The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ලංකාවේ මාළු අස්වැන්න බලෙන් නෙලාගත් ඉන්දියාවේ 47ක් අල්ලයි

T

The Leader Desk

October 9, 2025 • 4:09 PM

ලංකාවේ මාළු අස්වැන්න බලෙන් නෙලාගත් ඉන්දියාවේ 47ක් අල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන්නාරම උතුර සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් හතලිස් හත් දෙනෙකු (47) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මන්නාරම උතුර සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් හතලිස් හත් දෙනෙකු (47) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නිතී විරෝධි ධිවර කටයුතු වැලැක්විම සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම සඳහා නීති විරෝධි ධිවර කටයුතු මඟින් සිදුවන අහිතකර බැලපෑම හඳුනා ගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එම නිති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම වෙනුවෙන් නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධති ආරක්‍ෂා කිරීම සහ ධීවර ප්‍රජාවගේ ආර්ථික සුරක්‍ෂිතතාවය හා සුභසිද්ධිය වෙනුවෙන් වන සාමූහික හා ශක්තිමත් ප්‍රවේශය මෙන්ම ස්ථිර කැපවීමද අවධාරණය කෙරේ.

ඒ අනුව, 2025 ඔක්තෝබර් මස 08 වැනි දින සහ අද (2025 ඔක්තෝබර් 09) අළුයම් කාලයේ, මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට  ඔබ්බෙන්වූ දේශීය ජල තීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු මැද සහ උතුරු නාවික විධාන මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයන්ට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා සහ වේග ප්‍රහාරක  යාත්‍රා යොදවා සිදු කෙරිණි.

එහිදී, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කළ අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රා පහ (05) සමඟ ඉන්දීය ධීවරයින් හතලිස් හත් දෙනෙකු (47)  මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


මෙම මෙහෙයුම් මඟින් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර (04) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් තිස්දෙනා (30) ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙතත්, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට ගත ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දහහත්දෙනා (17) ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

cgjrtyu45

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාවේ මාළු අස්වැන්න බලෙන් නෙලාගත් ඉන්දියාවේ 47ක් අල්ලයි | The Leader