1200 x 80 DMirror
 
 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඊයේ රාත්‍රීයේ ඇතිවූ හදිසි හෘදයාබාධයක්

හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

මෙසේ හදිසි රෝගබාධයට ලක් වී ඇත්තේ, මහර බණ්ධනාගාරයේ රඳවා සිටියදී කෝවිඩ් 19 ආසාධනයට ලක් වූ ශානි අබේසේකර වහාම පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයට මාරුකර යැවීමෙන් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් වැලිකන්ද රෝහලේ ඒ මහතාට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අවම බැවින් වහාම කොළඹට ට්‍රාන්ස්වර් කර යවන ලෙස වෛද්‍යවරු පවසා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව දැනගත් වහාම ශානි අබේසේකර මහතාට සෙත් පතා ආගමික පිංකම් රැසක් අද ඒ් මහතාගේ නිවසේ සිදුකරන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මේ සම්බන්ධයෙන් කරුණු ආනාවරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශානි අබේසේකර මහතාගේ ජීවිතය බරපතළ අර්බුදයකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි අද (27) පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
 
ඒ මහතාට කොරෝනා ආසාදනය වී ඇති බවත්, ඔහුට වෙනත් සෞඛ්‍යමය ප්‍රශ්න රැසක් ඇති තත්ත්වයක් පැවසු විපක්ෂනායක වරයා, ඔහුව ඈත ප්‍රදේශයක රදවා තැබීම දැඩි අවදානමක් බවත් කියා සිටියේය.
 
එක් අතකින් බරපතල ජීවිත තර්ජන ඔහුට ඇති බව පැවසූ විපක්ෂ නායකයා වැඩිදුරටත් පවසා සිටියේ, වහාම ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට ආණ්ඩුව වගබලාගත යුතු බවයි.
 
එබැවින් ශානි අබේසේකරගේ ආරක්ෂාව සහතික කොට කොළඹ අයි.ඩී.එච් රෝහලට ගෙන්වා ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

 

 
සබැඳි පුවත් :
 
 
 
 
 

nalan mendis

subscribeYT

subscribeYT

නවතම පුවත්