The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කථාකරන AI රොබෝ හැදූ නිවුන් සහෝදරයෝ

T

The Leader Desk

October 15, 2025 • 4:07 AM

කථාකරන AI රොබෝ හැදූ නිවුන් සහෝදරයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රට මීට පෙර අවස්ථා කිහිපයක දී ආර්ථිකය කඩා වැටිමට පවා මූළික වූයේ රටේ ඩොලර් හිඟකමයි.හැමදාමත් කෘෂි ආර්ථිකයකින් අපේ රටේ ආර්ථිකය ගොඩ නැඟීමට නොහැකි බව වත්මන් තරුණ පරපුරේ යම් යම් තරුණ දරුවන් හඳුනා ගනිමින් සිටී.
  • වයස අවුරුදු 15 ක් වන ඔවුන් නමින් සසිරු නිර්මාල් ප්‍රේමචන්ද්‍ර හා රවිඳු නිම්නාත් ප්‍රේමචන්ද්‍රයි.
  • මේ පිළබඳ මුලින්ම හඬ අවදි කළේ සසිරු නිර්මාල් ප්‍රේමචන්ද්‍ර සිසුවායි.
  • මේ වැඩ්ඩෝ දෙන්නට ඉස්සරහට යන්න උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාලගේ අයියා නිර්මාල් +94 77 322 4108 සම්බන්ධ කර ගන්න මේ අංකයට අමතන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


අපේ රට මීට පෙර අවස්ථා කිහිපයක දී ආර්ථිකය කඩා වැටිමට පවා මූළික වූයේ රටේ ඩොලර් හිඟකමයි.හැමදාමත් කෘෂි ආර්ථිකයකින් අපේ රටේ ආර්ථිකය ගොඩ නැඟීමට නොහැකි බව වත්මන් තරුණ පරපුරේ යම් යම් තරුණ දරුවන් හඳුනා ගනිමින් සිටී. ඔවුන් උත්සාහ කරන්නේ ද නවීන තාක්ෂණය මුසු වූ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ අපේ රට වෙත ඩොලර් ගෙන ඒමටයි.මේ එවැනි අහිංසක දුප්පත් දරුවන් දෙදෙනෙකුගේ කතාවයි.

වයස අවුරුදු 15 ක් වන ඔවුන් නමින් සසිරු නිර්මාල් ප්‍රේමචන්ද්‍ර හා රවිඳු නිම්නාත් ප්‍රේමචන්ද්‍රයි. ඔවුන් දෙදෙනා ඉගෙනුම ලබන්නේ අනුරාධපුර නගරයේ පාසලක් නොව ගමේම පාසල වීම ද විශේෂත්වයකි.අනුරාධපුර දීප්තිගම කටුකැලියාව විද්‍යාදීප විද්‍යාලයේ  මෙ දරුවන් දෙදෙනා ඉගෙනුම ලබති.

 

robot 1

මේ වන විට 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඔවුන් දෙදෙනා නිවුන් සහෝදරයන් වන අතර ඔවුන් දෙදෙනා විසින් ලංකාවේ අපට වඩා ලංකාව පිළිබඳ දන්නා AI තාක්ෂණයෙන් කතා කරන රොබෝ කෙනෙකු නිර්මාණය කිරීමට සමත් වී තිබීම නිසයි අද අප පවා මේ දරුවන් දෙදෙනා පිළිබඳ කතා කරන්නේ.මෙම රොබෝ සතුව විශේෂ හැකියාවක් පවතිනවා.එනම් අපි සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ඉංග්‍රීසියෙන් අසනු ලබන ප්‍රශ්න වලට මෙම රොබෝ විසින් අංග චලනයන් හා මුඛය චලනය කරමින් අදාළ තොරතුරු පැවසීමයි.

මෙම දරුවන් දෙදෙනා මෙම නිර්මාණයට පෙර කුඩා රොබෝවරයෙකු නිර්මාණය කර ඇති අතර එම රොබෝ තවදුරටත් වැඩි දියුණු කර මෙම නිර්මාණය කර තිබේ.බැලූ බැල්මට මෙම රොබෝ විදේශිකයෙකුගේ පෙනුම තිබෙන අතර මෙම රොබෝව නිර්මාණය කිරීම සඳහා මෙම දරුවන් දෙදෙනාට කාගේ හෝ මඟපෙන්වීමක් හෝ ගරුහරුකම් නොලබා තම ස්වයං දැනුම උපයෝගී කර ගනිමින් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී මෙම නිර්මාණය කර ඇත.

