The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ලොකු ලූනු සහ අර්තාපල් සඳහා රුපියල් 60 සිට 80 දක්වා බද්දක් - සජිත් ප්‍රේමදාස හෙළි කරයි

T

The Leader Desk

September 9, 2025 • 3:43 PM

ලොකු ලූනු සහ අර්තාපල් සඳහා රුපියල් 60 සිට 80 දක්වා බද්දක් - සජිත් ප්‍රේමදාස හෙළි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගෝස්තු 25 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් ආනයනික ලොකු ලූනු සඳහා කිලෝවලට රු.
  • සිට 50 දක්වාත් අර්තාපල් කිලෝවක් සඳහා රු.
  • සිට 80 දක්වාත් විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද වැඩි කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙළි කරයි.
  • ඔහු මෙම කර්ණ හෙළි කළේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සදහා රජය පනවා ඇති බද්ද සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

2025 අගෝස්තු 25 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් ආනයනික ලොකු ලූනු සඳහා කිලෝවලට රු. 10 සිට 50 දක්වාත් අර්තාපල් කිලෝවක් සඳහා රු. 60 සිට 80 දක්වාත් විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද වැඩි කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙළි කරයි.

ඔහු මෙම කර්ණ හෙළි කළේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සදහා රජය පනවා ඇති බද්ද සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

වාර්ෂිකව අර්තාපල් ලොකු ලූනු ගොවීන්ට ලැබෙන සහනය කුමක් ද...?

''මෙම බදු වැඩි කිරීම මගින් ලක්ෂ 220ක් පාරිභෝගික ජනතාවට අතිරේක බර පැටවීමක් සිදුව තිබෙනවා. මෙමඟින් අර්තාපල් සහ ලොකු ලූනු ගොවියා ආරක්ෂා වුණා ද කියා බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. ආර්ථික අර්බුධයෙන් පසු දරිද්‍රතාව මිලියන 7ක් දක්වා ඉහළ ගිය තත්ත්වයක් තුළ රජයේ මේ පියවර සමාජයේ වැඩි වශයෙන් විවේචනයට ලක් වෙලා. දැනට ලංකාවේ ලොකු ලූනු සහ අර්තාපල් වගා කරන ගොවීන් සංඛ්‍යාවත්, ඔවුන් සාර්ථක ලෙස අස්වනු ලබා ගන්නා කාලයත් එම කාලය ඇතුළත්ව 2024 වසරේ දේශීය නිෂ්පාදනය කළ ලොකු ලූනු සහ අර්තාපල් ප්‍රමාණයත් එම නිෂ්පාදනය දේශීය ලොකු ලූනු සහ අර්තාපල් නිෂ්පාදනය කොපමණ ප්‍රමාණයක් ද කියා දැන ගැනීමට අවශ්‍ය යි.

එසේම SCL හෙවත් විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද හරහා වාර්ෂිකව අර්තාපල් ලොකු ලූනු ගොවීන්ට ලැබෙන සහනය ඉදිරිපත් කරන ලෙසත් මේ සහන තුළින් සමස්ත අර්තාපල් සහ ලොකු ලූණු ගොවියන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් හිමි වන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය යි. 2007 වසරේ සිට වාර්ෂිකව මෙරටට ආනයනය කරන ලොකු ලූනු සහ අර්තාපල් ප්‍රමාණය, ඒ සදහා අය කළ වාර්ෂික බදු ප්‍රතිශතය සහ ආදායම ඉදිරිපත් කරන්න.

මේ බදු අයකිරිමත් සීනි බදු වංචාව හා සමාන ක්‍රියාවක්

2025 අගෝස්තු මාසයේ බදු වැඩි කිරිමට පෙර රට තුළ ගබඩා කර තිබූ ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් ප්‍රමාණයත් වෙළදුන්ට අයතා ලාභයක් ලැබීමට අවස්ථාවක්. එම නිසා මෙය පසුගිය රජය සමයේ සිදු කළ සීනි බදු වංචාව හා සමාන ක්‍රියාවක්.

ලොකු ලූනු සහ අර්තාපල් සඳහා බදු පැනවීමට පෙර ආහාර සුරක්ෂිතතා කමිටුව ජාතික බදු ප්‍රතිපත්ති කමිටුව මගින් මෙම බදු වැඩි කිරීමේ අනුමත කිරීමේ ක්‍රියාවලියේ දී අනුගමනය කළ නිර්නායක ඉදිරිපත් කරන්න. සීමිත තෝරාගත් ප්‍රමාණයකට බදු පැනවීමෙන් සෑම විටම අතරමැදි ගැනුම්කරුවන් කිහිප දෙනකු පමණක් වාසි ලබන නිසා ගොවීන්ට සහ පාරිභෝගිකයාට වාසි ලැබෙන විකල්ප වැඩපිළිවෙළක් තිබිය යුතු බැවින් එය ඉදිරිපත් කරන්න.''

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...