The Leader News
BREAKING
මානව හිමිකම් කොමිසමට විශ්‍රාමික විනිසුරු මලල්ගොඩ ප්‍රධානත්වයෙන් නව නායකත්වයක්●තරුණ වියේදීම පිළිකා වැඩිවන්නේ ඇයි? ලක්ෂයක පරීක්ෂණයක්●මිලේනියල් සහ Gen Z සමඟ එජාපයට නව මුහුණුවරක්●සයිබර් වංචාවලදී නිදහසට කරුණු නොකියා බැංකු වන්දි ගෙවිය යුතුයි●රාජිතගේ 'අපේ ගෙදර ගිනිතියයිද' වර්ෂ පූර්ණ දැක්ම ඔක්තෝම්බර් 31●ඉන්දීය රුපියල රැකීමේ සටනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙසක්●පාකිස්තානය: මානව හිමිකම් නීතිඥ ඉමාන් මසාරිට දස වසරක සිරදඬුවමක්●ඕස්ට්‍රේලියාවේ පස් යට වැළලෙන ඩොලර් මිලියන 200ක රබර් නිධානය●‘ෆීනික්ස්’ රාජාලියා විශ්‍රාම යවන්නැයි ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමට බලකරයි!●ශරීර අවයව රක්ෂණය කළ ලොව සුපිරි ක්‍රීඩකයෝ...●
Top Ad
පුවත්

ඕස්ට්‍රේලියාවේ පස් යට වැළලෙන ඩොලර් මිලියන 200ක රබර් නිධානය

ලෝකය පුරා ස්වභාවික රබර් හිඟයක් හිස ඔසවද්දී, ඔස්ට්‍රේලියාවේ පතල් සමාගම් වසරකට ඩොලර් මිලියන 200ක් වටිනා යෝධ ටයර් රහසේම පස් යට වළලා දමන බවට පරිසර සහ කර්මාන්ත විමර්ශකයෝ අනතුරු අඟවති.

Pasan

Pasan

October 30, 2026 • 8:35 PM

ඕස්ට්‍රේලියාවේ පස් යට වැළලෙන ඩොලර් මිලියන 200ක රබර් නිධානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක වෙළෙඳපොළේ ස්වභාවික රබර් හිඟය තවදුරටත් වර්ධනය වෙමින් පවතින මොහොතක, පතල් කර්මාන්තයෙන් සිදුවන පෙර නොවූ විරූ සම්පත් විනාශයක් පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් තොරතුරු වාර්තා වේ.
  • පස් යට යන "ටොන් ලක්ෂයේ" රබර් නිධානය ඔස්ට්‍රේලියානු ටයර් ප්‍රතිචක්‍රීකරණ සංගමය (ATRA) නිකුත් කළ නවතම දත්ත වාර්තාවකට අනුව, වසරකට මෙවැනි යෝධ ටයර් ටොන් 100,000කට වැඩි ප්‍රමාණයක් පතල් පරිශ්‍ර තුළම වළලා දැමෙයි.
  • එක් ටයරයක් ටොන් 4ත් 6ත් අතර බරකින් යුක්ත වන අතර, මෙලෙස පස් යට සැඟවෙන ස්වභාවික රබර්වල වාර්ෂික වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 200කි.
  • සාමාන්‍ය මගී රථ වාහන ටයර්වලින් 96%ක්ම ප්‍රතිචක්‍රීකරණයට ලක්වෙද්දී, පතල් ක්ෂේත්‍රයේ යෝධ ටයර්වලින් නැවත ප්‍රයෝජනයට ගන්නේ 2%ක නොගිණිය හැකි ප්‍රමාණයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝක වෙළෙඳපොළේ ස්වභාවික රබර් හිඟය තවදුරටත් වර්ධනය වෙමින් පවතින මොහොතක, පතල් කර්මාන්තයෙන් සිදුවන පෙර නොවූ විරූ සම්පත් විනාශයක් පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් තොරතුරු වාර්තා වේ.

ඛනිජ සම්පත් ප්‍රවාහනය කරන යෝධ රථ සඳහා භාවිත කර ඉවතලන ටයර්, ප්‍රතිචක්‍රීකරණය කිරීම වෙනුවට පස් යට වළලා දැමීමට පතල් සමාගම් දීර්ඝ කාලයක සිට පෙළඹී සිටී.

