ප්‍රමාණයක් සහ ගිනිඅවි කිහිපයක් අද (සැප්තැම්බර් 22) සොයා ගත් බව පොලිසිය පවසයි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පවසා සිටියේ, මත්ද්‍රව්‍ය අසුරා තිබූ ලොරි රථ දෙකක් සහ ගිනිඅවි කිහිපයක් සොයා ගැනීමට හැකි වූ බව ය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
සැකකටයුතු පුද්ගල මරණ තුනක්
මේ අතර, අද (සැප්තැම්බර් 22) පෙරවරුවේ පොලිසියට ලද තොරතුරක් මත, තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමු විය.
එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
"තංගල්ල මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් අනුව නිවසක සැකකටයුතු පුද්ගල මරණ දෙකක් තියෙනවා කියලා දැන ගන්න ලැබුනා. ඒ වගේම ඒ නිවසේ සිටි තවත් අයෙකු රෝහල් ගත කිරීමෙන් පස්සේ ජිවිතක්ෂයට පත්ව තියෙනවා.
එම පුද්ගලයින් මියගොස් සිටි නිවස අසල වාහන කිහිපයක් නතර කරලා තිබුණා. ඒ, වාහනයක් පරික්ෂා කිරීමේදී අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 -20ත් අතර ප්‍රමාණයක් හමුවුණා. මේ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක යි," දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පැවසුවේය .
තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මල සිරුරූ දෙකක් සහ මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

කොමඩු ලොරි රථයෙන් මතුවූ මත්කුඩු සහ ගිනි අවි
මේ අතර, කොමඩු ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබු බවට සැකකෙරෙන ලොරි රථයක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් සහ ගිනි අවි කිහිපයක් හමුවූ බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පැවසුවේ ය.
"පොලිසියට ලැබුණු තවත් තොරතුරක් අනුව ලොරි රථයක් පරික්ෂා කළා කලින් පුද්ගල මරණ වාර්තා වුනු නිවාස ආසන්නයේ තවත් ස්ථානයක නතර කරලා තියෙද්දී. බොහොම සූක්ෂම විදිහට මේ මත්ද්‍රව්‍ය සඟවලා තිබුණේ."
"ඒ ලොරි රථය පරික්ෂා කිරීමේදී හෙරොයින් සහ අයිස් බවට සැකකරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න හෝ ඊට අධික ප්‍රමාණයක් සොයා ගන්න පොලිසියට හැකි වුණා. ඒ එක්කම T-56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවි 05ක් හමුවුණා," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවෙරයා පැවසුවේ ය.
මේ අතර, තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ පුද්ගල මළ සිරුරු දෙකක් හමුවූ නිවස පිහිටි ඉඩමේ නතර කර ඇති ලොරි රථයක තිබී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිවූ බවත් මෙම මෙහෙයුමේදී සොයා ගැනීමට හැකිවූ මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 635කට ආසන්න බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් වැඩිදුරටත් පැවසුවේ ය.
කොමඩු ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබු බවට සැකකෙරෙන ලොරි රථයක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් සහ ගිනි අවි කිහිපයක් හමුවූ බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පැවසුවේය.
මේ අතර, මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි නමැත්තා වළ දමා තිබූ බව කියන ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන ඇතැයි ද පොලිසිය පවසයි.
ඒ, සම්පත් මනම්පේරි සහ බැකෝ සමන් යන පුද්ගලයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව ය.
එම ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු අනුව අදාළ නිවසේ පිටුපස වළ දමා තිබියදී රන් පැහැති මැගසින් 02ක්, 9mm පිස්තෝලයක්, අත්බෝම්බයක් සහ T-56 උණ්ඩ 115ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
වැලිගම නිවසකින් හමුවූ අයිස් නිෂ්පාදනය කෙරෙන ස්ථානය
වැලිගම, වැලිහිඳ සල්මල් උයන ප්‍රදේශයේ නිවසක කුලී පදනමට සිටි මාලදිවයින් ජාතිකයකු අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය සමග වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් 18 හැවිරිදි මෝල්ඩෝවා ජාතිකයෙකු ඊයේ (සැප්තැම්බර් මස 21) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පසුගිය මස 29 වන දින මෙම නිවසේ පදිංචියට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පැවසීය.
දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම් දැනුම්දෙන්න දුරකථන අංකයක් ; 071-8591992
මේ අතර දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව තොරතුරු දැනුම්දීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එම තොරතුරු 071-8591992 යන අංකයට දැනුම්දිය හැකි බවයි.
(උපුටා ගැනීම් - බීබීසී සිංහල)




