මේ වසරේ මැයි මාසයේදී සිදු කළ ආකාරයට සති හතරක දැඩි තදබල මට්ටමේ සංචරණ සීමා ඉතාමත් ඉක්මනින් ඉහළ නැංවුවහොත් මිස 2022 ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාවාසීන් 30,000 ක් පමණ පිරිසක්
මරණයට පත්වීම වළක්වා ගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුවක් පවසයි.
 
ඔවුන් මෙම තීරණයට එළඹී තිබෙන්නේ, "ශ්‍රී ලංකාවේ වර්තමාන COVID-19 තත්ත්වය සහ ඉදිරි ගමන" යන මැයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් 2021 අගෝස්තු 10 දින කැඳවන ලද 5 වන ස්වාධීන විශේෂඥ කණ්ඩායම් රැස්වීමේදීය.
 
ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ SERA සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ කාර්යාලය සමඟ එක්ව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත උපයෝගී කරගනිමින් එම විශේෂඥ මඩුල්ල විසින් වාර්තා වූ රෝගීන් සහ මරණ පිළිබඳව අනාවැකි පළ කොට තිබේ.
 
2021 අගෝස්තු අවසානය වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% ක් මුළුමනින්ම එන්නත් කරනු ඇතැයි එම වාර්තාව සැකසීමේ දී පුරෝකථනය කර ඇත.
 
 
'මේ රෝගය හදා ගන්න නම් එපා. අපිත් දැන් හොඳටම මහන්සි වෙලා ඉන්නේ' - හෙදියකගෙන් ඉල්ලීමක්
 
 
 
 
ඒ අනුව ඔවුන් පවසන්නේ, වර්තමානයේ පවතින සංචරණ සීමා යටතේ, රෝගීන් සංඛ්‍යාව සැප්තැම්බර් මැද භාගය දක්වා දිනකට 6000 ක් දක්වා ඉහළ යන අතර ඔක්තෝබර් මස මුල දක්වා මරණ සංඛ්‍යාව දිනකට 220 ක් දක්වා ඉහළ යනු ඇති බවය. (මෙම වාර්තාව සකස්කර තිබෙන්නේ අගෝස්තු 13 දින සීමිත සංචරණ සීමා පැණවීමට පෙරාතුවය)
 
 
දැනට පවතින තත්වය යටතේ ඔක්තෝබර් මස මුල වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ගැනීම 275 ක් පමණ දක්වා ඉහළ යනු ඇති අතර 2022 ජනවාරි වන විට සමස්ත මරණ සංඛ්‍යාව 30,000 ක් පමණ වේ.
 
ඔවුන් පවසන්නේ මෙම ආකෘතියේ උපකල්පනය කර ඇති එන්නත් ආවරණය ඔවුන් තවමත් ලබාගෙන නැති හෙයින්, ප්‍රක්ෂේපනය අවතක්සේරු මට්ටමක ඇති බවයි.
 
එහෙත් 2021 මැයි-ජූනි මාස වලට සමාන දැඩි මට්ටමින් සති 4 ක් සඳහා දැඩි සීමා කිරීම් තුළින් 2021 ඔක්තෝම්බර් මාසය වන විට දිනකට 1000 ක් පමණ වන අඩු ආසාදිතයින් සංඛ්‍යාවක්, දිනකට 25 ට අඩු මරණ සහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රමාණය දිනකට 25 කට අඩු මට්ටමකට දැක ගත හැකිවනු ඇති බව විශේෂඥ මතය වී තිබේ.
 
 
 
එසේ කළහොත් 2022 ජනවාරි වන විට පුරෝකතනය කර ඇති මරණ 18,000 ද වළක්වා ගත හැකි බව විශේෂඥයින්ගේ අදහසය.
 
