The Leader News
BREAKING
බාලි ඉන්ධන පෝලිම් ලිහිල් කිරීමට හමුදාව පොම්ප ක්‍රියාකරවයි●ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිගෙන් යුද හමුදාවේ ඉදිරි සැලසුම් ගැන පැසසුම්!●ඕස්ට්‍රේලියානු රැකියා ක්ෂේත්‍රයේ ගැබිනි මව්වරුන්ට එරෙහි වෙනස්කම් තවමත් ඉහළයි●ඉන්ධන බිල අමතක වූ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිගෙන් සමාව අයැදීමක්●ශාසනය සහ ජන බලය: පැරණි බලයේ අවතාර සහ ආණ්ඩුව මුහුණ දෙන දේශපාලන උගුල●අසර්බයිජාන ඉන්ධන පිවිසුම: ලංකාවට ආර්ථික වාසියක්ද, භූදේශපාලනික උගුලක්ද?●කාවන්තිස්ස ඇතාගේ මරණය: වනජීවී දෙපාර්තමේන්තුව ලණු කා පච වීම●රියදුරු බලපත්‍රයේ ලකුණු කැපෙන නව ක්‍රමය අප්‍රේල් සිට●වන අලි 784ක් බිලිගත් අර්බුදය සහ කාවන්තිස්ස ඛේදවාචකය●ඥානසාර හිමිට ජනපති සමාවක් නෑ: රජය ස්ථාවරය හෙළි කරයි●
Top Ad
පුවත්

ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිගෙන් යුද හමුදාවේ ඉදිරි සැලසුම් ගැන පැසසුම්!

Awara

Awara

October 21, 2026 • 5:13 PM

ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිගෙන් යුද හමුදාවේ ඉදිරි සැලසුම් ගැන පැසසුම්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගියදා යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
  • එහිදී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න විසින් අමාත්‍යවරයා පිළිගෙන ඇත.
  • සේවය ඇගයීම: අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් අමතමින් අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ සේවය ඇගයීමට ලක් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගියදා යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න විසින් අමාත්‍යවරයා පිළිගෙන ඇත.

ඉදිරි සැලසුම් විමසීම:

මෙම සංචාරය අතරතුරදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා යුද්ධ හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත ගොස්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වර්තමාන මෙහෙයුම් කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙන්ම, යුද්ධ හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද, කරුණු පැහැදිලි කිරීම් ලබා ගත්තේය.

සේවය ඇගයීම:

අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් අමතමින් අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ සේවය ඇගයීමට ලක් කළේය.

එමෙන්ම, යුද්ධ හමුදා මූලස්ථානයේ සේවය කරන සෙසු නිලයන් සහ සිවිල් සේවක සේවිකාවන් පිරිසක් ද, හමුවූ නියෝජ්‍ය අමාත්‍යවරයා, විවිධ ක්ෂේත්‍ර යටතේ සේවය කරන කාර්ය මණ්ඩලය සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ආයතනයේ ප්‍රගතිය සඳහා ඔවුන් ලබා දෙන දායකත්වය අගය කළේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...