The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
පුවත්

ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ගේ ජීවිත රකින රු. මිලියන 765ක දැවැන්ත සෞඛ්‍ය ආයෝජනය!

T

The Leader Desk

May 31, 2026 • 4:13 PM

ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ගේ ජීවිත රකින රු. මිලියන 765ක දැවැන්ත සෞඛ්‍ය ආයෝජනය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දීර්ඝ පොරොත්තු ලේඛන නිමා කරමින් කාන්තා සෞඛ්‍ය සුරැකීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ සැලසුමක් * කොළඹ, කරාපිටිය, මහනුවර, අනුරාධපුර සහ අපේක්ෂා රෝහල්වල රෝගී ප්‍රතිකාර සේවා අතිනවීන තාක්ෂණයෙන් ශක්තිමත් කෙරේ * පියයුරු පිළිකා කලින් හඳුනාගතහොත් සම්පූර්ණ සුවය ලැබීමේ ප්‍රවණතාව 90% ඉක්මවයි!
  • කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා මෙන්ම පියයුරුවල ඇති වන වෙනත් ඕනෑම අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් ඉතා මුල් අවධියේදීම හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා මෙම අතිනවීන යන්ත්‍ර 05 භාවිත කෙරේ.
  • දුරස්ථ පළාත්වලටත් සහනයක් මෙම වැඩපිළිවෙළට අමතරව පවතින හදිසි අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් දෙක සඳහා ද භාවිතා කරන ලද මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
  • දැනට දිවයින පුරා සක්‍රීයව පවතින්නේ මැමෝග්‍රැෆි යන්ත්‍ර 16ක් පමණක් වන අතර, මෙම නව යන්ත්‍ර 05 සහ අතිරේක යන්ත්‍ර 02ත් සමඟ මෙරට සමස්ත මැමෝග්‍රැෆි යන්ත්‍ර ධාරිතාව 23 දක්වා ඉහළ යනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 * දීර්ඝ පොරොත්තු ලේඛන නිමා කරමින් කාන්තා සෞඛ්‍ය සුරැකීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ සැලසුමක්

* කොළඹ, කරාපිටිය, මහනුවර, අනුරාධපුර සහ අපේක්ෂා රෝහල්වල රෝගී ප්‍රතිකාර සේවා අතිනවීන තාක්ෂණයෙන් ශක්තිමත් කෙරේ
 
*  පියයුරු පිළිකා කලින් හඳුනාගතහොත් සම්පූර්ණ සුවය ලැබීමේ ප්‍රවණතාව 90% ඉක්මවයි!

මෙරට කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය තර්ජනයක් වන පියයුරු පිළිකා රෝගී තත්ත්වයන් ඉතා මුල් අවධියේදීම හඳුනාගෙන, මරණ අනුපාතය අවම කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 765 ක් වටිනා අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර (Mammography Machines) 05 ක් මෙරට රෝහල් පද්ධතියට එක් කිරීමට රජය කටයුතු සූදානම් කර ඇත.  

මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නැංවීම සහ රෝගී ප්‍රතිකාර සේවාවන් විධිමත්ව හා වඩා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් හා මඟ පෙන්වීම් යටතේ නිශ්චිත සැලසුම් කරන ලද වැඩපිළිවෙළක් ඒ අනුව මේ වනවිට ක්‍රියාවට නංවා තිබේ.  


0100111 1කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා මෙන්ම පියයුරුවල ඇති වන වෙනත් ඕනෑම අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් ඉතා මුල් අවධියේදීම හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා මෙම අතිනවීන යන්ත්‍ර 05 භාවිත කෙරේ.


රුපියල් මිලියන 153ක් වටිනා මෙම එක් යන්ත්‍රය බැගින් කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල යන දිවයිනේ පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන ප්‍රධානතම රෝහල් 05 වෙත ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.

සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා තිබේ.  

දුරස්ථ පළාත්වලටත් සහනයක්

මෙම වැඩපිළිවෙළට අමතරව පවතින හදිසි අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් දෙක සඳහා ද භාවිතා කරන ලද මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

දැනට දිවයින පුරා සක්‍රීයව පවතින්නේ මැමෝග්‍රැෆි යන්ත්‍ර 16ක් පමණක් වන අතර, මෙම නව යන්ත්‍ර 05 සහ අතිරේක යන්ත්‍ර 02ත් සමඟ මෙරට සමස්ත මැමෝග්‍රැෆි යන්ත්‍ර ධාරිතාව 23 දක්වා ඉහළ යනු ඇත.  

