මේ අරමුදලේ සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය ජූලි මාසයේදී විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී. එම්. ඩබ්ලිව්. ප්‍රදීප් ජයතිලක ගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට රජය පියවර ගනු ලැබීය.
ඒ අනුව එම කමිටුව විසින් මේ අවභාවිතය සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගෙන ඇතැයි බුද්ධශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක පෙරේදා (20) මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ප්‍රකාශ කළේය.
මහජන මුදල් අවභාවිත කළ සියලු පුද්ගලයන්ට එරෙහිව එම වාර්තාව ලැබුණු පසුව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු මෙහිදී කියා සිටියේය.
2017 සිට 2020 දක්වා වූ කාලසීමාවේදී ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මූල්‍ය සහාය දීමේදී බරපතළ මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවට ආන්දෝලනාත්මක තොරතුරු රැසක් වත්මන් රජය පත් වූ පසු අනාවරණය වී තිබිණි. එලෙස සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීමට පසුගිය මැයි මාසයේ පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වැනි පාලක මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.
ඒ අනුව අදාළ කාර්යය සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ද හිමි විය. මෙම ත්‍රිපුද්ගල කමිටුව පසුගිය ජූලි මාසයේදී ඒ අනුව පිහිටුවන ලදි.
('දිනමිණ' | නෙරංජලා වික්‍රමසිංහ)
සංස්කෘතික අරමුදලේ කෝටි 800ක් පිල්ලි ගිහින් - වංචා දූෂණ විමර්ශන කමිටුව කියයි
T
The Leader Desk
September 22, 2025 • 4:00 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ අරමුදලේ සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය ජූලි මාසයේදී විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.
- ඒ අනුව එම කමිටුව විසින් මේ අවභාවිතය සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගෙන ඇතැයි බුද්ධශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක පෙරේදා (20) මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ප්‍රකාශ කළේය.
- මහජන මුදල් අවභාවිත කළ සියලු පුද්ගලයන්ට එරෙහිව එම වාර්තාව ලැබුණු පසුව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු මෙහිදී කියා සිටියේය.
- සිට 2020 දක්වා වූ කාලසීමාවේදී ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මූල්‍ය සහාය දීමේදී බරපතළ මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවට ආන්දෝලනාත්මක තොරතුරු රැසක් වත්මන් රජය පත් වූ පසු අනාවරණය වී තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



