The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්තය යුරෝ 730,000ක අතිරේක ප්‍රදානයක්

T

The Leader Desk

September 11, 2025 • 3:32 PM

ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්තය යුරෝ 730,000ක අතිරේක ප්‍රදානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුරෝ 730,000ක අතිරේක ප්‍රදානයක් අනුමත කර ඇත.
  • මෙම අරමුදල් මඟින් ව්‍යාපෘතියේ අතිරේක මූල්‍ය අවශ්‍යතා සපුරාලනු ඇති අතර, දෙරට අතර දිගු කාලීන සංවර්ධන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇත.
  • මෙම සහයෝගය අගයමින්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඊයේ (10) මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී නෙදර්ලන්තයේ වැඩබලන තානාපති Iwan Rutjens සමඟ පැවති හමුවකදී නෙදර්ලන්ත රජයට සිය අවංක කෘතඥතාව පළ කළේය.
  • මෙම ව්‍යාපෘතිය මඟින් ග්‍රාමීය ප්‍රජාවන්ගේ ගමනාගමනය, නාගරික ග්‍රාමීය සම්බන්ධතාවය සහ ජිවන තත්ත්වය වැඩි දියුණු කරමින් ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය පාලම 162 ක් ඉදිකිරීම අරමුණු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

යුරෝ 730,000ක අතිරේක ප්‍රදානයක් අනුමත කර ඇත.

මෙම අරමුදල් මඟින් ව්‍යාපෘතියේ අතිරේක මූල්‍ය අවශ්‍යතා සපුරාලනු ඇති අතර, දෙරට අතර දිගු කාලීන සංවර්ධන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

මෙම සහයෝගය අගයමින්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඊයේ (10)  මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී නෙදර්ලන්තයේ වැඩබලන තානාපති Iwan Rutjens  සමඟ පැවති හමුවකදී නෙදර්ලන්ත රජයට සිය අවංක කෘතඥතාව පළ කළේය.


මෙම ව්‍යාපෘතිය මඟින් ග්‍රාමීය ප්‍රජාවන්ගේ ගමනාගමනය, නාගරික ග්‍රාමීය සම්බන්ධතාවය සහ ජිවන තත්ත්වය වැඩි දියුණු කරමින් ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය පාලම 162 ක් ඉදිකිරීම අරමුණු කරයි.


2025 සැප්තැම්බර් වන විට, ව්‍යාපෘතිය 96%ක භෞතික ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, පාලම් 151ක වැඩකටයුතු දැනටමත් නිම කර ඇත.

ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කරමින්, සැලසුම් කර ඇති සියලුම පාලම් වල ඉදිකිරීම් 2026 පෙබරවාරි වන විට නිම කිරීමට අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ව්‍යාපෘති පිරිවැයෙන් 75%ක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකා රජය නෙදර්ලන්තයේ Cooperatieve Rabobank U.A සමඟ යුරෝ මිලියන 41.8කණය ගිවිසුමකට එළඹුණි. නෙදර්ලන්ත විදේශ ආයෝජන බැංකුව ''Investment International Bank" මුල්‍ය ප්‍රදානයක් හරහා ඉතිරි 25%, එනම් යුරෝ මිලියන 13.9ක අරමුදලක් සපයන ලදී.


ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග හඳුනා ගනිමින්, නෙදර්ලන්තය 2024 දී එහි ප්‍රදාන දායකත්වය මුළු ව්‍යාපෘති පිරිවැයෙන් ආසන්න වශයෙන් 35% දක්වා වැඩි කළ අතර එය යුරෝ මිලියන 5.3ක පමණ වැඩිවීමකි. මෙම ගැලපීම මඟින් නොගෙවූ ණය ශේෂයෙන් කොටසක් අවලංගු කිරීමට හැකි වු අතර රටේ ණය බර තවදුරටත් ලිහිල් විය.


නවතම යුරෝ 730,000ක ප්‍රදානයත් සමඟ, ව්‍යාපෘතිය සඳහා සමස්ත ප්‍රදානය යුරෝ 18,912,335.72 ක් වන අතර එය මුළු ව්‍යාපෘති පිරිවැයෙන් 37%ක් පමණ වේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා සහාය දැක්වීමට නෙදර්ලන්තයේ අඛණ්ඩ කැපවීම වැඩබලන තානාපතිවරයා යළිත් තහවුරු කළ අතර, අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා සහනදායී මුල්‍යයනය අඛණ්ඩව ලබාදීමට එතුමා මෙම හමුව අතරතුරදී කැමැත්ත ප්‍රකාශ කළේය.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...