BREAKING
වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●
Top Ad
පුවත්

'පොහොර වැඩේ' ඇන්නුවේ කව්ද ? - ඇමති ගොඩහේවාගේ අනාවරණයක්

T

The Leader Desk

December 23, 2021 • 6:19 AM

'පොහොර වැඩේ' ඇන්නුවේ කව්ද ? - ඇමති ගොඩහේවාගේ අනාවරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොර පිළිබඳ ප්‍රශ්නය තරමක් දුරට වත්මන් ආණ්ඩුව විසින් ම හදාගත්ත ප්‍රශ්නයක් බවත්, එසේ වුයේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයේ
  • එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
  • ඒක අපි හදාගත්තේ අපේ අරමුණ කුමක්ද කියලා හරියට වටහා ගන්නේ නැතිව ඒක වැරදි ආකාරයට ක්‍රියාත්මක කිරීම නිසා.''   මම නැවතත් ඒක තමුන්නාන්සේලාට පැහැදිලි කරන්නම්, මේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතාමත්ම පැහැදිලිව කියලා තිබෙනවා.
  • හැබැයි ඒ කියලා තිබෙන්නේ අවුරුදු 10 කින්.
අකුරු ප්‍රමාණය (Font Size):

අරමුණ කුමක්දැයි හරිහැටි වටහා නොගෙන වැරදි ආකාරයට ක්‍රියාත්මක කිරීම නිසා බවත් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ සක්‍රිය දේශපාලනයට හඳුන්වා දුන් 'වියත්මග' සංවිධානයේ ප්‍රධානියකු වන ආචාර්ය නාලක ගොඩහේවා එබව පැවසුයේ, බියගම උඩුපිල කම්මල්වත්ත ජයසුමනාරාම විහාරස්ථානයට පුස්තකාලයක් ලබාදීම සහ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි සමිති 14 ක් සඳහා උපකරණ ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

ගෝඨාභය රාජපක්ෂ රට හමුවට ඉදිරිපත් කල 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවසන් කෙටුම්පත සම්පාදනය කල නාලක ගොඩහේවා පවසන්නේ, එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ, මේ රට වස විසෙන් තොර කාබනික පොහොර භාවිතයට යොමු කිරීම වසර 10ක් තුල සිදුකිරීමට යෝජනා කර තිබුන ද ජනාධිපතිවරයා සිය ධුර කාලය තුළ දී එම වැඩපිළිවෙල කඩිනම් කිරීමට තීරණය කල බවයි.


එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

 

'' අපි හරි දේවල් කරද්දි වැරදිච්ච දේවලූත් තිබෙනවා. ඒ වැරදුනු දේවලත් කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි අපිට පාලනය කර ගන්නට හැකියාව නොතිබුණු දේවල්. මේ ගෝලීය අර්බුදයත් පාලනය කරන්න බැරි වෙච්ච කාරණයක්. අපි අපේම වරදින් හදාගත්ත ප්‍රශ්න කිහිපයකුත් තිබෙනවා. එකක් තමයි මේ පොහොර පිළිබඳ ප්‍රශ්නය. පොහොර පිළිබඳ ප්‍රශ්නය තරමක් දුරට අපි හදාගත්ත ප්‍රශ්නයක්. ඒක අපි හදාගත්තේ අපේ අරමුණ කුමක්ද කියලා හරියට වටහා ගන්නේ නැතිව ඒක වැරදි ආකාරයට ක්‍රියාත්මක කිරීම නිසා.''

 

මම නැවතත් ඒක තමුන්නාන්සේලාට පැහැදිලි කරන්නම්, මේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතාමත්ම පැහැදිලිව කියලා තිබෙනවා. මේ රට කාබනික පොහොර වගාවට යන්න  ඕනේ කියලා. හැබැයි ඒ කියලා තිබෙන්නේ අවුරුදු 10 කින්. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවසාන කෙටුම්පත ලියපු කෙනෙක් මම. අපි කිව්වා අවුරුදු 10 කින් මේ රට වස විසෙන් තොර කාබනික පොහොර භාවිතයට යොමු කරන්න  ඕනේ කියලා. එය ප්‍රතිපත්තියේ තිබුණා.

ජනාධිපතිතුමා පොඩි වෙනසක් සිදුකළා මේ ප්‍රතිපත්තියේ. මොකද්ද ඒ වෙනස. එතුමා කිව්වා මට මේක කඩිනම් කරන්න ඕනේ කියලා. අවුරුදු 10 කින් නෙමෙයි මට මේක මගේ ධූර කාලය තුළ කරන්න ඕනේ කියලා ජනාධිපතිතුමා කිව්වා.