 

robot 2

මෙම රොබෝ නිර්මාණය සඳහා රුපියල් ලක්ෂ 05කට ආසන්න මුදලක් වැය වී ඇති අතර ඔවුන් මෙම නිර්මාණය සමස්ත ලංකා නවෝත්පාදන  සහ රොබෝ තාක්ෂන තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වෙනවා.ඉන්නේ පුංචි ගෙදරක වුණාට මේ දරුවෝ දෙන්නා ලෝකයක් දිනලා හමාර බව මේ නිර්මාණය දකින අප කාටත් තේරුම් ගැනීමට හැකිය

ඉතා කුඩා වයසක වුව ද මෙම දරුවන් දෙදෙනා මෙන්ම ඔවුන්ගේ වැඩිමහල් සහෝදරයා වන නිර්මාල් ප්‍රේමචන්ද්‍ර ද කාලයක සිට තාක්ෂණික මෙවලම් නිර්මාණය කිරීමට අති දක්ෂ නිර්මාණකරුවෙකි.පාසල් වයසේ දී ඔහු ද අඩි 15ක් උස තොරණක් නිර්මාණය කිරීමට සමත් විය.මෙම වැඩිමහල් දරුවාගේ ආභාෂය ලබා ගනිමින් අනෙක් නිවුන් සොයුරන් දෙදෙනා ද ඔහුවත් පසුකර යන නිර්මාණ කිරීමට සමත් වී ඇත.

මේ පිළබඳ මුලින්ම හඬ අවදි කළේ සසිරු නිර්මාල් ප්‍රේමචන්ද්‍ර සිසුවායි.

අපි දෙන්නා එකට තමා ඉස්කෝලේ යන්නේ එන්නේ.අපි දෙන්නා ඉගෙන ගන්න වැඩ කරන්නෙත් එකට.ඉතින් මායි මගේ නිවුන් සහෝදර මල්ලියි දෙන්නා එක්ක ඉන්න ගමන් අපි දෙන්නා යූ ටියුබ්,ඊළඟට Chat GPTවගේ දේවල් යොදගෙන විවිධ දේවල් ගැන හොයලා බැලුවා.අපිට එහෙම ඉන්නකොට හිතුනා මෙහෙම.සංචාරක ක්ෂේත්‍රයෙන් තමයි අපේ රටට ඩොලර් ගේන්නේ.ඉතින් අපි හිතුවා සංචාරක ක්ෂේත්‍රෙය් ඉන්න සංචාරකයන්ට තියෙන ප්‍රධාන ගැටළුව තමයි අපේ රට ගැන පැහැදිළි තොරතුරු ගන්න විශ්වාසවන්න සංචාරක මඟ පෙන්වන්නන් නොමැතිකම.

 

robot 3

ඇත්තටම පහුගිය කාලයේ දී අපේ රටට සංචාරකයන් එන්න ලොකු මැලිකමක් දැක්වුවා මොකද මේ සංචාරක මඟ පෙන්වන්නන් විසින් කරන ලද විෂමාචාර ක්‍රියා නිසා.ඒ නිසා අපි හිතුවා මේකට හොඳම විසඳුම තමයි Live කතා කරන්න පුළුවන් humanoid Tourist Guide Assistant   කෙනෙක් නිර්මාණය කරන එක කියලා.ඒකට අපි දෙන්නා රෑ තිස්සේ යූ ටියුබ් වගේම Chat GPT  ගිහින් මේ ගැන තොරතුරු හෙව්වා.ඒ හොයද්දි තමයි මේ humanoid Tourist Guide Assistant කෙනෙක් නිර්මාණය නිර්මාණය කර ගන්න අපිට පුළුවන් වුණේ.මේකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය තව තවත් වැඩි කර ගන්න එක යැයි පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් අනෙක් නිවුන් සහෝදරයා වන රවිඳු නිම්නාත් ප්‍රේමචන්ද්‍ර අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

"මේ රොබෝ නිර්මාණය කරන්න අපි යොදා ගත්ත තාක්ෂණය ගැන කතා කළොත් රස්බරිපයි ටෙක්නොලොජි එක, ආර්ඩියොනෝ වගේම ඒ.අයි තාක්ෂණය.මේ තාක්ෂණය හරහා තමයි අපි මේ කතා කරන රොබෝ නිර්මාණය වුණේ.මේක අපි ඒ.අයි එක හරහා රස්බරි තාක්ෂණය පාවිච්චි කරලා තමයි මේ රොබෝව කතා කරවන්නේ අපි.ඒ වගේම මෙයාගේ හැඟීම් වගේ දේවල් පාලනය කරන්නේ අපි ආඩිනෝ තාක්ෂණය පාවිච්චි කරලා.ඇත්තට අපිට ඕන වුණේ මනුස්සයෙක්ගේ වගේම හැඟිම් තියෙන රොබෝ කෙනෙක් නිර්මාණය කරන්න.