 
එම කමිටුවේ සාමාජිකයෙකු වූ මහාචාර්ය ඉන්දික කරුණාතිලක බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, දැඩි සංචරණ සීමා පණවනු ලැබුව ද, 2022 ජනවාරි මාසය වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,000 ක් දක්වා ඉහළ යනු ඇතැයි කමිටුව පුරෝකතනය කරන බවය.
 
අගෝස්තු 12 වන දින වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසය ආසාදිත රෝගීන් 5620 දෙනෙකු මරුමුවට පත් වී තිබුණි.
 
 
 
 
WHO 131
 
 
වර්තමාන තත්ත්වය:
 
# විශේෂඥයින් අවධාරණය කරන්නේ වර්තමාන COVID-19 හි වැඩිවීම මත ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් සනීපාරක්‍ෂාව සැපයීම සඳහා සෞඛ්‍ය පද්ධතිවල ධාරිතාවය ආසන්න වශයෙන් ඉක්මවයමින් පවතින තත්වයක් තුළ පෙර නොවූ විරූ අනුපාතයකින් යුත් සෞඛ්‍ය අර්බුදයකට ශ්‍රී ලංකාව ඉක්මනින් මුහුණ දිය හැකි බවයි.
 
 
#  දෛනිකව වාර්තා වන සිද්ධීන් හා මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් ශ්‍රී ලංකාව පෙන්නුම් කරමින් සිටී. 2021 අගෝස්තු 09 දින මරණ 111 ක් වාර්තා වීම තුළ පෙන්නුම් කරන්නේ කෙටි කාලයකදී සිදු වූ මරණ දෙගුණයක් වෙමින් පවතී.
 
 
# සියළුම මට්ටම් වල සත්කාර පහසුකම් (85%ට වැඩි) සහ දැඩි සත්කාර ඒකකයේ (90%ට වැඩි) ඇඳන් භාවිත වීමේ අනුපාතය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර දැන් එය පූර්ණ ධාරිතාවයෙන් යුක්තයි. ඔක්සිජන් මත යැපෙන රෝගීන් පසුගිය සතියේ 528 සිට අගෝස්තු 9 වනදා රෝගීන් 646 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවනතාවය දිගටම පැවතුනහොත්, ඔක්සිජන් සැපයුමේ බරපතල හිඟයක් සහ ඔවුන් රැකබලා ගැනීමේ බාධාවක් ඇති වීම නොවැළැක්විය හැකිය.
 
 
# රටේ බොහෝ ප්‍රදේශ වල ඉහළ PCR පරීක්‍ෂණ ධනාත්මකතා අනුපාතය 20%ට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරයි.
 
 
# 2021 ජූලි 31 දින වන විට, සිදුකරන ලද අනුක්‍රමික සාම්පල වලින් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් වන අතර එය කෙටි බීජෞෂණ කාලය තුළදී බෙහෙවින් සම්ප්‍රේෂණය වේ. එය දැන් බස්නාහිර පළාතේ ප්‍රමුඛතම ප්‍රභේදය වන අතර ඉක්මනින් අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වනු ඇත. රටවල් කිහිපයක පෙන්වා ඇති පරිදි ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වේ.
 
 
# බහුලව භාවිත වන එන්නත් මගින් දැඩි රෝගාබාධ හා මරණයෙන් ප්‍රමාණවත් ආරක්‍ෂාව ලබා දීම සඳහා දෙවන එන්නත් මාත්‍රාවෙන් සති 2-3 කට පසුව ගත වේ. අගෝස්තු 09 දා වන විට, සම්පූර්ණයෙන් එන්නත ලබා ඇත්තේ ජනගහනයෙන් 15% කටත් අඩු පිරිසකි. අලුතින් එන්නත් කළ, එන්නත් තනි මාත්‍රාවක් ලබා ගත් හෝ එන්නත් නොකළ කණ්ඩායම් දැඩි අසනීප වීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින අතර විශේෂයෙන් ජනාකීර්ණ ප්‍රදේශවල රෝගීන් සහ මරණ තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇත.
 
