The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

බබාලා 47ක් අම්මලා සමග කූඩු වෙලා !

T

The Leader Desk

September 30, 2025 • 9:05 AM

බබාලා 47ක් අම්මලා සමග කූඩු වෙලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම දරුවන් අතර පිරිමි දරුවෝ 20 දෙනෙක් සහ ගැහැණු දරුවෝ 27 දෙනෙක් සිටිති.
  • ජනවාරි මස 1 වැනිදා සිට ඉකුත් (27) දින දක්වා ගත වූ මාස 9 ට කාන්තාවෝ 1483 ක් බන්ධනාගාර ගත කර සිටිති.
  • එම කාන්තාවන් අතරින් 229 දෙනෙක් වරදකරුවන්වූ සිරකාරියෝ වෙති.
  • ඒ අතර අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 75 ක්, හෙරොයින් සම්බන්ධයෙන් 97 ක්, ගංජා සම්බන්ධයෙන් 8 දෙනෙක්, අබිං සම්බන්ධයෙන් එක් කාන්තාවක් සහ වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 3 දෙනක් වෙති.
අකුරු ප්‍රමාණය (Font Size):


එම දරුවන් අතර පිරිමි දරුවෝ 20 දෙනෙක් සහ ගැහැණු දරුවෝ 27 දෙනෙක් සිටිති.

ජනවාරි මස 1 වැනිදා සිට ඉකුත් (27) දින දක්වා ගත වූ මාස 9 ට කාන්තාවෝ 1483 ක් බන්ධනාගාර ගත කර සිටිති.

එම කාන්තාවන් අතරින් 229 දෙනෙක් වරදකරුවන්වූ සිරකාරියෝ වෙති.

ජනවාරි මස 1 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා ගතවූ මාස 7 ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිර දඩුවම් ලද කාන්තාවෝ සංඛ්‍යාව 184 දෙනෙකි.

ඒ අතර අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 75 ක්, හෙරොයින් සම්බන්ධයෙන් 97 ක්, ගංජා සම්බන්ධයෙන් 8 දෙනෙක්, අබිං සම්බන්ධයෙන් එක් කාන්තාවක් සහ වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 3 දෙනක් වෙති.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ බන්ධනාගාර මූලස්ථානයෙන් කළ ඉල්ලීමකින් පසුව මෙම තොරතුරු අනාවරණය විය.

 

පසුගිය වසරේ විවිධ වැරැදි සම්බන්ධයෙන් සිරගත කර සිටි කාන්තාවන් සංඛ්‍යාව 885 ක් වන අතර ඉන් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් කාන්තාවෝ 369 ක් බන්ධනාගාර ගත කරනු ලැබ සිටියහ.

 

ඔවුන් අතරින් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 138 ක්, හෙරොයින් සම්බන්ධයෙන් 199 ක්, ගංජා සම්බන්ධයෙන් 17 දෙනෙක්, වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 14 දෙනෙක් ද වූහ.

ඉකුත් වසරේ විවිධ වැරැදි සම්බන්ධයෙන් විවාහක කාන්තාවන් 655 ක් බන්ධනාගාර ගත කර තිබූ අතර ඉන් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් විවාහක කාන්තාවෝ 278 ක් සිරගත කරනු ලැබ සිටියහ.

ඊට අමතරව අවිවාහක කාන්තාවන් 98 දෙනෙකු ඉකුත් වසරේ බන්ධනාගාර ගත කර තිබූ අතර ඉන් 65 දෙනෙක් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිර දඩුවම් ලැබූවෝ වූහ.

 

කෙසේ වෙතත් ඉකුත් වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව එක් සිරකරුවකු සදහා රජය දිනකට ආසන්න වශයෙන් රුපියල් 1,411 ක් වියදම් දරන අතර එක් සිරකරුවකු වෙනුවෙන් වසරකට ආසන්න වශයෙන් රුපියල් 516,352 ක මුදලක් වැය කරන බවද අනාවරණය වී ඇත.

 

එක් සිරකරුවකුගේ දිනක ආහාර වේල වෙනුවෙන් රුපියල් 697 ක මුදලක් ද, වසරක් සදහා රුපියල් 255,174 ක මුදලක් ද ඉකුත් වසරේ රජය වැයකර ඇති බවද සදහන්වේ.

බන්ධනාගාර මූලස්ථානයෙන් ලබාගත් තොරතුරුවලට අනුව මෙරට වැඩිම ජන සංඛ්‍යාවක් අදහන ආගමට අයත් පුද්ගලයන් 18,179 ක් ඉකුත් වසරේ මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිරගත කරනු ලැබ සිටිති.

(lankadeepa | ගයාන් සූරියආරච්චි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...