එකී කාල පාදක නව ගාස්තු ක්‍රමය සඳහා රජයේ අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS – Battery Energy Storage System) සම්බන්ධ කර ඇති පියසි මත සවිකරන ලද සූර්ය බලාගාර (Rooftop Solar) හිමි විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ඒකකයක් ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් 45.80 ක මිලකට මිලදී ගනු ඇත.
මෙම යෝජනා ක්‍රමය රාත්‍රී විදුලි ඉල්ලුම වැඩි කාලය තුළ (සවස 6:30 සිට රාත්‍රී 10:30 දක්වා) බැටරි ගබඩා පද්ධතිවලින් මුදා හරින විදුලිය ඒකකයක් වෙනුවෙන් ක්‍රියාත්මක වේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම ගාස්තු යෝජනා ක්‍රමයහඳුන්වා දී තිබෙනුයේ දැනට Net Accounting, Net Plu, සහ Net Plus Plus යෝජනා ක්‍රම යටතේ ක්‍රියාත්මක වන වහල මත සවි කර ඇති සූර්ය පැනල (RTSP¹)පද්ධති සමඟ ඒකාබද්ධ කරන BESS සඳහා පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ට බලශක්ති ගබඩා තාක්ෂණය භාවිත කිරීමට දිරිගැන්වීම මෙම නව අයක්‍රමය හඳුන්වා දීමේ අරමුණ වී තිබේ.
මෙම ප්‍රවේශය ජාලක ස්ථායිතාව වැඩි දියුණු කරනවා පමණක් නොව, රට මිල අධික පොසිල ඉන්ධන මත පදනම් වූ විදුලිබල උත්පාදනය මත යැපීම සැලකිය යුතු ලෙස අඩු කරනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
(divaina | සිරිමන්ත රත්නසේකර)




