BREAKING
බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●
Top Ad
පුවත්

රතු කොඩි බිම දමා එසවිය යුතු කොළ කොඩි 5ක් - PCR කියයි

T

The Leader Desk

December 21, 2021 • 6:46 AM

රතු කොඩි බිම දමා එසවිය යුතු කොළ කොඩි 5ක් - PCR කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට රතු කොඩි බිම දමා එසවිය යුතු කොළ කොඩි 5ක් ගැන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක (PCR) කියයි.
  •  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ PCR මෙසේද ප්‍රකාශ කළේය.
  • ඒ වගේම මේ අද අපේ තියෙන ප්‍රශ්න ගණනාවකට මේ ගෝඨාභය මහත්තයාගේ ඇතැම් පියවර, මහින්ද මහත්තයාගේ ඇතැම් පියවර, මේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඇතැම් පියවර හේතුභූත වෙලා තියෙනවා.
  •   1- ඉහළම ගණයේ ධන කුවේරයින්ට දැවැන්ත බදු සහනයක් : පළමුවෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආව වහාම මොකද කළේ.?
අකුරු ප්‍රමාණය (Font Size):



වත්මන් දේශපාලන තත්ත්වය පැහැදිලි කරමින් ඔහු එබව කියා සිටියේ, බලපිටිය 43 සේනාංක ජන හමුවේදී අදහස් දක්වමිනි.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ PCR මෙසේද ප්‍රකාශ කළේය.

"පිටරටින් බඩු ගේන එක කපාගෙන කපාගෙන යනවා. මුලින්ම නැවැත්තුවා වාහන ගෙන්නිල්ල සහ අමතර කොටස් ගෙන්නිල්ල. අත්‍යවශ්‍යය නොවන භාණ්ඩ කියලා භාණ්ඩ පන්සිය හැට දෙකක් නැවැත්තුවා. පොහොර ගෙන්නන එක නැවැත්තුවා. රසායන ද්‍රව්‍ය ගේන එක නැවැත්තුවා. අද වෙනකොට ඖෂධ ගෙන්නන එක නවත්තලා තියෙනවා. සැලකිය යුතු ප්‍රමාණයකින් ඉන්ධන ගේන එක නැවතෙමින් තියෙනවා. ගෑස් ගේන එක පාලනය වෙමින් තියෙනවා. ගල් අඟුරු ගේන එක පාලනය වෙමින් තියෙනවා.


ඒ වගේම තමයි සමහර ටෙන්ඩර් දැම්මම එකෙක්වත් එන්නෑ. දැන් ගල් අඟුරු ටෙන්ඩරයට කවුරුවත් ආවේ නෑ. තෙල් ටෙන්ඩරයට කවුරුවත් එන් නැතුව පිරිපහදුව වැහුණා. දැන් පිරිපහදුව දුවනවා. මම කියනවා ජනවාරි මාසේ මුල සතියේ පිරිපහදුව ආයි වැහෙනවා. ටෙන්ඩරයට කවුරුත් නෑ. බංකොලොත් වෙන රටක LC ඇරියට, ණයවර ලිපි ඇරියට, ඒ ණයවර ලිපි වලට පිළිතුරු දෙන්න කිසිම ජාත්‍යන්තර බැංකුවක් ඉදිරිපත් වෙන්නෑ. ඒක තමයි ඇත්ත.


''ඊළඟ මාසේ පන්නගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්''


ඒ නිසා අපි භයානක වලකට වැටෙමින් යන්නේ. මේක තව අවුරුදු ගාණක් යන ප්‍රශ්නයක් එහෙම නෙමෙයි. නිකන් බැලූ බැල්මට ගෝඨාභය මහත්තයට තව අවුරුදු තුනක් ආණ්ඩු කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවට තව අවුරුදු හතරක් ආණ්ඩු කරන්න පුළුවන්. හැබැයි එච්චර කල් යන්නේ නෑ. මේ ඊළඟ මාසේ පන්නගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි. අද අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒ තරමට මේ ප්‍රශ්නය උග්‍රවෙලා තියෙනවා.

