The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවට මිලියන 99ක දැවැන්ත ආයෝජනයක්

T

The Leader Desk

June 1, 2026 • 12:36 PM

ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවට මිලියන 99ක දැවැන්ත ආයෝජනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ගේ සහභාගිත්වයෙන් මෙම විවෘත කිරීම සිදු විය.
  • මොළය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිත රෝග රැසකට ප්‍රතිකාර කෙරෙන මෙම ආයතනය 1982 දී ආරම්භ කර තිබුණ ද, දීර්ඝ කාලයකින් එහි ප්‍රතිසංස්කරණ සිදුව නොතිබුණි.
  • වත්මන් රජය මැදිහත් වී මෙහි බිම් මහලට මිලියන 22ක්, පළමු මහලට මිලියන 52ක් සහ තුන්වන මහලට මිලියන 25ක් වශයෙන් සමස්ත රුපියල් මිලියන 99ක මුදලක් යොදවමින් මෙම නවීකරණය සිදු කර ඇත.
  • මෙහිදී කාන්තා හා පිරිමි වශයෙන් වෙන් කළ, ඇඳන් 22 බැගින් සමන්විත 62/63 වාට්ටු ද නිල වශයෙන් විවෘත කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ගේ සහභාගිත්වයෙන් මෙම විවෘත කිරීම සිදු විය.

මොළය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිත රෝග රැසකට ප්‍රතිකාර කෙරෙන මෙම ආයතනය 1982 දී ආරම්භ කර තිබුණ ද, දීර්ඝ කාලයකින් එහි ප්‍රතිසංස්කරණ සිදුව නොතිබුණි. වත්මන් රජය මැදිහත් වී මෙහි බිම් මහලට මිලියන 22ක්, පළමු මහලට මිලියන 52ක් සහ තුන්වන මහලට මිලියන 25ක් වශයෙන් සමස්ත රුපියල් මිලියන 99ක මුදලක් යොදවමින් මෙම නවීකරණය සිදු කර ඇත.

මෙහිදී කාන්තා හා පිරිමි වශයෙන් වෙන් කළ, ඇඳන් 22 බැගින් සමන්විත 62/63 වාට්ටු ද නිල වශයෙන් විවෘත කෙරිණි.

මෙහි විශේෂම අවස්ථාව වූයේ ආයතනයේ නිර්මාතෘ, දේශමාන්‍ය විද්‍යා ජෝති විශේෂඥ වෛද්‍ය ඡේ.බී. පීරිස්ගේ ඡායාරූපයක් ඇමැතිවරයා අතින් නිරාවරණය කිරීම සහ ඊට ඔහු ද සජීවීව එක්ව සිටීමයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ රැසක් ප්‍රකාශයට පත් කළේය.

දේශපාලන ලැයිස්තු වෙනුවට විවෘත සම්මුඛ පරීක්ෂණ හරහා සුදුසුකම් මත පමණක් සෞඛ්‍ය කාර්ය සහායකයන් 1,900ක් බඳවා ගැනීමට කටයුතු යොදා ඇති බවත්, ඒ සඳහා අයදුම්පත් 92,000ක් ලැබී ඇති බවත් ඔහු පැවසීය. මීට අමතරව හෙද උපාධිධාරීන් 515කට පත්වීම් ලබා දී ඇති අතර, එළඹෙන ඔක්තෝබර් මාසයේදී තවත් හෙද නිලධාරීන් 2,600කට පත්වීම් ලබා දෙන බව ද  සඳහන් කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 619ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බව පැවසූ ඇමැතිවරයා, ඉන් රුපියල් බිලියන 28ක් ගොඩනැගිලි ඉදිකිරීම් හා අලුත්වැඩියාවටත්, රුපියල් බිලියන 22ක් උපකරණ මිලදී ගැනීමට හා නඩත්තුවටත් වෙන් කර ඇති බව සඳහන් කළේය.

එමෙන්ම මේ වසර තුළ රුපියල් මිලියන 754ක් වැය කර නවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 5ක් සහ කැත්ලැබ් (Cath Lab) 16ක් රෝහල් පද්ධතියට එක් කරමින් 2029 වන විට මෙරට සෞඛ්‍ය සේවාව ලෝක මට්ටමට ඔසවා තැබීම රජයේ ඉලක්කය බව ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් රැසක් සහභාගි වූහ.

 neuro4neu1

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...