 
# සියලුම ඇඟවීම් පෙන්නුම් කරන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙහෙසට පත්ව පොරබදින බවයි. සැලකිය යුතු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාවක් ආසාදනය වීම මත සෞඛ්‍ය සේවකයින් කප්පාදු කිරීමට සහ සේවා ස්ථාන වසා දැමීමේ පීඩනයට පත් වෙමින් සිටිති.
 
 
# මෙම තත්වය මධ්‍යයේ, රට පුරා සීමාවන් තිබියදීත් ජනගහනය අතර ඉහළ සංචරණයක් සහ සමාජ මිශ්‍රණයක් පවතී. (ඔක්ස්ෆර්ඩ් 'දැඩි දර්ශකය' පෙන්වන පරිදි මැයි මාසයේදී 85% ක සංචාරණ සිමාවන් පැවතියත්, එනම් සංචරණයන්හි ඉතා ඵලදායී සීමා කිරීමේ මට්ටමේ සිට, ජූලි මාසයේදී එය 49% ක් දක්වාත් මේ සතිය වන විට 29% ක් වාත් එනම් අනතුරුදායක ලෙස අඩු සංචරණ සීමා කිරීම දක්වාත් අඩුවී ඇත).
 
 
 
 119922492 whatsappimage2021 08 09at05.09.15
 
 
නිර්දේශ:
 
 
එම විශේෂඥ කමිටුව පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරයි:
 
 
#  ශ්‍රී ලංකාව වහාම ක්‍රියාත්මක විය යුතුයි.
 
 
# අපගේ හදිසි ප්‍රමුඛතාවය ජීවිතය රැක ගැනීමයි. 2021 මැයි මාසයේදී සිදු වූ ආකාරයට සති 4 ක දැඩි තදබල මට්ටම සංචාරණ සීමා ඉහළ නැංවුවහොත් මිස 2022 ජනවාරි මාසය වන විට මරණ 18,000 ක් පමණ ශ්‍රී ලංකාව තුළ ඇතිවීම වළක්වා ගත නොහැකිය.
 
 
# එන්නත් ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ දෙවන එන්නත් මාත්‍රාවෙන් පසුව ආරක්‍ෂක මට්ටම ලබා ගැනීමට මෙන්ම සෞඛ්‍ය පද්ධතියට අධික බර පැටවීමෙන් ඇතිවී ඇති තත්ත්වයෙන් යථා තත්ත්වයට පත් වීම සඳහා මෙය අවශ්‍ය කාලය ලබා දෙනු ඇත.
 
 
# ක්‍ෂණික ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් තීරණාත්මක වන්නේ ආසාදන සංඛ්‍යාවට සහ රෝහල් ගත කිරීම්වලට එමගින් සාධනීය බලපෑමක් ඇති කිරීම පිණිස සති කිහිපයක් ගත වන බැවිනි. ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම මරණ වැඩි වීමට හේතු වන අතර පාලනය නැවත ලබා ගැනීම සඳහා දිගු කාලසීමාවක් සමඟ අද ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ටත් වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වේ.
 
 
 
වඩාත් සවිස්තරාත්මක නිර්දේශ නම්, ශ්‍රී ලංකාව කළ යුත්තේ:
 
 
 
# අත්‍යාවශ්‍ය සේවා හැර අන් සියලුම කරණා සඳහා අන්තර් දිස්ත්‍රික් සංචාර ඇතුළුව සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.
 
- මෙම පියවරයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා කෙටි කාලයක් සඳහා ඇඳිරි නීතිය මුළු දිවයිනටම හෝ විශාල ප්‍රදේශයකට ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ය.
 
 
# සියලුම පොදු ක්‍රියාකාරකම් සති 3 ක් සඳහා සීමා කිරීම හෝ අවලංගු කිරීම.
 
 
#  අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්හි බාධා අවම කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ සහ රෝහල්වල කාර්ය මණ්ඩල වල රැකවරණය සහ ආරක්‍ෂාව සැපයීම වැඩි කිරීම.
 
