කොරෝනා රෝගයෙන් මිය යන අයගේ දේහයන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින්, මිය ගිය තම ඥාතීන්ගේ දේහයන් බාර නොගැනීමට මුස්ලිම් පවුල් කිහිපයක්ම පසුගිය
දින කිහිපයේ කටයුතු කර තිබේ.
එම සිරුරු ආදාහනය කිරීම සඳහා මිනී පෙට්ටිවලට මුදල් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය කළ ඉල්ලීම ද ඔවුන් විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
නොවැම්බර් 28 වන දින මාලිගාවත්ත ප්‍රදේශයේ එක් රෝගියෙක් සහ කොළඹ 02 ප්‍රදේශයේ රෝගීන් දෙදෙනෙක් කොරෝනා ආසාදනයෙන් මියයෑම පිළිබඳ බලධාරීන් විසින් දැනුම් දුන් පසු එම දේහයන් ආදාහනය කිරීම සඳහා මුදල් ලබා නොදෙන බවටත් තමන්ට අළු අවශ්‍ය නැතැයි කියමින්, එම දේහයන් භූමදානය කිරීමට නොදෙන්නේ නම් රජයට අවශ්‍ය දෙයක් කරන්නැයි කියා එම ඥාති පිරිස රෝහලෙන් පිටව ගොස් තිබේ.
එම පිරිසගෙන් එකඟත්වය සඳහා බලහත්කාරයෙන් අත්සන් තබා ගැනීමට පොලිසිය උත්සාහ කළ ද ඒ කිසිවකට හෝ එකඟනොවී තම ආගමික ස්ථාවරය පැහැදිලි කොට ඔවුන් රෝහල් පරිශ්‍රය නික්ම ගොස් තිබේ.
මේ අතරතුර රජයේ තීරණය සමග දේශපාලනිකව එකඟතාවෙන් කටයුතු කරන මුස්ලිම් ආගමික කණ්ඩායමක් එසේ මියයන මුස්ලිම්වරුන් ආදාහනය කිරීමට අවශ්‍ය පෙට්ටි සහ මුදල් ලබාදීමට IDH රෝහලේ අධ්‍යක්ෂකවරයාට එකඟත්වය පල කර ඇති නමුත්, අදාළ ඥාතී පාර්ශ්වයන් විසින් එම ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ දේහයන් ආදාහනය කිරීම සඳහා රජයෙන් ඉල්ලා සිටින මිනිපෙට්ටි ලබා දීම හෝ මුදල් ලබා දී අළු ලබා ගැනීම ඉස්ලාම් ආගමේ චාරිත්‍රයක් නොවන බැවින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට මුස්ලිම් සමාජය විසින් මේවනවිට නිල නොවන මට්ටමින් තීරණය කොට ඇතැයි වාර්තා වේ.
අධිකරණ ඇමැතිත් අසරණයි !
කොවිඩ් 19 ආදනයෙන් මියයන මුස්ලිම්වරුන් භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් යළිත් වරක් මුස්ලිම් සමාජයෙන් බරපතල විරෝධයක් එල්ලවෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති අධිකරණ ඇමති අලි සබ්රි පවසන්නේ, කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක් බවයි.
භූගත ජල මට්ටම ඉහළ රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහයන් භූමදානය ඉඩ දී ඇති බව තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇමතිවරයා පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවත් එක්සත් ජාතික සංවිධානය එය සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් ඔහුගේ සටහනේ දැක්වේ.
සබැඳි පුවත් :