පස් යට යන "ටොන් ලක්ෂයේ" රබර් නිධානය

ඔස්ට්‍රේලියානු ටයර් ප්‍රතිචක්‍රීකරණ සංගමය (ATRA) නිකුත් කළ නවතම දත්ත වාර්තාවකට අනුව, වසරකට මෙවැනි යෝධ ටයර් ටොන් 100,000කට වැඩි ප්‍රමාණයක් පතල් පරිශ්‍ර තුළම වළලා දැමෙයි.

එක් ටයරයක් ටොන් 4ත් 6ත් අතර බරකින් යුක්ත වන අතර, මෙලෙස පස් යට සැඟවෙන ස්වභාවික රබර්වල වාර්ෂික වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 200කි.

සාමාන්‍ය මගී රථ වාහන ටයර්වලින් 96%ක්ම ප්‍රතිචක්‍රීකරණයට ලක්වෙද්දී, පතල් ක්ෂේත්‍රයේ යෝධ ටයර්වලින් නැවත ප්‍රයෝජනයට ගන්නේ 2%ක නොගිණිය හැකි ප්‍රමාණයකි.

ගෝලීය හිඟය හමුවේ මතුවන තර්ජනය

ස්වභාවික රබර් නිෂ්පාදනය කරන රටවල සංගමයේ (ANRPC) දත්ත පෙන්වා දෙන්නේ, ඉදිරි වසර වන විට ලෝක වෙළෙඳපොළේ රබර් ටොන් 317,000ක හිඟයක් ඇතිවිය හැකි බවයි.

අග්නිදිග ආසියාව ඇතුළු නිවර්තන කලාපීය වතුකරයට බලපා ඇති අයහපත් කාලගුණය මෙන්ම ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අස්වැන්න ශීඝ්‍රයෙන් කඩා වැටෙමින් තිබේ.

අනෙක් අතට, වැඩි බරකින් යුත් විදුලි මෝටර් රථ (EV) නිෂ්පාදනය ඉහළ යාමත් සමඟ ටයර් ගෙවී යාම වේගවත් වී ඇති අතර, ඒ ඔස්සේ අමුද්‍රව්‍ය ඉල්ලුමද දෙගුණයකින් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු සාම්ප්‍රදායික රබර් නිෂ්පාදකයන්ට මෙය ඉහළ වෙළෙඳපොළ වටිනාකමක් නිර්මාණය කළද, මෙවැනි සම්පත් අපතේ යෑම සමස්ත කාර්මික දාමයටම එල්ල කරන්නේ දැඩි පීඩනයකි.

ආයෝජන තිබුණත් නීතිමය හිඩැස් තවම එහෙමමයි

මෙම අර්බුදයට පිළියම් ලෙස ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ඉදිකිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 20කට අධික මුදලක් ආයෝජනය කර තිබේ.

එහෙත්, බටහිර ඔස්ට්‍රේලියාවේ පිහිටි ප්‍රධාන ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක් පවා දැනට ක්‍රියාත්මක වන්නේ එහි සම්පූර්ණ ධාරිතාවෙන් 10%ක් තරම් ඉතා අවම මට්ටමකිනි.

ටයර් ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්‍රවාහනය කිරීමට යන පිරිවැය දැරීම මඟහරිමින්, ඒවා පතල් බිම් තුළම වළලා දැමීමට සමාගම්වලට පවතින නීතිමය අවසරය මෙම අර්බුදයේ මූලික ගැටලුව ලෙස හඳුනාගෙන තිබේ.

දුරබැහැර ප්‍රදේශවල සිට යෝධ ටයර් ප්‍රවාහනය කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා පවතින බව පතල් හා බලශක්ති මණ්ඩලය පවසන අතර, ඉදිරි වසර පහ තුළ මෙලෙස ටයර් වැළලීම නීතියෙන්ම තහනම් කළ යුතු බවට වන නිර්දේශ මාලාවක් මේ වන විටත් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇත.


ප්‍රධාන පුවත් වාර්තාවේ සබැඳිය :

ABC News - Recyclers say buried mining tyres going to waste amid global rubber shortfall

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...