The Leader News
BREAKING
පාඨලීගේ නඩුවේ සාක්ෂිකරුගේ ගුවන් වියදම ගැන ශිරාල්ගෙන් පැමිණිල්ලක්●රහල් බුලත්සිංහල දිවි සැරිය නිම කරයි●වස් කවි පරීක්ෂණ මතභේදය: දෙමටගොඩ පොලීසියෙන් ඉහළට ලිඛිත වාර්තාවක්●ඥානසාර හිමි අද අධිකරණයට නෑ: සත්‍යග්‍රහය අත්නොහරින ස්ථාවරයක●ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජාතික ගී පැටලැවිල්ල: නගෝයා පුරපතිගෙන් සමාව●මක්කම ගිය බංග්ලාදේශ තරුණ විවාහක යුවළගේ හිස් ගසා දැම්මේ ඇයි?●යෂ්ටියෙන් නැගිටින 79 හැවිරිදි ග්ලෙන් ක්ලෝස්ගේ සිනමා පිපාසය●අජන්ත සෙනෙවිරත්නගේ 'පරපුරක ජීවක' ප්‍රශස්තම බෞද්ධ නවකතාව වෙයි●ඩොලර් අර්බුදයෙන් මලාවිය අඩපණ වෙයි: තෙල් පෝලිම් නිවහන කරගත් රියදුරන්ගේ කතාව●බටහිර ඉවුරේ ඔලිව් අස්වැන්න ලෙයින් තෙත්වෙයි●
Top Ad
පුවත්

රහල් බුලත්සිංහල දිවි සැරිය නිම කරයි

Nethmini

Nethmini

October 23, 2026 • 9:42 AM

රහල් බුලත්සිංහල දිවි සැරිය නිම කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පියකු වන රහල් බුලත්සිංහල ඊයේ ( 22) අභාවප්‍රාප්ත විය.
  • අසනීප තත්වයෙන් සිටි හෙතෙම අභාවප්‍රාප්ත වී ඇත්තේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
  • මියයන විට හැත්තෑ තුන් වැනි වියේ පසුවූ බව පැවසේ.
  • ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත්තේ බන්ධනාගාර නිලධාරියෙකු ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පියකු වන රහල් බුලත්සිංහල ඊයේ (22) අභාවප්‍රාප්ත විය.

අසනීප තත්වයෙන් සිටි හෙතෙම අභාවප්‍රාප්ත වී ඇත්තේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මියයන විට හැත්තෑ තුන් වැනි වියේ පසුවූ බව පැවසේ.

රහල් බුලත්සිංහල, ටෙලිනාට්‍ය මෙන් ම වේදිකාවේ ද ආදරය සහ ජනප්‍රියත්වය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසිලා කෝට්ටගේ ගේ ආදරණීය ස්වාමිපුරුෂයා ය. හෙතෙම ක්ෂේත්‍රයේ වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටියේ 'ලොකු හාමුදුරුවෝ' යන නාමයෙනි; ඒ, ඔහු ටෙලි තිරයේ වඩාත් දක්නට ලැබුණේ බෞද්ධ භික්ෂු චරිතවලින් වන බැවිනි.

බන්ධනාගාර සේවයෙන් කලා ක්ෂේත්‍රයට

රහල් බුලත්සිංහල, සාම්ප්‍රදායික රංගන ගමන අභිභ වූ වෙනස් ම පසුබිමකින් කලාවට පිවිසි කලාකරුවෙකි. ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත්තේ බන්ධනාගාර නිලධාරියෙකු ලෙසිනි. විසිදෙවසරක් පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය සේවය කළ හෙතෙම පසුකාලීනව කලා ක්ෂේත්‍රයට පිවිස ඇත.

රහල්, වඩාත් ජනප්‍රියත්වයට සහ ප්‍රේක්ෂක ගෞරවයට පාත්‍ර වූයේ 2021 සහ 2022 වසරවල විකාශය වූ 'නාඩගම්කාරයෝ' ටෙලිනාට්‍යයේ 'ලොකු හාමුදුරුවන්' ලෙස කළ රංගනයෙනි. මෙම චරිතය වෙනුවෙන් හෙතෙම එදිනෙදා ජිවිතයේ දී ලබාගන්නා ආහාර පාන පවා වෙනස් කර ගනිමින් ඉතා ගැඹුරු කැපවීමක් කර ඇත. මීට පෙර රහල් අපට හමුවන්නේ 'කෝපි කඩේ' පොඩි මහත්තයා ලෙස ය. එමෙන් ම 'කොඩි ගහ යට' ටෙලිනාට්‍යයේ ඉදිරිපත්කළ රංගනය ද ඉතා දැඩි ලෙස ප්‍රේක්ෂක මතකයේ රැඳුණි.

සැබැවින් ම ගිහි දිවියට සමු දෙන්නට සූදානම්ව…

හෙතෙමසිය සිනමාගමනය අරඹන්නේ 1995 වසරේ තිරගත වූ 'රෝදයා'  සිනමා නිර්මාණයෙනි. අනතුරුව: පෙම් මල් මාලා (1997), ලෙෆ්ට් රයිට් සර් (2004), ක්වේ සෙරා (2014), සාම කුමරු කතාව (2019) සහ තේජා යනාදි සිනමා නිර්මාණ සඳහා සිය රංගන දායකත්වය ලබා දී ඇත. මෙම වසරේ (2026) නිර්මාණය වූ කෙටි සිනමා නිර්මාණයකට ද භික්ෂුවකගේ චරිතයට පණ පෙවිමට ද හෙතෙම සමත් වී ඇත; ඒ, 'ද එම්ප්ටි රෝබ්' නම් වූ කෙටි සිනමා නිර්මාණය යි.

රංගන ජීවිතය තුළ බෞද්ධ භික්ෂුව ගේ චරිතය සඳහා ප්‍රසිදධියක් උසුලා සිටි හෙතෙම එක් අවධියක දී ගිහි ගෙය කලකිරී සැබැවින් ම පැවිදි දිවියට ඇතුළත් වීමට සූදානම්ව සිට ඇති බව ද එකල දැනගන්නට ලැබිණි.

රංගන ශිල්පියකු වීමට පෙර ඔහු ගේ ජීවන වෘත්තිය වූ බන්ධනාගාර නිලධාරී කාල සිමාවේ අත්දැකීම් ද විවිධ නිර්මාණ තුලින් පිළිබිඹු කිරිමට හෙතෙම සමත් විය. ඒ අතර: නෙත් එෆ්.එම් රේඩියෝවේ 'මා බාල කාලේ', සියත රූපවාහිනියේ 'ආදරණීය ජීවිතය' සහ 'අසංග ලයිව්' යනාදි වැඩසටහන් ප්‍රමුඛස්ථානයක් උසුලයි.

රහල් බුල­ත්සිං­හල ගේ දේහය අද (23) පෙර­ව­රුවේ සිට කොළඹ පිහිටි පෞද්ග­ලික මල් ශාලා­වක තැන්පත් කිරී­මට නිය­මි­ත අතර අව­සන් කට­යුතු ලබන ඉරිදා (25) පස්ව­රුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරී­මට නිය­මි­ත ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රහල් බුලත්සිංහල දිවි සැරිය නිම කරයි | The Leader