The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර මිලදී ගැනීමේ දෙවන අදියර ඉබි ගමනේ - රෝහල් 5ක පිලිකා රෝගීන් අසරණයි

T

The Leader Desk

September 16, 2025 • 4:29 PM

විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර මිලදී ගැනීමේ දෙවන අදියර ඉබි ගමනේ - රෝහල් 5ක පිලිකා රෝගීන් අසරණයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිලිකා රෝගීන් තවදුරටත් අපහසුතාවයට පත්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
  • මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් සහ සෞඛ්‍ය ඇමතිතුමන්ගෙන් ඉල්ලා සිටිමින් එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.
  • පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 5ක් මෙම දෙවන අදියර යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
  • ඒ යටතේ අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, හම්බන්තොට, රත්නපුර යන රෝහල් වෙත නවීන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ලබාදීමට සැලසුම් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පිලිකා රෝගීන් තවදුරටත් අපහසුතාවයට පත්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් සහ සෞඛ්‍ය ඇමතිතුමන්ගෙන් ඉල්ලා සිටිමින් එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එබව  සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 5ක් මෙම දෙවන අදියර යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඒ යටතේ අනුරාධපුර,  බදුල්ල, කුරුණෑගල, හම්බන්තොට, රත්නපුර යන රෝහල් වෙත නවීන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ලබාදීමට සැලසුම් කර ඇත.

මෙම දෙවන අදියර යටතේ  2013 වර්ෂයේ දී මෙම යන්ත්‍ර පහ මිලදී ගැනීමට සැලසුම් කළ ද පැවති රජයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතිවූ ගැටලු හේතුවෙන් එම මිලදී ගැනීම 2024 වර්ෂය වනතුරුත් සිදුකර ගත නොහැකි විය.

නමුත් නව රජය පත්වීමෙන් අනතුරුව ජනාධිපතිගේ සහ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මැදිහත්වීම මත 2025 ජනවාරි මාසයේ දී කැබිනට් අනුමැතිය ලබා දී ම සිදු කර ඇත. මේ සඳහා රජය වැය කිරීමට වෙන්කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10 කට ආසන්න වෙයි.

ඉදිරි මාස කීපය තුළ දී විකිරණ ප්‍රතිකාර නවතා දමයි ද...?

ජනවාරි මාසයේදී රජය විසින් කැබිනට් අනුමැතිය ලබාදී මිලදී ගැනීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දුන්න ද මේ වනතෙක් එම ණයවර ලිපි විවෘත කිරීම සිදුකළ නොහැකි වී ඇත්තේ මෙම යන්ත්‍රවලට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය නොලැබීමෙන් බව වාර්තා වී ඇත.

දැනට කොබොල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර පමණක් පවතින අනුරාධපුර සහ බදුල්ල රෝහල් වල විකිරණ ප්‍රභව ක්ෂය වීම හේතුවෙන් ඉදිරි මාස කීපය තුළ දී විකිරණ ප්‍රතිකාර නවතා දැමීමට සිදුවන අතර මෙම යන්ත්‍ර මිලදී ගැනීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් එම රෝහල් දෙකෙහි රෝගීන් දැඩි අපහසුතාවට ලක්වනු ඇත.

එසේම පිළිකා රෝගීන්ට කඩිනමින් ප්‍රමාදයකින් තොරව විකිරණ ප්‍රතිකාර සිදුකිරීමේ  සඳහා මෙම යන්ත්‍ර මිලදී ගැනීමට සැලසුම් කර ඇතත් තවමත් එම කටයුතු සිදු නොවීම බරපතළ තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකි ය.

මුදල් වෙන් කළ ද ප්‍රතිඵල ලැබී නැහැ

කැබිනට් අනුමැතිය ලැබී මාස 8ක් ගතවී ඇතත් අදාළ ආයතන මගින් ලබා දිය යුතු අනුමැතිය ප්‍රමාද කිරීම හෝ අදාළ බලධාරීන්ගේ ප්‍රමාද රෝගීන්ගේ ප්‍රතිකාර සේවා අඩාල කිරීමට සහ ප්‍රමාද කිරීමට මේ වන විට හේතු වී ඇත.

 රජය විශාල මුදල් ප්‍රමාණයක් පිළිකා ප්‍රතිකාර සඳහා වෙන් කර තිබුණ ද එහි ප්‍රතිඵල රටේ ජනතාවට භුක්ති විඳීමට නොහැකි වන්නේ මෙවැනි රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙනි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...