බ්ලැක්ලයිට් (Blacklight) ආරම්භක පර්යේෂක ඩෙරික් කෝෆ්මන් (Derik Kauffman) පෙන්වා දෙන්නේ, ස්වයංක්‍රීයව වචන සම්පූර්ණ වීම (Autocomplete) හෝ ඇඟිල්ල ලිස්සා අකුරු ලිවීම (Swipe-typing) වළක්වන මෙවැනි යෙදුම් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඇපල් පද්ධතිය තුළ සඟවා ඇති බවයි.
ට්‍රම්ප්, බයිඩන් සහ මෝදිත් වැටුණු සීමාවන්
අසභ්‍ය, මත්ද්‍රව්‍ය හෝ ප්‍රචණ්ඩත්වයට අදාළ වචන පාලනය කිරීමට අමතරව ලෝක දේශපාලනයේ ප්රමුඛ නම් ගණනාවක් ද මෙම අළු ලැයිස්තුවට (Gray list) හසුව තිබීම විශේෂත්වයකි.
ඇමරිකානු දේශපාලනයේ නිතර ඇසෙන 'Dictator Trump' (ඒකාධිපති ට්‍රම්ප්) සහ 'Sleepy Joe' (නිද්‍රාශීලී ජෝ) වැනි වාග්ප්‍රහාර යතුරුපුවරුව හරහා ඉබේ මතුවීම සම්පූර්ණයෙන්ම සීමා කර ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෝ විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉලක්ක කර හින්දි බසින් යෙදෙන උපහාසාත්මක යෙදුම් මෙන්ම ප්‍රංශ සහ හීබෲ භාෂාවල සංක්‍රමණික සහ දේශසීමා ගැටලුවලට අදාළ වචන ද මෙලෙස ස්වයංක්‍රීයව ලියැවීම වැළකෙන බව අනාවරණය වේ.
පද්ධතියේ අභ්‍යන්තරය හාරා බැලූ හැටි
යතුරුපුවරුවෙන් අකුරු ලිස්සා ලිවීමේදී 'white man' වැනි යෙදුම් නොලියැවී, 'black man' යන යෙදුම සාමාන්‍ය පරිදි ලියැවෙන අයුරු දුටු කෝෆ්මන්, OpenAI Codex සහ Anthropic Claude Code වැනි කෘත්‍රිම බුද්ධි මෙවලම් ආධාරයෙන් මෙහෙයුම් පද්ධතියේ කේත පරීක්ෂා කර තිබේ.
ටොල්මෝ (Tolmo) ආයතනයේ සයිබර් ආරක්ෂණ විශේෂඥ මැට් සූචේ (Matt Suiche) ස්වාධීන පරීක්ෂණයකින් පෙන්වා දෙන්නේ වසර ගණනාවක් තිස්සේ සාමාන්‍ය ජනතාවගේ පණිවිඩ හුවමාරුව නිහඬව පාලනය කිරීමට මෙම පෙරහන් බලපා ඇති බවයි.
ස්වාධීන මාධ්‍ය නිරීක්ෂකයින් සිදුකළ පරීක්ෂණවලදී ද 'United Ireland' යන්න ලිවීමට තැත් කිරීමේදී 'United Iceland' ලෙසත්, 'Sleepy Joe' යන්න 'Sleepy hope' ලෙසත් විකෘති වී සටහන් වන බව තහවුරු විය.
සැහැල්ලු වාරණය සහ පරිශීලක නිදහස
පරිශීලකයින් අතින් අත්වැරදීමකින් හෝ සමාජයට හානිකර වචන සටහන් වීම වැළැක්වීම තම අරමුණ බව පවසන ඇපල් සමාගම, කැමති ඕනෑම අයෙකුට අකුරෙන් අකුර ටයිප් කිරීමේ නිදහස තවදුරටත් විවෘතව පවතින බව අවධාරණය කරයි.
ඩිජිටල් සිවිල් අයිතිවාසිකම් පිළිබඳ නීතිවේදීන් පෙන්වා දෙන්නේ, මෙවැනි ක්‍රමවේද සමාගමක රහසක් ලෙස නොතබා විනිවිදභාවයකින් යුතුව පරිශීලකයාට දැනුම් දිය යුතු බවයි. ඇපල් වැනි දැවැන්ත සමාගමක මෙවැනි කුඩා සීමාකිරීමක් පවා ගෝලීය අදහස් ප්රකාශනය කෙරෙහි අදෘශ්‍යමාන බලපෑමක් එල්ල කරන බව විචාරකයින්ගේ මතයයි.
විශ්වාසනීය මූලාශ්‍ර සබැඳි:



