මානව හිමිකම් නීතිඥවරයකු සහ සත්‍යය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්‍ෂිකා යෂ්මින් සූකා

සහ වෙබ් අඩවි ක්‍රියාකරුවෙක් ඇතුළුව එක්සත් රාජධානියේ වෙසෙන තවත් වගඋත්තරකරුවන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් 2022 පෙබරවාරි මාසයේදී අධිකරණයේ පෙනී සිටින ලෙසට යළි සිතාසි නිකුත් කර තිබේ.

ඒ, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි (Major General Suresh Sallay) විසින් ගොනු කරන ලද සිවිල් අපහාස නඩුවක් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.

විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටින බවට අවධානයට යොමු වූ අවස්ථාවේදී යළි සිතාසි නිකුත් කරන ලෙස අතිරේක දිසා විනිසුරු ඒ.ඩී.චතුරිකා ද සිල්වා නියෝග කළාය.

 

මෙම නඩුවේදී, මේජර් ජෙනරාල් සලේ, ඔහුට එරෙහිව අසත්‍ය, ද්වේෂසහගත, අපහාසාත්මක ප්‍රකාශ කළ  බවට චෝදනා කරමින් යස්මින් සූකා සහ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) සහ වෙබ් අඩවි ක්‍රියාකරුගෙන් රුපියල් බිලියන 1 ක වන්දි මුදලක් ඉල්ලා සිටී.


රජයේ වෛද්‍යවරයෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරමින් අසත්‍ය සාක්‍ෂි ලබා දීමට සහ ඔහුට තර්ජනය කරමින් අත්අඩංගුවේ තබා ගැනීමට බල කළ බවට පැමිණිලිකරුට චෝදනා එල්ල විය.

දැනට ඇමරිකාවේ සිටින එම වෛද්‍යවරයා චෝදනා කර තිබුණේ පැමිණිලිකරු විසින් කරනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවටය.

පැමිණිල්ලේ දී මේජර් ජනරාල් සලේ ප්‍රකාශ කර ඇත්තේ, ඔහු දැනට මේජර් ජෙනරාල් නිලය දරණ කීර්තිමත් වෘත්තියක් සහිත (RWP, RSP, USP, NDC, PSC, MDEFS) ලද හමුදා නිලධාරියෙකු බවයි.

1987 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු තමාට උසස්වීම් කිහිපයක් ලැබී ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.  ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. මේජර් ජෙනරාල් සලේ  Covid-19 තුරන් කිරීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකි.

පළමු විත්තිකාරිය වන යෂ්මින් සූකා විසින් තමා එල්ල කරමින් කරන ලද ප්‍රකාශය 2 වැනි විත්තිකරු විසින් ක්‍රියාත්මක කරන වෙබ් අඩවියේ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂාවලින් 2020 ජූනි 01 වැනි දින පළ කර ඇති බවට ඔහු පැමිණිලි කරයි.

එමෙන්ම 2 වන සහ 3 වන විත්තිකරුවන් විසින් අසත්‍ය, ද්වේෂසහගත සහ අපහාසාත්මක ලෙස විස්තර කරන ලද එම ප්‍රකාශයන් වෙබ් අඩවියේ පළ කර ප්‍රසිද්ධ කළ බව ඔහු පවසයි.

ඒ අනුව තමාට සිදුවී ඇති අලාභය සම්බන්ධයෙන් රුපියල් බිලියනයක් හෝ ඊට සමාන ඇමරිකානු ඩොලර්වලින් ගෙවන ලෙසට මේජර් ජෙනරාල්වරයා ආයාචනයක් කර තිබේ.

නඩුව ලබන වසරේ පෙබරවාරි 22 වැනිදා යළි කැඳවීමට නියමිතය.

සක්‍රිය සේවයේ නිරත නිලධාරියකු ජාත්‍යන්තර සංවිධානයකට එරෙහිව නීති මගින් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය වේ.




මුලාශ්‍ර පුවත :

Sallay defamation case: District Court reissues summons on Yasmin Sooka and others




සබැඳි පුවත :

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා, යෂ්මින් සූකාගෙන් වන්දියක් ඉල්ලයි !

 

 


  

 
THE LEADER TV
 
 
ජීතයේ දුශ්තා මැඩලන්න වැදි දියුනු සංවද්දන සැලැස්මක් ! | මොණරවිලගේ ලියමන 
 
 
 
මහින්දට කල දේ බැසිල්ට පල දේ ! | Gossip
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්