ඒ වගේම මේ අද අපේ තියෙන ප්‍රශ්න ගණනාවකට මේ ගෝඨාභය මහත්තයාගේ ඇතැම් පියවර, මහින්ද මහත්තයාගේ ඇතැම් පියවර, මේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඇතැම් පියවර හේතුභූත වෙලා තියෙනවා.

 

අපි රතු කොඩිය උස්සලා තියෙනවා අවස්ථා ගානක. මොනවද ඒ රතු කොඩි? මිනිසුන්ගේ විශ්වාසය බිඳ වැටෙන රතු කොඩි. ජාත්‍යන්තර වශයෙනුත්, ජාතික වශයෙනුත් අපි රතු කොඩි උස්සලා තියෙනවා.

 

1- ඉහළම ගණයේ ධන කුවේරයින්ට දැවැන්ත බදු සහනයක්:


පළමුවෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආව වහාම මොකද කළේ.? රතු කොඩියක් ඉස්සුවා දෙසැම්බර් පළවෙනිදා. ඒ මොකද කළේ? ඉහළම ගණයේ ධන කුවේරයින්ට දීලා තිබිච්ච බදු ඉවත් කරලා දැවැන්ත බදු සහනයක් දුන්නා.

 ඒ විතරක් නෙමෙයි. ඒ බදු සහනය නිසා ආණ්ඩුවේ ආදායමෙන් සීයට හතළිහක් (40%) නැතිවුණා. ඒක නැතිවුණාම අර අන්තර්ජාතික ආයතන ඔක්කොම කල්පනා කළා "ලංකාවට දැන් ණය ගෙවාගන්න සල්ලි නැති වෙන්නයි යන්නේ" කියලා. පටස් ගාලා පහලට දැම්මා ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල. අන්න එක රතු කොඩියක් ඉස්සුවා.


2- සහනදායි ණය දීපු වැදගත් ව්‍යපෘති 323 ක් නැවැත්තුවා:


ඊළඟට එතුමා තව රතු කොඩියක් ඉස්සුවා. ඒක තමයි මේ රටට සහනදායි ණය දීපු වැදගත් ව්‍යපෘති තුන්සිය විසිතුනක් නැවැත්තුවා.

මොනවද ඒ? අර ජපානෙන් දීපු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ආසියානු සංවර්ධන බැංකුවෙන් දීපු මරදානේ ඉඳන් හෝමාගමට දුම්රිය ව්‍යාපෘතිය, විදුලි දුම්රිය ව්‍යාපෘතිය, ඊළඟට කොරියානු ආණ්ඩුවෙන් තාක්ෂණ නගරයක් හදලා 80,000 කට උපාධි දෙන්න තාක්ෂණය පුහුණු කරන්න තාක්ෂණ නගර ව්‍යාපෘතිය සඳහා වූ කොරියානු ආධාරය, ඊළඟට කොළඹ නගරයේ බිම්ගත ජාල පද්ධතිය විදුලිබල මණ්ඩලයෙන් හදන්න දීපු ණය,

මේ වගේ ව්‍යාපෘති තුන්සිය විසි තුනක් නවත්තලා 24,000 ක් සේවකයෝ පාරට දැම්මා. පටන් ගත්තේ එහෙම. මොකක්ද මේකෙන් අන්තර්ජාතික ප්‍රජාවට දෙන පණිවිඩය? ලංකාවේ මොන ව්‍යාපෘතියක්වත් සාධාරණව කරන්න පුළුවන් තැනක් නෙවෙයි තියෙන්නේ කියන පණිවිඩයයි යන්නේ. කිසිම අන්තර්ජාතික ආයතනයක් ඊට පස්සේ ඉදිරිපත් වෙන්නේ නෑ. එච්චරයි. අන්න දෙවෙනි රතු කොඩිය ඉස්සුවා.