දීර්ඝ පොරොත්තු ලේඛන සහ පොදු ජන අවශ්‍යතාවය

දැනට මෙරට රජයේ රෝහල්වල මැමෝගැෆි පරීක්ෂණයක් සිදුකර ගැනීම සඳහා රෝගීන්ට සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා දීර්ඝ පොරොත්තු ලේඛනවල (Waiting lists) රැඳී සිටීමට සිදුව පවතී.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රෝගියෙකු ලියාපදිංචි වී දින කිහිපයක් ඇතුළත පරීක්ෂණ අවසන් කිරීමට උපදෙස් දී තිබුණ ද, අධික රෝගීන් සංඛ්‍යාව සහ පවතින යන්ත්‍ර පහසුකම් සීමිත වීම හේතුවෙන් මේ වනවිට රෝගීන්ට බොහෝ ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදු වේ.

 කාලය සමඟ සටන් කරන පිළිකා රෝගීන්ට මෙම ප්‍රමාදයන් අතිශය තීරණාත්මක වන බැවින්, මෙම නවීන තාක්ෂණික යන්ත්‍ර සෞඛ්‍ය පද්ධතියට එක්වීම තුළින් පොරොත්තු ලේඛන අවම කර ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට ඇති හැකියාව පුළුල් වේ.  

0100111 2

පියයුරු පිළිකා 'කලින් හඳුනා ගැනීම' (Early Detection) ජීවිතය බේරා ගන්නේ කෙසේද?

වෛද්‍ය විද්‍යාත්මක සහ සායනික දත්තයන්ට අනුව, ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකා වර්ගය වන්නේ පියයුරු පිළිකාවයි. වර්තමානය වන විට මෙය මෙරට පොදු සෞඛ්‍ය ක්ෂේත්‍රයට එල්ල වී ඇති බරපතලම තර්ජනයක් බවට පත්ව ඇත.

කෙසේ වුවද, පිළිකාවක් ශරීරය පුරා ව්‍යාප්ත වීමට පෙර, එනම් එහි පළමු හෝ දෙවන අවධියේදීම (Stage 1 or 2) හඳුනා ගැනීමට හැකි වුවහොත්, සම්පූර්ණ සුවය ලැබීමේ සම්භාවිතාව 90%කට වඩා ඉහළ අගයක් ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත පෙන්වා දෙයි.  

මැමෝග්‍රැෆි (Mammogram) යනු කුමක්ද?

මෙය අඩු මාත්‍රාවකින් යුත් එක්ස්-රේ (Low-dose X-ray) තාක්ෂණය භාවිතයෙන් පියයුරු පටක පරීක්ෂා කිරීමේ සායනික ක්‍රමවේදයකි.  

විද්‍යාත්මක සුවිශේෂීතාව:
සාමාන්‍ය බාහිර ස්පර්ශයකින් හෝ සායනික පරීක්ෂණයකින් කෙනෙකුට හසු නොවන, මිලිමීටර කිහිපයක් තරම් කුඩා ඉතා සියුම් ගැටිති හෝ අසාමාන්‍ය කැල්සියම් තැන්පතු (Microcalcifications) පවා මැමෝග්‍රැෆි යන්ත්‍රයකට ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. එනම්, රෝග ලක්ෂණ බාහිරට මතුවීමට වසර 2කට පමණ පෙර පිළිකා සෛල හඳුනා ගැනීමට මෙම තාක්ෂණයට හැකියාව පවතී.  

ජීවන තත්ත්වය සුරැකීම:
පිළිකාව කලින් හඳුනා ගැනීම යනු රෝගය මර්දනය කිරීම පමණක් නොව, වඩාත් සංකීර්ණ රසායනික ප්‍රතිකාර (Chemotherapy) හෝ පියයුරු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ ශල්‍යකර්ම (Mastectomy) වලට යාමට ඇති අවශ්‍යතාවය වළක්වා ගනිමින් කාන්තාවන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමක පවත්වා ගැනීමට ඇති එකම විද්‍යාත්මක විසඳුමයි.  

 

එබැවින්, වයස අවුරුදු 40 ඉක්මවූ සෑම කාන්තාවකම වසරකට හෝ දෙකකට වරක් මැමෝග්‍රැෆි පරීක්ෂණයකට භාජනය වීම අතිශය වැදගත් බව වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශයයි.

 
0100111 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...