The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

රාජ්‍ය සේවයේ අතිරික්තයක් තිබුණ කිව්වත් අලුතින් 63750ක් බඳවාගෙන - අනුර බණ්ඩාර ආරියරත්න

T

The Leader Desk

October 17, 2025 • 11:15 AM

රාජ්‍ය සේවයේ අතිරික්තයක් තිබුණ කිව්වත් අලුතින් 63750ක් බඳවාගෙන - අනුර බණ්ඩාර ආරියරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය සේවයේ විශාල අතිරික්තයක් පවතින බව ප්‍රකාශ කළත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ අලුතින් රාජ්‍ය සේවයට 63750 දෙනෙකු බඳවා ගෙන තිබෙන බව සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ සභාපති අනුර බණ්ඩාර ආරියරත්න පවසයි.
  • ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා රාජ්‍ය සේවයේ ලක්ෂ 5 1/2 ක අතිරික්තයක් තිබෙන බව ප්‍රකාශ කර තිබිය දී එතුමාගේම උපදෙස් මත ජනපතිවරයා රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යය තනතුරුවල හිඟයක් පවතින බව කියමින් කැබිනට් අනුමැතිය මත අදාළ බඳවා ගැනීම් සිදුකර තිබෙන බව ද ඔහු කීය.
  • සමෘද්ධි ව්‍යාපාරයේ අනාගතය කොයිබටද යන්න තේමා කරමින් මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ දී (15) දින පැවැති සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ දී අනුර බණ්ඩාර ආරියරත්න මේ බව පැවසුවේය.
  • "මේ ආණ්ඩුව බලයට පැමිණ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යය තනතුරු 30000 ක් සඳහා මුලින් බඳවා ගැනීම් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රාජ්‍ය සේවයේ විශාල අතිරික්තයක් පවතින බව ප්‍රකාශ කළත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ අලුතින් රාජ්‍ය සේවයට 63750 දෙනෙකු බඳවා ගෙන තිබෙන බව සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ සභාපති අනුර බණ්ඩාර ආරියරත්න පවසයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා රාජ්‍ය සේවයේ ලක්ෂ 5 1/2 ක අතිරික්තයක් තිබෙන බව ප්‍රකාශ කර තිබිය දී එතුමාගේම උපදෙස් මත ජනපතිවරයා රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යය තනතුරුවල හිඟයක් පවතින බව කියමින් කැබිනට් අනුමැතිය මත අදාළ බඳවා ගැනීම් සිදුකර තිබෙන බව ද ඔහු කීය.

සමෘද්ධි ව්‍යාපාරයේ අනාගතය කොයිබටද යන්න තේමා කරමින් මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ දී (15) දින පැවැති සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ දී අනුර බණ්ඩාර ආරියරත්න මේ බව පැවසුවේය.

 

samurdhi 1
මෙතෙක් වෙන් වෙන්ව කටයුතු කළ සමෘද්ධි වෘත්තිය සංගම් සමෘද්ධි ව්‍යාපාරය තුළ තිබෙන පොදු ප්‍රශ්නවලට ඒකාබද්ධව විසඳුම් සෙවීමේ අරමුණින් සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනය පිහිටුවා ගනු ලැබ තිබෙන අතර එහිදී සභාපතිවරයා මෙසේද පැවසුවේය.

 

"මේ ආණ්ඩුව බලයට පැමිණ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යය තනතුරු 30000 ක් සඳහා මුලින් බඳවා ගැනීම් කළා. ඒ බඳවා ගැනීම සම්පූර්ණ වූ පසු තවත් ක්ෂේත්‍ර වල හිඟයක් තිබෙන බව කිව්වා. ඒ අනුව කැබිනට් අනුමැතිය මත තවත් 30000 ක් බඳවා ගත්තා. ඊට පස්සෙත් මදි කියලා නව බඳවා ගැනීම් තවත් කරන්න අනුමැතියක් ගත්තා. ඒ අනුව කැබිනට් මණ්ඩල අනුමැතියෙන් මේ වනවිට 63750 ක් රාජ්‍ය සේවයට ගන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කනගාටුවට කරුණ වන්නේ මේ තුළ සමෘද්ධි දෙපාර්තමේන්තුවට කිසිදු සේවකයෙක් බඳවා නොගැනීමයි.

නිත්‍ය සමෘද්ධි සංවර්ධන නිලධාරි පුරප්පාඩු විතරක් 4560 ක් තියෙනවා. මේ සමස්තයම පුරවන්න ඉතිහාසය පුරා කිසිම ආණ්ඩුවක් කටයුතු කරලා නැහැ. ඉදිරියේ දී මේ හිඟය තවත් උග්‍ර වෙනවා. මේ වසරේ දී සමෘද්ධියේ 598 ක් විශ්‍රාම යනවා. 2026 දී 758 ක් 2027 දී  851 ක්  2029 දී 1050 ක් 2030 දී  2101 ක් හා 2031 දී 2273 ක් ලෙස ඉදිරි වසර 07 දී  6532 ක් විශ්‍රාම යනවා.

