The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් සතු කෝටි 42ක වත්කම් මොනවා ද?

T

The Leader Desk

September 24, 2025 • 4:29 AM

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් සතු කෝටි 42ක වත්කම් මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අංක 09 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති ආකාරයට ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ සාමාජිකයන්, තානාපතිවරුන් ඇතුළු උසස් නිල තල දරන පුද්ගලයන් මෙන් ම මහ බැංකු අධිපතිවරයා ද සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දිය යුතු ය.
  • මිලියන 55ක් වටිනා පර්චස් 42ක ඉඩම * ත්‍යාග ලෙස ලැබුණු රු.
  • මිලියන 29.3ක් වටිනා වර්ග මීටර් 78ක වාණිජ ගොඩනැගිල්ල * මිල දී ගත් රු.
  • ,000.00ක් වටිනා පර්චස් 20ක ඉඩම * මිල දී ගත් රු.
අකුරු ප්‍රමාණය (Font Size):


2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති ආකාරයට ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ සාමාජිකයන්, තානාපතිවරුන් ඇතුළු උසස් නිල තල දරන පුද්ගලයන් මෙන් ම මහ බැංකු අධිපතිවරයා ද සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දිය යුතු ය.

මේ, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.

01. නිශ්චල වත්කම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ නිශ්චල දේපළ සහ ඒවායේ වටිනාකම පහත පරිදි ය.

* ත්‍යාග ලෙස ලැබුණු රු. මිලියන 55ක් වටිනා පර්චස් 42ක ඉඩම

* ත්‍යාග ලෙස ලැබුණු රු. මිලියන 29.3ක් වටිනා වර්ග මීටර් 78ක වාණිජ ගොඩනැගිල්ල

* මිල දී ගත් රු. 250,000.00ක් වටිනා පර්චස් 20ක ඉඩම

* මිල දී ගත් රු. 200,000.00ක් වටිනා පර්චස් 10ක ඉඩම

* ඉදි කළ රු. මිලියන 3.17ක් වටිනා වර්ග අඩි 2,500ක නේවාසික ගොඩනැගිල්ල

* මිල දී ගත් රු. මිලියන 12ක් වටිනා පර්චස් 18ක ඉඩම

* මිල දී ගත් රු. මිලියන 25.79ක් වටිනා වර්ග අඩි 1,117 මහල් නිවාසය

* දේපළ මිලට ගැනීමේ ගිවිසුමකින් ලබා ගත් රු. මිලියන 19ක් වටිනා වර්ග අඩි 1,200ක මහල් නිවාසය

02. චංචල වත්කම්

මහ බැංකු අධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ චංචල දේපළ ලෙස දක්වා ඇත්තේ රන් ආභරණ සහ රථවාහන ය. ඒවායේ වටිනාකම පහත පරිදි ය.

* උරුමයෙන් හිමි වූ රු. 600,000.00ක් වටිනා රන් ආභරණ 5ක්

* මිල දී ගත් රු. මිලියන 4.8ක් වටිනා රන් ආභරණ 28ක්

* උරුමයෙන් හිමි වූ රු. මිලියන 1.1ක් වටිනා රන් ආභරණ 13ක්

* 2018 නිෂ්පාදිත රු. මිලියන 10ක් වටිනා මර්සිඩීස් මෝටර් රථයක්

* 2003 නිෂ්පාදිත රු. 650,000.00ක් වටිනා මෝටර් රථයක්

03. සුරැකුම්පත්

ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඔහුගේ පවුල සතුව පවතින සුරැකුම්පත් අතර භාණ්ඩාගාර බැඳුම්කර, කොටස් හිමිකරිත්වයන් සහ ස්ථිර තැන්පතු ඇතුළත් වේ.

* රු. මිලියන 19.4ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර

* රු. මිලියන 13.37ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර

* රු. මිලියන 8.11ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර

* රු. මිලියන 4.72ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර

* රු. 606,451.00ක් වටිනා කොටස් හිමිකාරීත්වය

* ඇ. ඩො. 580,908.00ක් වටිනා කොටස් හිමිකාරීත්වය

* රු. 3,403,711.00ක ස්ථිර තැන්පතුව

* රු. 3,403,711.00ක ස්ථිර තැන්පතුව

04. ආදායම්

මේ පසුගිය වසර තුළ ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඔහුගේ පවුලේ අය විසින් උපයාගනු ලැබූ මුදල් සහ ආදායම් මාර්ග පහත පරිදි වේ.

* රු. 11,088,279.95 - විශ්‍රාම වැටුප

* රු. 5,434,512.00 - වැටුප

* රු. 5,855,048.00 - පොළිය

* රු. 2,280,000.00 - කුලී ආදායම

* රු. 5,149,740.00 - පොළිය

* රු. 600,000.00 - විශ්‍රාම වැටුප

05. මූල්‍යමය වත්කම්

මහ බැංකු අධිපතිවරයාගේ මූල්‍යමය වත්කම් නිරීක්ෂණයේදී ඔහු සහ ඔහුගේ පවුල සතුව විදේශ මුදලින් ද වත්කම් ඇති බව පෙනී යයි.
එම වත්කම් පහත පරිදි ය.

* බැංකු ගිණුම්වල ඇති රු. 685,884.00ක මුදල්

* බැංකු ගිණුම්වල ඇති ඇ. ඩො. 110ක මුදල්

* බැංකු ගිණුම්වල ඇති ඕස්ට්‍රේලියානු ඩොලර් 16,730ක මුදල්

06. මුළු වත්කම් ප්‍රමාණය

ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් ශ්‍රී ලංකා රුපියල්, ඇමෙරිකානු ඩොලර් සහ ඔස්ට්‍රේලියානු ඩොලර්වලින් දක්වා ඇත.

ඒ අනුව ඔහු හා ඔහුගේ පවුල සතුව රු.245,979,337ක්, ඇ.ඩො. 581,018ක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 16,730ක වත්කම් තිබේ.

සැප්තැම්බර් 23 වන දිනට ඇමෙරිකානු ඩොලරයක අගය මත සැලකු විට ඔහුගේ එම මුදල් ඒකකයෙන් ඇති මුදල්වල වටිනකාම රු. 175,726,395.72ක් වේ.

එදිනට ම ඔස්ට්‍රේලියානු ඩොලරයක අගය මත මහබැංකු අධිපතිවරයාගේ එම මුදල් ඒකකයෙන් ඇති වත්කම්වල අගය රු. 3,345,338.53කි.

ඒ අනුව දළ වශයෙන් ඔහුගේ සහ ඔහුගේ පවුලේ වත්කම්වල එකතුව රු. මිලියන 425ක් එනම් රු. කෝටි 42.5ක් පමණ වේ.


(බීබීසී සිංහල සේවය)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...