2024 වසරේ තුර්කියේ පැවති මහා සභා වාරයේදී 2026 සමුළුව මෙරට පැවැත්වීමේ නිල අයිතිය අදාළ නාලිකාව සතු කරගෙන තිබූ අතර, එය වත්මන් රජය ගත් තීරණයක් නොවේ. රජය සිදුකළේ එම අවස්ථාව ශ්‍රී ලංකාවේ ආර්ථික හා සංචාරක පුනර්ජීවනය වෙනුවෙන් බුද්ධිමත්ව උපයෝගී කරගැනීම පමණි.
ගෝලීය මාධ්‍ය ජාල ඔස්සේ ලැබුණු නොමිලේ ප්‍රචාරණය
ජපානයේ NHK, ඔස්ට්‍රේලියාවේ ABC, චීනයේ CMG, ඉන්දියාවේ ප්‍රසාර් භාරතී, දකුණු කොරියාවේ KBS, සිංගප්පූරුවේ Mediacorp මෙන්ම තුර්කියේ TRT ඇතුළු ලොව ප්‍රබල මාධ්‍ය නියෝජිතයන් 350කට අධික පිරිසක් මේ සඳහා දිවයිනට පැමිණියහ.
සමුළුවට සමගාමීව සීගිරිය, අනුරාධපුරය, මහනුවර, ගාල්ල, බෙන්තොට, නාගදීපය සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව නිර්මාණය වූ වාර්තා වැඩසටහන් රැසක් මේ වන විටත් ලොව පුරා විකාශය කෙරේ. මෙවැනි දැවැන්ත ජාත්‍යන්තර ප්‍රචාරණයක් සාමාන්‍ය වෙළෙඳ දැන්වීම් හරහා ලබාගැනීමට නම් රටට වැය කිරීමට සිදුවන මුදල අතිවිශාලය.
නීතිමය ක්‍රමවේදය සහ විනිවිදභාවය
මෙම අනුග්‍රාහකත්වය අමාත්‍යවරයෙකුගේ හෝ ආයතනයක හුදකලා තීරණයක් මත සිදුවූවක් නොවේ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය යන ත්‍රිත්වයේම පූර්ණ අනුමැතිය ඊට හිමිව තිබේ.
දෙරණ සරුංගල් සැණකෙළිය, ITN සහ ජාතික රූපවාහිනී නිෂ්පාදන මෙන්ම ප්‍රංශ ක්‍රීඩිකාවන් 250ක් එක්වූ 'Raid Amazones' තරගාවලියටද රජය මීට පෙර මෙලෙසම සහය දැක්වූයේ රටට ලැබෙන ප්‍රවර්ධන වාසිය සලකා බව මෙහිදී සිහිපත් කෙරිණි.
වැඩිදුර තොරතුරු සහ පසුබිම් සටහන්:



