The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

මුස්ලිම්වරුන් දැඩි තිරණයක : මියගිය ඥාතීන්ගේ දේහයන් බාර ගැනීම ප්‍රතික්ෂේප කරයි !

T

The Leader Desk

November 29, 2020 • 8:21 AM

  මුස්ලිම්වරුන් දැඩි තිරණයක : මියගිය ඥාතීන්ගේ දේහයන් බාර ගැනීම ප්‍රතික්ෂේප කරයි !      

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දින කිහිපයේ කටයුතු කර තිබේ.
  • එම සිරුරු ආදාහනය කිරීම සඳහා මිනී පෙට්ටිවලට මුදල් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය කළ ඉල්ලීම ද ඔවුන් විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
  • මේ අතරතුර රජයේ තීරණය සමග දේශපාලනිකව එකඟතාවෙන් කටයුතු කරන මුස්ලිම් ආගමික කණ්ඩායමක් එසේ මියයන මුස්ලිම්වරුන් ආදාහනය කිරීමට අවශ්‍ය පෙට්ටි සහ මුදල් ලබාදීමට IDH රෝහලේ අධ්‍යක්ෂකවරයාට එකඟත්වය පල කර ඇති නමුත්, අදාළ ඥාතී පාර්ශ්වයන් විසින් එම ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
  • කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ දේහයන් ආදාහනය කිරීම සඳහා රජයෙන් ඉල්ලා සිටින මිනිපෙට්ටි ලබා දීම හෝ මුදල් ලබා දී අළු ලබා ගැනීම ඉස්ලාම් ආගමේ චාරිත්‍රයක් නොවන බැවින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට මුස්ලිම් සමාජය විසින් මේවනවිට නිල නොවන මට්ටමින් තීරණය කොට ඇතැයි වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
දින කිහිපයේ කටයුතු කර තිබේ.
 
එම සිරුරු ආදාහනය කිරීම සඳහා මිනී පෙට්ටිවලට මුදල් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය කළ ඉල්ලීම ද ඔවුන් විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
 
නොවැම්බර් 28 වන දින මාලිගාවත්ත ප්‍රදේශයේ එක් රෝගියෙක් සහ කොළඹ 02 ප්‍රදේශයේ රෝගීන් දෙදෙනෙක්  කොරෝනා ආසාදනයෙන් මියයෑම පිළිබඳ බලධාරීන් විසින් දැනුම් දුන් පසු එම දේහයන් ආදාහනය කිරීම සඳහා මුදල්  ලබා නොදෙන බවටත් තමන්ට අළු අවශ්‍ය නැතැයි කියමින්, එම දේහයන් භූමදානය කිරීමට  නොදෙන්නේ නම් රජයට අවශ්‍ය දෙයක් කරන්නැයි කියා එම ඥාති පිරිස රෝහලෙන් පිටව ගොස් තිබේ.
 
එම පිරිසගෙන් එකඟත්වය සඳහා බලහත්කාරයෙන් අත්සන් තබා ගැනීමට පොලිසිය උත්සාහ කළ ද ඒ කිසිවකට හෝ එකඟනොවී තම ආගමික ස්ථාවරය පැහැදිලි කොට ඔවුන් රෝහල් පරිශ්‍රය නික්ම ගොස් තිබේ.
 
මේ අතරතුර රජයේ තීරණය සමග දේශපාලනිකව එකඟතාවෙන් කටයුතු කරන මුස්ලිම් ආගමික කණ්ඩායමක් එසේ මියයන මුස්ලිම්වරුන් ආදාහනය කිරීමට අවශ්‍ය පෙට්ටි සහ මුදල් ලබාදීමට IDH රෝහලේ අධ්‍යක්ෂකවරයාට එකඟත්වය පල කර ඇති නමුත්, අදාළ ඥාතී පාර්ශ්වයන් විසින් එම ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
 
කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ දේහයන් ආදාහනය කිරීම සඳහා රජයෙන් ඉල්ලා සිටින මිනිපෙට්ටි ලබා දීම හෝ  මුදල් ලබා දී අළු ලබා ගැනීම ඉස්ලාම් ආගමේ චාරිත්‍රයක් නොවන බැවින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට මුස්ලිම් සමාජය විසින් මේවනවිට නිල නොවන මට්ටමින් තීරණය කොට ඇතැයි වාර්තා වේ.
 
 
අධිකරණ ඇමැතිත් අසරණයි !
කොවිඩ් 19 ආදනයෙන් මියයන මුස්ලිම්වරුන් භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් යළිත් වරක් මුස්ලිම් සමාජයෙන් බරපතල විරෝධයක් එල්ලවෙමින් තිබේ.
 
මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති අධිකරණ ඇමති අලි සබ්රි පවසන්නේ, කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක් බවයි.
 
භූගත ජල මට්ටම ඉහළ රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහයන් භූමදානය ඉඩ දී ඇති බව තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇමතිවරයා පෙන්වා දෙයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවත් එක්සත් ජාතික සංවිධානය එය සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් ඔහුගේ සටහනේ දැක්වේ.
 
alisabry ldf

සබැඳි පුවත් :

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...