හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (22 සිකුරාදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ සහභාගී වූ විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා මෙම කැඳවීම කර තිබෙන බව සඳහන්ය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක ගෙන්ද පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා ගෙන්ද අදාළ විදේශ සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ සටහන් කර ගනු ලැබිය.
රනිල් වික්‍රමසිංහ නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් එන අතරතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට යාම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරෙයි.
''රනිල් සිකුරාදා CID යට අනිවාර්යයෙන්ම ඇතුලට යනවා'' යයි 'Sudaa Creation' නාලිකාවේ TALK WITH SUDATHTHA වැඩසටහන මගින් අවධාරණය කරයි.
රනිල් සමග IF නාලිකාවෙන් විශේෂ සම්මුඛ සාකච්ඡාවක්
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සිදුකල විශේෂ සම්මුඛ සාකච්ජාවක් අද (21) රාත්‍රී 9.00ට ''අදහස් පෙරමුණ' (Ideas front) නාලිකාව ඔස්සේ අන්තර්ජාලය වෙත මුදාහැරීමට නියමිත බව එම වැඩසටහන නිෂ්පාදනය කළ '' ද ගරාජ් -The Garage) ආයතනය පවසයි.
සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක සම්පත් දායකයින් ලෙස මෙම වැඩසටහනට සහභාගිවන අතර සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ ප්‍රවීන මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
මෙම Ideas front වීඩියෝව ප්‍රකාශන හිමිකම් රහිත වීඩියෝවක් ලෙස (copyright free video) මුදාහැරීමට 'ද ගරාජ්' ආයතනය තීරණය කර ඇත.




