The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 8ක මූල්‍ය ප්‍රදානයක්

T

The Leader Desk

September 23, 2025 • 12:15 PM

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 8ක මූල්‍ය ප්‍රදානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැඩිදියුණු කළ ජෛව විවිධත්වය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථික ප්‍රතිසාධනය සිදු කිරීම අරමුණු කරගත් නව ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග යුරෝපා සංගමය (EU) අද (23) මෙම මූල්‍ය ප්‍රදාන ගිවිසුමට අත්සන් තැබූහ.
  • රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ යුරෝපා සංගමය ඒකාබද්ධව සකස් කරන ලද මෙම ව්‍යාපෘතිය යුරෝපා සංගමය විසින් සපයනු ලබන යුරෝ මිලියන 8 ක ප්‍රදානය, මඟින් මූල්‍යනය කරනු ඇත.
  • විනාශ වූ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම, ඉලක්ක ගත සංරක්ෂණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ තිරසාර ඉඩම් පරිහරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මගින් ජෛව විවිධත්ව සංරක්ෂණයට මෙම ව්‍යාපෘතිය සහාය වනු ඇත.
  • එමෙන්ම මෙම ව්‍යාපෘතිය ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති සඳහා වැඩි වෙමින් පවතින අවශ්‍යතාව සපුරාලමින් පාරිසරික ආරක්ෂාවටත්, මහජන සෞඛ්‍ය ප්‍රර්වර්ධනය කිරීමටත් දායක වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වැඩිදියුණු කළ ජෛව විවිධත්වය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථික ප්‍රතිසාධනය සිදු කිරීම අරමුණු කරගත් නව ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග යුරෝපා සංගමය (EU) අද (23) මෙම මූල්‍ය ප්‍රදාන ගිවිසුමට අත්සන් තැබූහ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ යුරෝපා සංගමය ඒකාබද්ධව සකස් කරන ලද මෙම ව්‍යාපෘතිය යුරෝපා සංගමය විසින් සපයනු ලබන යුරෝ මිලියන 8 ක ප්‍රදානය, මඟින් මූල්‍යනය කරනු ඇත.

 

විනාශ වූ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම, ඉලක්ක ගත සංරක්ෂණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ තිරසාර ඉඩම් පරිහරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මගින් ජෛව විවිධත්ව සංරක්ෂණයට මෙම ව්‍යාපෘතිය සහාය වනු ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති සඳහා වැඩි වෙමින් පවතින අවශ්‍යතාව සපුරාලමින් පාරිසරික ආරක්ෂාවටත්, මහජන සෞඛ්‍ය ප්‍රර්වර්ධනය කිරීමටත් දායක වනු ඇත.

 

මෙම ව්‍යාපෘතිය, රජයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය වන " පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " හි අවධාරණය කර ඇති ආර්ථික සංවර්ධනය සහ පාරිසරික තිරසාරභාවය අතර සමතුලිතතාවය ඇති කිරීමේ කඩිනම් අවශ්‍යතාවය සමඟ සමපාත වේ.

පරිසර හිතකාමි සහ සමතුලිතආර්ථිකයක් නිර්මාණය කිරීමේ ප්‍රයත්නයන් ඉලක්ක කළ ප්‍රතිඵල අත්කර දී නොමැති අතර යුරෝපා සංගමය සමඟ ඇති මෙම හවුල්කාරිත්වය එම ගමන් මඟ ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි.

 ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්ප්පෙරුම  සහ යුරෝපා සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි, Carmen Moreno විසින් මෙම ප්‍රදාන ගිවිසුමට නිල වශයෙන් අත්සන් කරන ලදි.

මෙහිදී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි, Carmen Moreno  විසින් යුරෝපා සංගමයේ Global Gateway ප්‍රතිපත්තිය මඟින් මෙවැනි වැඩසටහන් සඳහා යුරෝපා සංගමයේ දායකත්වය සම්බන්ධව අදහස් දක්වන ලද අතර " ජෛව විවිධත්වය ශ්‍රී ලංකාවේ වැදගත්ම සම්පත් වලින් එකක් වන අතර, මෙම ව්‍යාපෘතිය හරහා අපද්‍රව්‍ය කළමනා කරණය වැඩිදියුණු කිරීම මඟින් එහි ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සාමූහිකව කටයුතු කරන්නෙමු.

යුරෝපා සංගමයේ අත්දැකීම් තාක්ෂණය සහ පෞද්ගලික අංශයේ ආයෝජන, මෙම ව්‍යාපෘතියේ මූලිකාංග වන අතර එමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තීන් ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ කිරීමට අවස්ථාව සලසනු ඇත. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම ගෝලීය සෞඛ්‍යය සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව කටයුතු කිරීමට දායක වේ " යනුවෙන් විශේෂයෙන් සඳහන් කරන ලදි.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා යුරෝපා සංගමයේ වටිනා සහයෝගයට අවංක කෘතඥතාව පළ කළ අතර, මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයට සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීමට මැනවින් සමපාත වන බව අවධාරණය කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු විසින් මෙම ගිවිසුම, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ශක්තිමත් සහ අඛණ්ඩ හවුල්කාරිත්වයට සාක්ෂියක් වනු ඇති බවත් මෙමඟින් පාරිසරික තිරසාරභාවය, සමස්ත වර්ධනය සහ දිගුකාලීන සමතුලිත ආර්ථික ප්‍රත්‍යස්ථතාවය සඳහා අපගේ හවුල්කාරිත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත් සඳහන් කරන ලදි.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...