3- හොරකම් කරන්න බැරි නිසා IMF එලෙව්වා !


තුන්වෙනි රතු කොඩියත් ඉස්සුවා. ඒක තමයි අපි අමාරුවේ වැටිච්ච වෙලාවේ 2017 දීත් ණය ගෙවා ගන්න බැරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඒකකයක් ලංකාවේ ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වීමෙන් තමයි යම් ප්‍රමාණයකට විදේශීය වෙළඳපොලෙන් ණය ආපසු ගැනීමේ හැකියාවක් ණය ගැනීමේ හැකියාවක් අපට ලැබුණේ.

එතකොට අපිට තිබුණා අවශ්‍ය නම් ඒක තව අවුරුද්දකට, මාස හයකට, එහෙම නැත්නම් අවුරුදු දෙහෙකට කල් දාගන්න. නමුත් ඒක ඉවර වෙන්න තිබිච්ච 2020 ජුනි මාසේ IMF එකට පයින් ගහලා එළියට දැම්මා. මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් කියලා කිව්වා.

ඇත්ත කතාව මොකක්ද? IMF එක තියෙනකොට මිත්‍රවරුනි හොරකම් කරන්න බෑ. ඕකයි ඇත්ත කතාව. ඒක එළියට දාගත්තේ ඒකයි. වෙන ලොකු හේතුවක් මත නෙමෙයි. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයව අමාරුවේ වැටිලා ඔය IMF එකට ගියා 2018 දීත්. එහෙනම් ඒකට දැන් නොයා ඉන්න හේතුවක් නෑ. අන්න තුන්වෙනි රතු කොඩිය දැම්මා.


4-  අවනීතිය ක්‍රියාත්මක වෙන බව ලෝකෙටම පෙන්නලා දුන්නා


ඊළඟට හතරවෙනි රතු කොඩිය. මොකක්ද? මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. අවනීතිය ක්‍රියාත්මක වෙන බව ලෝකෙටම පෙන්නලා දුන්නා. පිරිසිදු පැහැදිලි දූෂණ චෝදනා තියෙන නඩු හැත්තෑ පහක් නිදොස් කොට නිදහස් කරලා එළියට දැම්මා.

ඊළඟට කිසිම ආකාරයකට චෝදනාවක් නැති මිනිස්සුන්ව හිරේ දැම්මා. 19 වෙනි සංශෝධනය අහෝසි කරලා, 20 වෙනි සංශෝධනය ගෙනල්ලා අධිකරණයේ පත්කිරීම් බලය ජනාධිපති අතට ගත්තා.

රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය පිස්සු කෙලින්න පටන් ගත්තා. රහස් පොලිසියට නිකන් මේ ගුරුවරු පණිවිඩ දුන්නයි කිව්වම අරන් ගියා. ෆේස්බුක් එකේ මොකක්හරි දැම්මොත් තරුණන් අරන් ගියා. හැබැයි මංකොල්ලකාරයෝ, පට්ට හොරු, ජාතික ධනය කොල්ලකාපු මිනිස්සුන්ට කවදාක්වත් රහස් පොලීසියට පෙනුනේ නෑ. මේවා ඔක්කොම පිටරට වාර්තා වෙනවා.

දැන් රන්ජන් රාමනායක මහත්තයාට දීපු තීන්දුව අසාධාරණයි කියලා අන්තර් පාර්ලිමේන්තු යුනියන් එක ප්‍රකාශයක් කරලා තියෙනවා. මේක මුළු ලෝකෙටම පේනවා. මේ රටට ඒක භයානක විදිහට බලපාලා තියෙන්නේ. මොකෝ රන්ජන්ව හිරේ ඇරියේ රටේ පවතින කිසිම නීතියකට අනුව නෙමෙයි. කිසිම නීතියකට අනුව නෙමෙයි. එතකොට ඒ වගේ සිද්ධි කළා.

