The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

විජයදාස රාජපක්ෂට කෝටි 50ක වන්දියක් ගෙවන්නැයි ලේක්හවුසියට නියෝග

T

The Leader Desk

October 14, 2025 • 7:27 PM

 විජයදාස රාජපක්ෂට කෝටි 50ක වන්දියක් ගෙවන්නැයි ලේක්හවුසියට නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රේෂ්ඨාධිකරණය, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට (ලේක්හවුස්) ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවීමට නියම කළ කොළඹ දිසා අධිකරණ නියෝගය අද (14) තහවුරු කළේය.
  • ඒ අනුව ලේක් හවුස් ආයතනයට හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත රුපියල් මිලියන 500ක් හෙවත් කෝටි 50ක මුදලක් වන්දි ලෙස ගෙවීමට තීන්දු වී තිබේ.
  • නඩුවට අදාල නිමිත්ත වාර්තා වන්නේ 2007 වසරේ දී ය.
  • එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි විජේදාස රාජපක්ෂ 2007 වසරේ නොවැම්බර් මස ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට මාරු වුනේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රේෂ්ඨාධිකරණය, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට (ලේක්හවුස්)  ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවීමට නියම කළ කොළඹ දිසා අධිකරණ නියෝගය අද (14) තහවුරු කළේය.

ඒ අනුව ලේක් හවුස් ආයතනයට හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත රුපියල් මිලියන 500ක් හෙවත් කෝටි 50ක මුදලක් වන්දි ලෙස ගෙවීමට තීන්දු වී තිබේ.


නඩුවට අදාල නිමිත්ත වාර්තා වන්නේ 2007 වසරේ දී ය.  එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි විජේදාස රාජපක්ෂ  2007 වසරේ නොවැම්බර් මස ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට මාරු වුනේය. ඉන් පසු සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) මගින් මුද්‍රණය කොට බෙදා හරින ලද සිළුමිණ පුවත්පතේ පිටු දෙකක් පුරාවට ඔහු සම්බන්ධව ලිපියක්  පළ කර තිබිණි.


එම ලිපිය ද්වේශසහගත සහ අපහාසාත්මක ප්‍රකාශවලින් සමන්විත සාවද්‍ය ලියැවිල්ලක් බවත්, ඉන් තමන්ට සිදුවු අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් ගෙවිය යුතු බවටත් අයැද එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමටත් එවකට සිළුමිණ පුවත්පතේ කර්තෘවරයා වූ කරුණාදාස සූරියආරච්චිටත් එරෙහිව විජේදාස රාජපක්ෂ  2009 වසරේ දී කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළේය.

නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය පැමිණිළිකරු අයැද සිටි අලාහ මුදල ගෙවන ලෙසට 2013 ජුලි මස 05 වන දින දී තීන්දු කළේය.

එකී තීන්දුවට එරෙහිව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අධිකරණය විසින් එම අභියාචනය 2019 මැයි මස 30 වන දින දී නිශ්ප්‍රභා කරන ලදී.


අනතුරුව එකී තීන්දුවට එරෙහිව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවේය. එම අභියාචනය පිළිබඳව දීර්ඝ විමර්ශනයකින් පසුව අද දින එනම් 2025 ඔක්තෝබර් මස 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද එකී අභියාචනය නිෂ්ප්‍රභා කළේය.


කොළඹ දිසා අධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි!

ඒ අනුව කොළඹ දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂට රුපියල් මිලියන 500ක මුදලක් ගෙවන ලෙසට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට එරෙහිව ඇතුළත් කරන ලද තීන්දුව අද බලාත්මක වුනේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ සෝහිත රාජකරුණා ඉදිරියේදී එම අභියාචනය විභාගයට ගන්නා ලද අතර පැමිණිලිකාර විජයදාස රාජපක්ෂ  වෙනුවෙන් ජ්‍යෙෂඨ උපදේශන නීතීඥ ජී. ජී. අරුල් ප්‍රගාසම් ගේ උපදෙස් මත නීතීඥ සජාන ද සොයිසා, රන්ධිවරී අරන්ගල සමඟ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා පෙනී සිටියේය.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ පයිස් මුස්තාපා  ය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...