1977 ජේ.ආර්. ජයවර්ධන මහත්මයා බලයට ආපු වෙලාවේ එක ප්‍රධානතම වැඩසටහනක් උනේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය. මොකද්ද කඩිනම් මහවැලි ව්‍යාපෘතිය කියලා කියන්නේ අවුරුදු 30 කින් නිම කරන්නට රජය සැලසුම් කරලා තිබූ මහවැලි ව්‍යාපාරය අවුරුදු 6 කින් නිම කරන්නට  ඕනේ කියලා ඒ ජනාධිපතිවරයා තීන්දු කරලා ගාමිණි දිසානායක අමාත්‍යවරයාට භාර දීලා ඒ හා සම්බන්ධ නිලධාරීන්ට, වගකිවයුත්තන්ට ඒ වගකීම බාර දුන්නා.

ඊට පස්සේ ඒ අමාත්‍යවරයා හා ඒ සම්බන්ධ නිලධාරීන් ඒ සඳහා සැලැස්මක් සකස් කරලා මේක කඩිනම් කරන්නේ කොහොමද? කඩිනම් කරන්නට නම් කලින් සැලැස්මේ මොනවද සිදුකළ යුතු වෙනස්කම්, අපි කොහෙන්ද මුදල් සොයා ගන්නට  ඕනේ. ඉතාමත්ම ඉක්මනින් සැලසුම් කරලා ඒ අයගේ ධූරකාලය තුළ මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා.

ඒ නිසා අපිට වික්ටෝරියා, රන්ටැඹේ, රන්දෙනිගල මේ වගේ මහා විශාල ජලාශ අවුරුදු 6 ක් තුළ ඉදිවෙනවා දකින්නට ලැබුණා.


එතකොට ඒ වැඩපිළිවෙල සම්බන්ධයෙන් එම තීන්දුව ගැනීමේදී එම ජනාධිපතිවරයාට දොස් කිව්වද? තිස් අවුරුද්දකින් කරන්නට හිටපු වැඩේ හය අවුරුද්දකින් කරන්න කියලා කවුද කිව්වේ කියලා ඇහුවද? නැහැ ඒක ජනාධිපතිවරයාගේ තීන්දුව. ඒක ක්‍රියාත්මක උනා. ඒ වගේම ඒක කළේ ජනාධිපතිවරයාද? මුදල් හොය හොය ගියේ ජනාධිපතිවරයාද? ඉඩම්වලින් මිනිස්සු අයින් කරලා භූමිය සුද්ධ කර ගත්තේ ජනාධිපතිවරයාද, අවශ්‍ය කරන යාන්ත්‍රණය, තාක්ෂණය ගෙනාවේ ජනාධිපතිවරයාද නැහැ. ඒකට අමාත්‍යවරයෙක් හිටියා, නිලධාරී හිටියා ඒ අය ඒක කළේ.

 

''ජනාධිපතිතුමාගේ තීරණයේ වරදක් නැහැ.'' 


ඉතින් අපේ ජනාධිපතිතුමත් කිව්වා මේ කාබනික පොහොරවලට යන වැඩපිළිවෙල අවුරුදු 10න් කරනවා වෙනුවට අවුරුදු 5 න් කරන්න  ඕනේ කියලා. අවුරුදු 30 කින් කරන එක 6කින් කරනවාට වඩා ඒක පහසුයි. ඒ කීමේ වරදත් තිබෙනවාද? මම හිතන්නේ නැහැ ඒකෙ වරදක් තිබෙනවා කියලා.

 

නමුත් ඒක ක්‍රියාත්මක කිරීමේදී අපි වැරදි ගොඩක් කරගත්තා. මොකද්ද කර ගත්ත පළවෙනි වැරැද්ද?, පළවෙනි වරද තමයි අවුරුදු පහකින් කරන්න තිබුණ දේට ගිහිල්ලා ගැසට් එකක් ගැහුවා වහාම ක්‍රියාත්මක වන පරිදි රසායනික පොහොර ගෙන්වන එක නතර කරනවා කියලා.

 

ඒක මගේ විෂය නෙමෙයි, මම හිතන්නේ නැහැ ජනාධිපතිතුමා එහෙම කිව්වා කියලා. එහෙනම් කවුද මේක කරපු නිලධාරියෝ ?. මම පාර්ලිමේන්තුවේ මුදල් කොමිසමේ ඉන්නවා සාමාජිකයෙක් වශයෙන්. මුදල් කොමිසමට ආවාහම ඒ ගැසට් පත්‍රයේත් හුඟක් වැරදි තිබ්බා. අපි ඇහුවා ඇයි මෙහෙම ගැසට් ගහන්නේ, නිලධාරීන් ඇයි මේවා හොයලා බලලා කරන්නේ නැත්තේ කියලා. අපි ඒ ප්‍රශ්නය ඇහුවා.