 
# මහජනයා සම්බන්ධ කර ගැනීම සහ පාලන පියවරයන් පිළිබඳව යාවත්කාලීන කිරීම සඳහා ඵලදායි සන්නිවේදන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
 
 
# භූමියේ පවතින තත්ත්වය පිළිබඳ මනා චිත්‍රයක් ලබා ගැනීම සඳහා සිද්ධීන් හා මරණ යන දෙකම නිවැරදිව වාර්තා කිරීම.
 
 
# නිරීක්ෂණය කරන ලද පරීක්‍ෂණ ධනාත්මකතා අනුපාතය (Test Positivity Rate (TPR), සතිපතා චලනය වන සාමාන්‍යයන් සහ කාල ශ්‍රේණි විශ්ලේෂණයන්, සංචලතා දත්ත යනාදියෙන් මනිනු ලබන ප්‍රවනතා වැනි නියෝජිත (ප්‍රොක්සි) දර්ශක ද භාවිතා කළ හැකිය.
 
 
# වයස අවුරුදු 60 ට වැඩි සහ නිදන්ගත රෝගී වූවන් සඳහා වඩාත් සුදුසු වන්නේ ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා බැවින් ඔවුන්ට එම එන්නත් ලබාදීමට ප්‍රමුඛතාවය දෙන්න. ඔවුන් පවසන්නේ දෙවන එන්නත ලබා දෙන තුරු මෙම එන්නත් වල එක් මාත්‍රාවක් වුවද යම් තරමක ආරක්‍ෂාවක් ඔවුනට ලබා දෙන බැවින් එසේ නිර්දේශ කරන බවයි.
 
 
එම වාර්තාව තවදුරටත් පවසන්නේ ඉහතින් දක්වා ඇති ප්‍රධාන නිරීක්ෂණ සහ නිර්දේශයන්හිදී ජාතික විශේෂඥයින් විසින් මෙම රැස්වීමේදී සාක්‍ෂාත් කර ගත් එකඟතාවයන් නියෝජනය කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය අනිවාර්යයෙන්ම පිළිබිඹු නොවන බවය. අවශ්‍ය නම් නිසි ක්‍රියාමාර්ග පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම ලබා ගත හැකි බවත් එහි දැක්වේ.
 
 
 
 කොවිඩ්: සුනාමියේ දී මතු වූ මනුෂ්‍යයා යළි පණ ගන්වමු - බුදු දහමෙන් උපදෙසක්
 
 
 
2021 අගෝස්තු 10 දා පැවති රැස්වීමට සහභාගි වූ විශේෂඥයින්:
 
 
1. ආචාර්ය පාලිත අබේකෝන් - ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ COVID-19 සඳහා සහ SEAR සඳහා සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා වූ විශේෂ නියෝජිත
 
 
2. ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක, ආචාර්ය නිහාල් අබේසිංහ - ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහ ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති
 
 
3. වෛද්‍ය වින්‍යා ආරියරත්න - මහජන සෞඛ්‍ය විශේෂඥ, සභාපති - සර්වෝදය (සීඑස්ඕ)
 
 
4. මහාචාර්ය අසිතා ද සිල්වා - කැලණිය විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ සභාපති, ශ්‍රී ලංකා, සායනික ඖෂධවේදී හා චිකිත්සක සංගමය
 
 
5. ආචාර්ය රජීව ද සිල්වා - ප්‍රතිශක්තිවේදී උපදේශක සහ ප්‍රතිශක්ති විද්‍යා අංශයේ ප්‍රධානී-එම්ආර්අයි
 
