The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
පුවත්

කෝටියක් නොගෙව්වොත් හිටපු ඇමති ප්‍රසන්න අවුරුදු 9කට හිරේ! - කොළඹ මහාධිකරණයෙන් අවසාන නිවේදනයක්

T

The Leader Desk

July 9, 2026 • 3:57 PM

කෝටියක් නොගෙව්වොත් හිටපු ඇමති ප්‍රසන්න අවුරුදු 9කට හිරේ! - කොළඹ මහාධිකරණයෙන් අවසාන නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "කප්පම් නඩුවේ අභියාචනා තීන්දුව ක්‍රියාත්මකයි" - 2027 ජූලි 6 වැනිදාට පෙර රුපියල් ලක්ෂ 100ක වන්දි මුදල ගෙවා නිම කිරීමට නියෝග
  • ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 640ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා තර්ජනය කිරීම සහ ඉන් ලක්ෂ 150ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.
  • බිරිඳ සහ තුන්වැනි විත්තිකරු ප්‍රසන්න රණතුංග මහතාට අමතරව ඔහුගේ බිරිඳ වන මොරීන් ස්ටෙලා රණතුංග සහ නරේන් කුමාර් ෆාරික් යන අය ද මෙම නඩුවේ අධිචෝදනා 5ක් යටතේ විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි.
  • නොපැමිණි විත්තිකරු: නඩුවේ 3 වැනි විත්තිකරු වන කුමාර් ෆාරුක් යන අය අධිකරණය මඟහැර සිටීම හේතුවෙන්, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහ පනතේ 241 වැනි වගන්තිය යටතේ විත්තිකරු නොමැතිවම (In Absentia) නඩු විභාගය පවත්වා තීන්දු ලබා දීමට පියවර ගැනිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මීතොටමුල්ල ඉඩම් ගොඩකිරීමට ලක්ෂ 640ක කප්පම් ඉල්ලීමේ සිද්ධිය; වන්දිය නියමිත පරිදි ගෙවන බවට විත්ති පාර්ශ්වයේ නීතිඥයන්ගෙන් උසාවියට පොරොන්දුවක්

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අවසර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ට නියම කර ඇති රුපියල් ලක්ෂ 100ක (කෝටියක) වන්දි මුදල 2027 වසරේ ජූලි මස 06 වැනිදාට පෙර ගෙවා නිම කළ යුතු බව කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

අදාළ අභියාචනාධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ ඊයේ (08) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා දැනුම් දුන්නේ, විත්තිකරු මෙම වන්දි ගෙවීම පැහැර හැරියහොත් එය අධිකරණ නියෝග කඩකිරීමක් ලෙස සලකා වසර 9ක සිරදඬුවමක් ක්‍රියාත්මක කරන බවයි.

ලක්ෂ 640ක කප්පම් ඉල්ලීමේ අතීත කතාව

2015 වසරේ අප්‍රේල් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ගොඩකිරීමේ අනුමැතිය වෙනුවෙන් මොරටුව ප්‍රදේශයේ පදිංචි එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 640ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා තර්ජනය කිරීම සහ ඉන් ලක්ෂ 150ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

මුල් දඬුවම:
මෙම සිද්ධියට වරදකරු වූ ප්‍රසන්න රණතුංග ට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 250ක දඩයක් සහ ලක්ෂ 100ක වන්දි මුදලක් ගෙවීමට මීට පෙර නියෝග කර තිබූ අතර, ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප වීමෙන් පසු එම තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා නඩුව නැවත කැඳවා ඇත.


බිරිඳ සහ තුන්වැනි විත්තිකරු

ප්‍රසන්න රණතුංග මහතාට අමතරව ඔහුගේ බිරිඳ වන මොරීන් ස්ටෙලා රණතුංග සහ නරේන් කුමාර් ෆාරික් යන අය ද මෙම නඩුවේ අධිචෝදනා 5ක් යටතේ විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි.

නොපැමිණි විත්තිකරු:
නඩුවේ 3 වැනි විත්තිකරු වන කුමාර් ෆාරුක් යන අය අධිකරණය මඟහැර සිටීම හේතුවෙන්, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහ පනතේ 241 වැනි වගන්තිය යටතේ විත්තිකරු නොමැතිවම (In Absentia) නඩු විභාගය පවත්වා තීන්දු ලබා දීමට පියවර ගැනිණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ පොරොන්දු වූයේ නියමිත කාලසීමාවට පෙර අදාළ වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා නිම කරන බවයි. එම නීතිමය පොරොන්දුව සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරු මුදා හැරීමට මහාධිකරණය පියවර ගත්තේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...