The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'AI මගින් ගන්නා තොරතුරුවල රහස්‍යභාවය රකින්න නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍යයි' - ආචාර්ය නීතිඥ සුනිල් අබේරත්න

T

The Leader Desk

September 10, 2025 • 10:51 AM

'AI මගින් ගන්නා තොරතුරුවල රහස්‍යභාවය රකින්න නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍යයි' - ආචාර්ය නීතිඥ සුනිල් අබේරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ අදහස් පළ කළේ LAWASIA සන්නිවේදන, තාක්ෂණ සහ දත්ත ආරක්ෂණ කමිටුව විසින් සංවිධානය කරන ලද ජපනයේ පැවැති සමුළුවේදීය.
  • ජපානයේ සංසන්දනාත්මක නීති ආයතනය සහ ජපාන නීතිඥ සංගම් සම්මේලනය (JFBA) මෙන්ම චුඕ විශ්ව විද්‍යාලය,විසින් අනුග්‍රහය දක්වන LAWASIA දත්ත ආරක්ෂණ වැඩමුළුවට රටවල් 38ක නීති, අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍ර වල විද්වත්හු සහභාගීවී සිටියහ.
  • එම සමුළුව ඇමතූ ආචාර්ය අබේරත්න, ශ්‍රී ලංකාවේ දත්ත ආරක්ෂා කිරීමේ පනත ක්‍රියාත්මක කිරීම සහ දත්ත ආරක්ෂා කිරීමේ අභියෝගය පැහැදිලි කරමින් කියා සිටියේ තව දුරටත් ප්‍රමාද නොවී කඩිනමින් ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවය.
  • මෙම වැඩමුළුව සඳහා ලොව පුරා සිටින චින්තන නායකයන්, කර්මාන්ත විශේෂඥයන් සහ උද්‍යෝගිමත් උපදේශකයන් කැඳවනු ලබන අතර ඔවුන් වැඩි වැඩියෙන් ඩිජිටල්කරණය වන ලෝකයක පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සඳහා පොදු කැපවීමක් ඇති පිරිසක් වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මේ අදහස් පළ කළේ LAWASIA සන්නිවේදන, තාක්ෂණ සහ දත්ත ආරක්ෂණ කමිටුව විසින් සංවිධානය කරන ලද ජපනයේ පැවැති සමුළුවේදීය.

ජපානයේ සංසන්දනාත්මක නීති ආයතනය සහ ජපාන නීතිඥ සංගම් සම්මේලනය (JFBA) මෙන්ම චුඕ විශ්ව විද්‍යාලය,විසින් අනුග්‍රහය දක්වන LAWASIA දත්ත ආරක්ෂණ වැඩමුළුවට රටවල් 38ක නීති, අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍ර වල විද්වත්හු සහභාගීවී සිටියහ.

එම සමුළුව ඇමතූ ආචාර්ය අබේරත්න, ශ්‍රී ලංකාවේ දත්ත ආරක්ෂා කිරීමේ පනත ක්‍රියාත්මක කිරීම සහ දත්ත ආරක්ෂා කිරීමේ අභියෝගය පැහැදිලි කරමින් කියා සිටියේ තව දුරටත් ප්‍රමාද නොවී කඩිනමින් ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවය.  

 

මේ වන විටත් ජපානය, දකුණු කොරියාව, චීනය ආදී රටවල් කෘත්‍රිම බුද්ධිය මගින් ලබා ගන්නා තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා කිරිම සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග සම්පාදනය කොට ක්‍රියාත්මක කොට තිබෙනවා. අප ඒ මට්ටමට ළගාවීමට කඩිනමින් කටයුතු කළ යුතු යැයි ආචාර්ය අබේරත්න අවධාරණය කළේය.

 

WhatsApp Image 2025 09 10 at 10.18.31 AM 1

 

මෙම වැඩමුළුව සඳහා ලොව පුරා සිටින චින්තන නායකයන්, කර්මාන්ත විශේෂඥයන් සහ උද්‍යෝගිමත් උපදේශකයන් කැඳවනු ලබන අතර ඔවුන් වැඩි වැඩියෙන් ඩිජිටල්කරණය වන ලෝකයක පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සඳහා පොදු කැපවීමක් ඇති පිරිසක් වූහ.

''සැමට තම තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂිතව තබා ගත යුතුයි. එය ඩිජිටල් පරිසරයක පවා පෝෂණය කිරීම ඉතා වැදගත්. මේ වැඩමුළුව හරහා අපගේ මේ සාමූහික උත්සාහය එවැනි තැනකට මෙය ගෙන ඒමයි. එම නිසා තමයි මේ වැඩමුළුව අතරතුර ඔබගේ ක්‍රියාකාරී සහභාගීත්වය අත්‍යවශ්‍ය වන්නේ.

ඔබගේ දැනුම බෙදා හදා ගන්නා අතර අදහස් සහ යෝජනා කථිකා කිරීම වැදගත්. ඒ තුළින් නව හවුල්කාරිත්වයන් ගොඩනගන්න පුළුවන්. එමෙන්ම මේ තුළින් අප සියලු දෙනාටම එකට සහයෝගයෙන් වැඩ කළ හැකි පරිසරයක් පෝෂණය කිරීමටත් පුළුවන් කම තිබෙනවා'' ආචාර්ය සුනිල් ඩී.බී. අබේරත්න වැඩිදුරටත් පැවසීය.

නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම, නීතිඥ වී.කුරේ යන පිරිස ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුව ඇමතූහ.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...