 
6. ආචාර්ය ලක්කුමාර් ප්‍රනාන්දු - ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ පිළිබඳ සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ සායනික ප්‍රධානී; ළමා රෝග විශේෂඥ උපදේශක; සභාපති, වෛද්‍ය විශේෂඥ සංගමය
 
 
7. වෛද්‍ය පද්මා ගුණරත්න - ස්නායු විශේෂඥ උපදේශක සහ සභාපති, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
 
 
8. මහාචාර්ය සරෝජ් ජයසිංහ - උපදේශක වෛද්‍යවරයෙක් සහ මහාචාර්ය වෛද්‍ය විද්‍යාවේ මහාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය
 
 
9. මහාචාර්ය ඉන්දික කරුණාතිලක - මහාචාර්ය වෛද්‍ය අධ්‍යාපනය, වෛද්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පීඨය වෛද්‍ය විද්‍යාව සහ හිටපු සභාපති, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
 
 
10. මහාචාර්ය නීලිකා මලවිගේ - මහාචාර්යවරිය සහ ප්‍රතිශක්ති හා අණුක වෛද්‍ය අංශයේ ප්‍රධානී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
 
 
11. මහාචාර්ය කාමිනි මෙන්ඩිස් - මහාචාර්ය එමරිටස්, කොළඹ විශ්ව විද්‍යාලය; මහජන සෞඛ්‍ය විශේෂඥ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු මැලේරියා විශේෂඥ
 
 
12. මහාචාර්ය මලික් පීරිස් සභාපති/මහාචාර්ය - මහජන සෞඛ්‍ය පාසල, හොංකොං විශ්ව විද්‍යාලය,හොංකොං හි වෛද්‍ය පීඨය
 
 
13. මහාචාර්ය මනුජ් වීරසිංහ - ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෛද්‍ය පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය
 
 
14. ආචාර්ය ආනන්ද විජේවික්‍රමගේ - ජාතික බෝවන රෝග ආයතනයේ උපදේශක වෛද්‍ය සහ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ හිටපු සභාපති
 
 
Screenshot 2021 08 13 at 7.25.00 PM
 
E8myHMBVIAM73sI
 
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය නියෝජනය කරමින් සහභාගි වූවන්:
 
 
1. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය ඇලකා සිං (සභාපති)
 
2. ආචාර්ය පබා පලිහවඩන - ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දුනීසියාවේ වෛද්‍ය නිලධාරී
 
3. ආචාර්ය ඔලිවියා නීවෙරාස් - මහජන සෞඛ්‍ය පරිපාලක, ලෝක සෞඛ්‍ය සංවිධානය
 
4. ආචාර්ය සපුමල් ධනපාල - ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව
 
5. ආචාර්ය පද්මල් ද සිල්වා - ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව
 
6. මහාචාර්ය නාලිකා ගුණවර්ධන - ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව
 
7. ආචාර්ය වර්ජිනී මල්ලවාආරච්චි - ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව
 
8. ටී සුවීන්ද්‍රන් - ලෝක සෞඛ්‍ය සංවිධානය
 
9. ආචාර්ය ප්‍රෙෂිලා සමරවීර - ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව
 
10. සහනි චන්ද්‍රරත්න - ලෝක සෞඛ්‍ය සංවිධානය
 
11. ආචාර්ය මිසායා කාදර් - ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව
 
12. සධානි රාජපක්ෂ - ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව
 
13. ආචාර්ය ප්‍රියංග සේනානායක - ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව
 
14. ආචාර්ය රොෂාන් සම්පත් - ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව
 
15. ආචාර්ය චතුර විජේසුන්දර - ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව
 
16. ආචාර්ය අංජලී ද සිල්වා - ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව
 
 
 
(BBC සිංහල සේවය)
 
 
 
THE LEADER TV 
 
ගෑස් මිළ ඉහළට : සමාගම යෝෂිතට ?
 
 
පවිත්‍රාදේවීට පලනොකියා පලාබෙදිල්ලක් ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්