The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අද ඇරඹේ ; ශ්‍රී ලංකා රජය පිළිතුරු සපයයි

T

The Leader Desk

September 8, 2025 • 3:35 AM

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අද ඇරඹේ ; ශ්‍රී ලංකා රජය පිළිතුරු සපයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැසිවාරය අද සිට ලබන ඔක්තෝබර් 08 වන දින දක්වා පැවැත්වීම නියමිතය.
  • මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතව තිබේ.
  • සංචාරය තුළදී අමාත්‍යවරයා ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රකයින් කිහිපදෙනෙකු සමඟ ජිනීවා නුවරදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.
  • මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය ශ්‍රි ලංකාවට ඉතාමත් වැදගත් එකක් වනු ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් හිටපු කොමසාරිස්වරයෙකු වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා පැවසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සැසිවාරය අද සිට ලබන ඔක්තෝබර් 08 වන දින දක්වා පැවැත්වීම නියමිතය.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතව තිබේ.

සංචාරය තුළදී අමාත්‍යවරයා ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රකයින් කිහිපදෙනෙකු සමඟ ජිනීවා නුවරදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Turk) හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ හමුවක් ද එහිදී පැවැත්වීමට නියමිතය.


60 වන සැසි වාරය ශ්‍රි ලංකාවට ඉතාමත් වැදගත් එකක්....


මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය ශ්‍රි ලංකාවට ඉතාමත් වැදගත් එකක් වනු ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් හිටපු කොමසාරිස්වරයෙකු වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා පැවසුවේය.

මෙම සැසිවාරයේ දී මෙරටට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් වන කෙටුම්පතක් මසකට පමණ පෙර විදේශ කටයුතු අමාත්‍යංශය වෙත භාර දී ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්, ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරයෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුරු මානව හිමිකම් කවුන්සලය වෙත භාර දී ඇත.

මතු පළ වන්නේ රජයේ එම නිල පිළිතුර ය.

බාහිර මැදිහත් වීම්, ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රයත්නයන්ට බාධාවක් ලෙස සහ ජනගහනය ධ්‍රැවීකරණය කිරීමට පමණක් හේතු වන බව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරයි. එබැවින් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිගමන සහ නිර්දේශ සමඟ ශ්‍රී ලංකා රජය එකඟ නොවේ.

ජාතිය, ආගම, පන්තිය සහ කුලය මත පදනම් වූ කිසිදු බෙදීමක් හෝ වෙනස්කම් කිරීමකින් තොරව ස්වකීය ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ එය භුක්ති විඳින  රටක් කරා කටයුතු කිරීමට රජයට ජනවරමක් ලැබී ඇති අතර ඒ සඳහා දැඩි ලෙස හා අවංකව රජය කැපවී සිටී. ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හෝ අන්තවාදය නැවත ඇතිවීමට ඉඩ නොදීම රජයේ පරම අධිෂ්ඨානයක් සේ සලකා කටයුතු කරයි.

එනයින් ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාන්විතයක් තුළින් ඉදිරියට යන බැවින්, ජාත්‍යන්තර ප්‍රජාවේ අවබෝධය, දිරිගැන්වීම සහ සහයෝගය සාදරයෙන් පිළිගනිමින් අගය කරමු. (රජයේ සම්පූර්ණ පිළිතුරට මතු දිගුව ඔස්සේ යොමුවන්න)

මීට අමතරව 60 වන සැසිවාරයට සහභාගී වන අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකා වෙලාවෙන් අද පස්වරු 03.45ට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටත් නියමිතය.



*Sri Lanka observes that external initiatives will only serve as hindrances to the ongoing national efforts and serve to polarise the population. The GoSL does not agree with the conclusions and recommendations in the report with regard to international action.*

*The Government has the mandate to and is firmly and sincerely committed to working
towards a country that respects and celebrates the diversity of its people with no division or discrimination based on race, religion, class and caste. The Government is resolved not to leave room for a resurgence of racism or extremism in Sri Lanka.*

 *As Sri Lanka moves forward on this path through its domestic processes, the understanding, encouragement and support of the international community is welcomed and appreciated.*


සබැඳි පුවත් :

මෙවර මානව හිමිකම් සැසියේදී ත්‍රස්ත පනත ගැන වැඩි අවධානයක්

අලුත්ම ජිනීවා වාර්තාවේ දෙමළ ඉල්ලීම් වලට ඉඩක් ලැබෙන බව එජා මානව හිමිකම් ලොක්කා කියයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන ඇමරිකාවෙන් බරපතල චෝදනාවලියක් !

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...