ඒ නිසා මොකද උනේ මේ රටේ මහා විරෝධයක් හැදෙන්න පටන් ගත්තා. මහා ප්‍රශ්නයක් ඇතිවෙන්න පටන් ගත්තා. එකපාරටම කඩිනමින් සියල්ල නතර කරලා උඩු යටිකුරු කරන්න බැහැ කියලා මිනිස්සු, ගොවියො කියන්න පටන් ගත්තා.


විහින් කරගත්ත වරදක්....

ඊ ළඟට ඒ ගැසට් එක විතරක් නෙමෙයි ඒ වැඩ පිළිවෙල ඉවක් බවක් නැතිව කරන්න උත්සාහ කරා. ඒ නිසා ජනතාව තුළ මේ හොඳ වැඩේට විරෝධයක් හැදෙන්න පටන් ගත්තා. ඒ නිසා කරන්න පුළුවන් මිනිහත් කරන්නෙ නැතිව හිටියා. අන්තිමට මහා විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා අපේ ගොවිබිම්වල වැඩකටයුතු නතර වෙලා අවසානයේදී අපට යම්කිසි නම්‍යශීලීතාවයකට එන්න සිදුවුණා.

මම හිතනවා ඒක අපි විහින් කරගත්ත වරදක්. ඒක අපිට පිළිගන්නට වෙනවා. ප්‍රමාද වෙලා හරි ඒක නිවැරදි කරගෙන ඉන්න එක හොඳ තත්වයක්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි ප්‍රතිපත්ති වෙනස් වෙලා කියලා. ප්‍රතිපත්ති වෙනස් වෙන්න බැහැ.

 

ඒ නිසා දැන්වත් අපි හරි වැඩපිළිවෙලක් හදාගෙන නිසි ක්‍රමවේදයකට එම කාර්යය කරන්න  ඕනේ ගොවියා මත, ජනතාව මත බරක් පටවන්නේ නැතිව. අපේ අපනයන් කඩා බිඳ දමන්නේ නැතිව, අපේ කෘෂිකර්මාන්තය බිඳ දමන්නේ නැතිව. ඒක කරන්න පුළුවන්.

 

මොකද කාබනික පොහොර එනවත් සමගම කාබනික පොහොර තනියෙන් ඇවිල්ලා බැහැ. ඒකත් සමග තාක්ෂණය, උපකරණ, යන්ත්‍රෝපකරණ, දැනුම එන්න  ඕනේ. කරන්න බැරි වැඩක් නෙමෙයි.

 අද ලංකාවට වඩා ලෝකයේ පුංචි රටක් තමයි නෙදර්ලන්තය කියලා කියන්නේ. නෙදර්ලන්තය තමයි ලෝකයේ වැඩියෙන්ම කෘෂි නිෂ්පාදන අපනයනය කරන රට. කොහොමද ඒක කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒක කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ නෙදර්ලන්තය ඒ කෘෂි නිෂ්පාදනවල ඵලදායීතාවය වැඩිකර ගැනීම සඳහා අවශ්‍යකරන පරීක්ෂණ කිරීම සඳහා විශ්ව විද්‍යාල ගණනාවක් පිහිටවලා, තාක්ෂණික විද්‍යාල ගණනාවක් පිහිටවලා, ඒ ගැන නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වලා ඒ දැනුම ගමට ගෙනිහින්, ගොවියන් ගාවට ගෙනහින්, ගොවියෝ සමග එකතු වෙලා ඉතාමත් කුඩා බිමකින් විශාල ඵලදාවක් ලබාගන්නා කෘෂි තාක්ෂණයක් ඒ රටට හඳුන්වා දී තිබෙන නිසා.

ඒ සඳහා අවශ්‍යකරන යන්ත්‍රෝපකරණ හඳුන්වා දී තිබෙන නිසා. ලංකාවට ඒක ඊට වඩා හොඳට කරන්නට පුළුවන්. මොකද නෙදර්ලන්තය කියලා කියන්නේ ඍතු හතරක් තිබෙන රටක්. මොකද ලංකාව කියල කියන්නේ මුළු අවුරුද්ද පුරාම වැසි ලැබෙන වගාකරන්න පුළුවන් සරුසාර පොළවක් තිබෙන රටක්. ඉතින් ඒක අපට කරන්න පුළුවන්. හැබැයි කරන්නට අපි සැලසුමක් ඇතිව කරන්නට  ඕනේ. ඒක අපි හරියාකාරව අවතීර්ණ උනේ නැති නිසා තමයි ඒ වරද උනේ ''


 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
රාජපක්‍ෂලාට දේව කණ්නලව්වත් හරහට !| මොණරවිලගේ ලියමන්
 

 
ආණ්ඩුවෙම අය බැසිල්ට ගහන එක අගමැතිගෙ වැඩක්?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...