සමෘද්ධි ව්‍යාපාරය ඈවර කරන්න ආණ්ඩුව උත්සහ කළොත් ඒ සඳහා කිසිදු ඉඩක් නොදෙන්න වෘත්තිය සංගම් සම්මේලනය ශක්තිමත්ව පෙළ ගැසී සිටිනවා. සමෘද්ධි ව්‍යාපාරය ඉවරයි කියලා සමාජ මාධ්‍ය ඔස්සේ වගේම විවිධ දේශාපාලන මතවාද ලෙසත් අද සමාජගත වෙමින් තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරය ඈවර කරන්න වත්මන් ආණ්ඩුව මේ දක්වා කිසිදු පියවරක් අරගෙන නැහැ. එහෙම ගන්න හදනවා නම්  අපි ඒකට  ඉඩ දෙන්නේ නැහැ. සමෘද්ධි ව්‍යාපාරයේ පොදු අරමුණු ජය ගැනීම වෙනුවෙන් මේ එකතු වූ කණ්ඩායමට ප්‍රතිවිරුද්ධව වැඩ කරන්න යම් කණ්ඩායමක් ලෑස්ති කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා.

මේ සම්මේලනය හැදෙනකොට ආණ්ඩුව කලබලයට පත් වුණා. අපිට ඇමැති අයින් කරන්න වුවමනාවක්  නැහැ. මේ ඉන්න ඇමැති වැඩකුත් නැහැ. එයාට පුදුම වැඩ තොගයක් තියෙන්නේ. ජනාධිපතිවරයා වෘත්තිය සමිති හම්බවෙන්නේ නැහැ. ඒ තරමට වැඩ. එපොයින්මන්ට් අරන් ඇමැතිවරයා මුණගැහෙන්න ගියාම ලේකම් දාලා කතා කරන්නේ. ලේකම් ඒක අහලා ඇමතිට කියලා, ඇමැති කැබිනට් එකට කියනකොට කළු කපුටා සුදු වෙනවා. එහෙම තත්ත්වයක් නිර්මාණය වී තිබෙන පසුබිමක අපේ ගැටලුවට හරි විසඳුමක් සොයන්න හරි තැනට යන්න පසුබිම සැකසීම තමයි මේ සම්මේලන ගතවීම ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ. සියලු වෘත්තිය සංගම් තම තමන්ගේ අනන්‍යතා අනුව පෙර ලෙසම ක්‍රියාත්මකයි. නමුත් පොදු අරමුණක් වෙනුවෙන් අපි එකතුවී වැඩ කරනවා."

සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ භාණ්ඩාගාරික එන්.ඒ.එම්.අයි.බී අබේසිංහ අදහස් දක්වමින් මෙසේ කීවේය.

 

"මේ සංවිධානය ගොඩනගන්න සමෘද්ධි ‍දෙපාර්තමේන්තුවේ නිත්‍ය සියලු වෘත්තිය සංගම් වලට අපි ආරාධනා කළා. සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයත් සමෘද්ධි නිලධාරින්ගේ සංගමයත් ආවේ නැහැ. ඒ අය යම් දේශපාලන පක්ෂයක සමාජිකත්වය ගෙන තිබෙනවා. පෞද්ගලිකව දේශපාලනය අපි හැමෝම කරනවා. නමුත් මෙතන ඉන්න කිසිදු වෘත්තිය සමිතියක් කිසිදු පක්ෂයක ලියාපදිංචිය අරගෙන නැහැ.

සමෘද්ධි නිලධාරීන්ගෙන් 75 % ක් මේ ආණ්ඩුව පත් කරන්න ඡන්දය දුන්නා. ඉතාම නුදුරේදී මේ සංවිධානය අපි ලියාපදිංචි කරනවා. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි දැක්කා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට බිම දාගෙන ගහනවා. සමෘද්ධියට දිවිනැගුම ව්‍යාපාරයට අත තියන්න ආපු ආණ්ඩුවලට ඇමැතිවරුන්ට අත්වූ ඉරණම මොකක්ද කියලත් ඒ අය තේරුම් ගන්න ඕන. රුපියල් කෝටි ගණනක මුදලක් සමෘද්ධි බැංකු වල හා ව්‍යාපාරයේ අරමුදල් වල තියෙනවා. ඒවා සුරක්ෂිත කර ගැනීමේ පූර්ණ වගකීමක් අපට තිබෙනවා."

සම්මේලනයේ ප්‍රධාන ලේකම් සමස්ථ ලංකා සමෘද්ධි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ කිත්සිරි ගමගේ, සෙසු වෘත්තිය සංගම් නියෝජිතයින් වන අසේල බණ්ඩාර, සුජීව වික්‍රමසිංහ, ශාන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

asela kuruluwansa| අසේල කුරුළුවංශ

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...