The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'ලබන වසරේ සියයට 6 ආර්ථික වර්ධනයක්' - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

T

The Leader Desk

September 17, 2025 • 8:22 AM

'ලබන වසරේ සියයට 6 ආර්ථික වර්ධනයක්' - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ඉලක්කයෙන් කොටසක් රජයේ ප්‍රාග්ධන වියදම් හරහා සපුරා ගැනීමට බලාපොරොත්තු වන බවත් අයවැය සම්මත කර ගැනීමට ප්‍රමාදවීම මෙම වසරේ ආර්ථික වර්ධනයේ ප්‍රගතියට බලපානු ඇති බවත් අමාත්‍යවරයා පැවැසුවේය.
  • නිදහසින් පසුව මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එමින් පවතින මෙම අවස්ථාවේ ආයෝජකයන් සහ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු සහගතව සිටිය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
  • ශ්‍රී ලංකාව පසුගිය වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙන නමුත් අයවැය සම්මත කර ගැනීමට ප්‍රමාදවීම හේතුවෙන් රජයේ වියදම් මන්දගාමී වූ බැවින් මෙම වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 4ත් 4.5ත් අතර ප්‍රතිශතයකට පහළ යනු ඇතැයි අමාත්‍යවරයා කීය.
  • ලබන වසරේදී ශ්‍රී ලංකාවට සියයට 5ත් 6ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා එම ප්‍රතිශතය ඉලක්කය කර ගනු ඇති බවත් ඔහු පැවැසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම ඉලක්කයෙන් කොටසක් රජයේ ප්‍රාග්ධන වියදම් හරහා සපුරා ගැනීමට බලාපොරොත්තු වන බවත් අයවැය සම්මත කර ගැනීමට ප්‍රමාදවීම මෙම වසරේ ආර්ථික වර්ධනයේ ප්‍රගතියට බලපානු ඇති බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

නිදහසින් පසුව මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එමින් පවතින මෙම අවස්ථාවේ ආයෝජකයන් සහ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු සහගතව සිටිය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පසුගිය වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙන නමුත් අයවැය සම්මත කර ගැනීමට ප්‍රමාදවීම හේතුවෙන් රජයේ වියදම් මන්දගාමී වූ බැවින් මෙම වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 4ත් 4.5ත් අතර ප්‍රතිශතයකට පහළ යනු ඇතැයි අමාත්‍යවරයා කීය.

ලබන වසරේදී ශ්‍රී ලංකාවට සියයට 5ත් 6ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා එම ප්‍රතිශතය ඉලක්කය කර ගනු ඇති බවත් ඔහු පැවැසුවේය.

වසර පහකට පසුව සංවර්ධනය වෙමින් පවතින රටවල් පවත්වාගෙන යන ආර්ථික වර්ධනය ශ්‍රී ලංකාවද පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් එම ප්‍රතිශතය සියයට 6ත් 7ත් අතර වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ලබන වසරේදී රජය සිය ප්‍රාග්ධන වියදම සියයට 8 කින් රුපියල් ට්‍රිලියන 1.4 දක්වා වැඩි කිරීමට බලාපාරොත්තු වන බවද ඇමතිවරයා පැවැසුවේය.

( lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)

සබැඳි පුවත් :

2025 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.9 ක වර්ධනයක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...