රන්ජන් කළේ හරිද වැරැද්ද වෙන්න පුළුවන්. ඕකට සුළු දඬුවමක් දෙන්න තිබුණා. අවුරුදු හතරක් මිනිහෙක් බරපතළ වැඩ ඇතුව හිරේ යවන්න හේතුවක් එතන තිබුන් නෑ. ඒක ඉතා පැහැදිලියි. එතකොට ඒවට අද විරෝධය පළ කරලා තියෙනවා. වහාම රන්ජන් එලියට දාන්න කියලා තියෙනවා.

එතකොට මේ මේවත් එක්ක මොකද වෙලා තියෙන්නේ? රටේ නීතිය, අධිකරණ පද්ධතිය ගැන විශ්වාසයක් නෑ. දැන් විනිසුරුවරු පත්වෙන්නේ අවංකත්වය මතවත්, ජේෂ්ඨත්වය මතවත් නෙවෙයි. ජනාධිපතිගේ අතින්. එතකොට යුක්තිය ඉෂ්ට වෙනවද? නෑ.

පොලීසිය පත්වීම් ලබා දෙන්නේ කොහොමද කියලා මේ ඊයේ පෙරේදා ඔප්පු වුණා. පත්වීම් ගන්නත් අද ඇතැම් ලේකම්ලාගේ පඩි ගන්න ඕනේ. පොලිසියේ විශ්වාසයක් තියෙනවද? නෑ.


5- හමුදා පාලනයක් තියෙන රටක් !


හැම රජයේ පත්වීමකටම හමුදා නිලධාරීන් දැම්මම ඒ ගැන ලෝකේ මිනිස්සුන්ට පෙන්නේ කොහොමද? උඩ ඉදන් පහළට ජනරාල්ලා.

යකෝ මේක හමුදා පාලනයක් තියෙන රටක්. ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි කියලා තමයි පේන්නේ. ඉතින් මේ සියල්ලත් එක්ක රට ගැන තිබිච්ච, රටේ නීතිය ගැන තිබිච්ච විශ්වාසය නැති කරගත්තා.
අන්න පස්වෙනි රතු කොඩියත් උස්සගත්තා.


හරි. ඉතින් කොහොමද රටක් කරන්නේ?


අපි මුලින්ම මේ රට හදන්න ඕන්නම් මේ රට මුලින්ම ගලෝගන්න ඕන්නම් බංකොලොත්භාවයෙන් ඔය උස්සපු රතු කොඩි පහ මොකද කරන්න ඕනේ? පහලට දාන්න ඕනේ. පහලට දාලා කොළ කොඩි පහක් උස්සගන්න ඕනේ.

එහෙම වුනොත් තමයි අපිට පුළුවන් වෙන්නේ යුරෝපා සංගමයෙන් මේ ධීවරයින්ගේ මේ ඊළඟ ජී. එස්. පී. ප්ලස් සහනය එක්ක අර මාළු ටොන් 18000 බලපිටිය, අම්බලන්ගොඩ ධීවරයගේ මාළු ටික නැවත වතාවක් යුරෝපා සංගමයට යවන්න.

ඒ වගේම විදේශවල තියෙන ධනය අරගෙන අපේ දරුවට කිරිපිටි ටික දෙන්න. කෑම ටික දෙන්න. ගෑස් ටික දෙන්න. විදුලියට, ගල් අඟුරු ටික ගේන්න. පාරේ දුවන්න තෙල් ටික ගේන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ එහෙමයි. එහෙම නැතුව වෙන කිසිම ක්‍රමයක් මෙතන නෑ. අර රතු කොඩි පහ වෙනුවට කොළ කොඩි පහ උස්සන්නම ඕන "

pCs

 

 

Leader Whats app

 
 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 

 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
ස' වැටිච්ච අමාරුවක්! දිලිත් ද? පීබී ද?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...