 

robot 4

එහි මූලික අඩිතාලම අපි දැන් දාගන තියෙනවා.ඇත්තටම මෙතන දී අපි විශේෂ ස්තූතියක් කරන්න ඕන අපේ අම්මටයි, තාත්තාටයි.මොකද ඒ දෙන්නා නැත්තන් මේ රොබෝ නිර්මාණය කරන්න වෙන්නේ නෑ අපිට.ඒ වගේම  අපේ පාසල වන කටුකැලියාව විද්‍යාදීප මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් වන ඩබ්ලිව්.ඒ.පී.කපිලරත්න ගුරු පියාණන් ඇතුලු ගුරු මෑණිවරුන් පියවරුන්,ඒ වගේම රුවන්වැලි චෛත්‍යරාමාධිපති ඊතලවැටුණුවැවේ ඥණතිලක නා හිමියන් අපිට ගොඩාක් උදව් කරා උන් වහන්සේ ඇත්තටම අපිට  E-wis  සමාගමේ සංජීව වික්රමණායක මහතාව සම්බන්ධ කරලා දීලා අදාළ තාක්ෂණික කටයුතු කර ගන්න අපිට සහය දුන්නා.

ඒ වගේම අපිට මේක නිර්මාණය කරගන්න ලැප්ටොප් එකක උවමනාවක් තිබ්බා.අපිට ලැප්ටොප් එකක් තිබ්බේ නෑ.ඉතින් අපි මේ ගැන  සිරි සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ නායක හාමුදුරුවෝ තමා අපිට ලැප් එක දුන්නේ.අක්ෂි වෛද්‍ය වීරසිංහ වෙද මහතා ගොඩාක් අපිට උදව් කරේ.

 

robot 5

මෙම දරුවන්දෙදෙනාගේ පියා වන ඩී.ඒ.ප්‍රේමචන්ද්‍ර මහතා වෘත්තීයෙන් ගොවියෙකු වන අතර ඔහු වී ගොවිතැන සහ කුඹුරු ගොවිතැන් කරනු ලබයි.ඔහු මේ පිළිබඳව ඔහු අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, මගේ මේ පුතාලා දෙන්නා බොහොම දක්ෂ දරුවෝ දෙන්නෙක්.මේ දෙන්නාගේ ඉගෙනීම් කටයුතු සිදු කරන්න ගොඩාක් අපි උදව් කරනවා.ගොඩාක් මහන්සිවෙනවා.සල්ලි නැති දවසට කාගෙන් හරි ඉල්ලලා හරි ඕන කියන දේවල් අරන් දෙනවා මහත්තයෝ යැයි පැවසීය.

මෙම දරුවන්ගේ මව වන පී.ඒ.ජී. කුසුමාවතී මහත්මිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙයාලා දෙන්නාගේ දක්ෂතාවය දැකලා අපි ඉතින් පුළුවන් විදිහට උදව් කරනවා.මහත්තයා කුඹුරේ හිටියත් හේනේ හිටියත් මෙයා ලා දෙන්නා මේ රොබෝගේ මොකක් හරි හදන්න තියෙනවා නම් කෑල්ලක් ගන්න ටක් ගාලා ඒ මඩ ඇදුම පිටින්ම ටවුමට ගිහින් ඒ කියන වෙලාවෙම ඕන කියන හැම කෑල්ලක්ම ගෙනැල්ලා දෙනවා.ඇත්තටම කරන හැමදේටම මාත් රෑ තිස්සේ ඇහැරන් එයාලට අවශ්‍ය උදව් කරනවා'' යැයි පැවසුවාය.

 

robot 7

මේ වැඩ්ඩෝ දෙන්නට ඉස්සරහට යන්න උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාලගේ අයියා නිර්මාල් +94 77 322 4108 සම්බන්ධ කර ගන්න මේ අංකයට අමතන්න.


( ada.lk | තිසර සමල්) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...