ව පදනමින් බෙදා වෙන් කරන ජාතිවාදී දේශපාලනයට එරෙහිව, ජාතික ප්‍රශ්නය විසඳීමේ උපායමාර්ගික සැලැස්මක් ජනතාව හමුවට ගෙන එනු ලැබීමයි.

පෙසප සමුලුවේ වඩාත් වැදගත් කාරණය වන්නේ, 2022 අරගලයේදී ජනතාව ඉල්ලා සිටි ක්‍රම වෙනස 2024 මැතිවරණවලින් ඉටු කරගැනීමට නොහැකි බව ඒත්තු ගනිමින් සිටින ලාංකීය පීඩිත ජනයාට නව වාමාංශික මාවතක් පෙන්නුම් කරමින් පෙසප සිය 4වන සමුළුවේදී උපායමාර්ගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමයි.

 

Sinhala 1

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්