The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

AI මගින් සිසුවියන් තිදෙනෙකුගේ නිරුවත් ඡායාරූප සැකසූ පාසල් සිසුවෙකු සහ අනුබල දුන් විදුහල්පතිවරයෙකු ගැන අධිකරණය ගත් පියවර

T

The Leader Desk

October 17, 2025 • 4:37 PM

AI මගින් සිසුවියන් තිදෙනෙකුගේ නිරුවත් ඡායාරූප සැකසූ පාසල් සිසුවෙකු සහ අනුබල දුන් විදුහල්පතිවරයෙකු ගැන අධිකරණය ගත් පියවර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භාවිතයෙන් එම ඡායාරූප නිරුවත් ඡායාරූප බවට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවෙකු සහ විදුහල්පතිවරයෙකු ශරීර ඇප මත මුදා හරින ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කළේ ය.
  • වයස අවුරුදු 14 සහ 15 වන වියේ පසුවන ගැහැනු දරුවන් තිදෙනෙකුගේ ඡායාරූප මෙලෙස කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිරුවත් ඡායාරූප බවට පත් කර ඇතැයි අධිකරණයේදී කරුණු අනාවරණය විය.
  • සැකකාර පාසල් සිසුවාට සහ විදුහල්පතිවරයාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ 10ක් වටිනා ශරීර ඇප එක බැගින් නියම කළ මහේස්ත්‍රාත් අධිකරණය ඇපකරුවන් සමීපතම ඥාතීන් විය යුතු බවට ද නියෝග කළේ ය.
  • අනතුරුව ඔක්තෝබර් මස 23 වන දින නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුවන්ට නියෝග කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

භාවිතයෙන් එම ඡායාරූප නිරුවත් ඡායාරූප බවට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවෙකු සහ විදුහල්පතිවරයෙකු ශරීර ඇප මත මුදා හරින ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කළේ ය.

නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණු අතර මෙම වරද සිදු කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

වයස අවුරුදු 14 සහ 15 වන වියේ පසුවන ගැහැනු දරුවන් තිදෙනෙකුගේ ඡායාරූප මෙලෙස කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිරුවත් ඡායාරූප බවට පත් කර ඇතැයි අධිකරණයේදී කරුණු අනාවරණය විය.

සැකකාර පාසල් සිසුවාට සහ විදුහල්පතිවරයාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ 10ක් වටිනා ශරීර ඇප එක බැගින් නියම කළ මහේස්ත්‍රාත් අධිකරණය ඇපකරුවන් සමීපතම ඥාතීන් විය යුතු බවට ද නියෝග කළේ ය.

අනතුරුව ඔක්තෝබර් මස 23 වන දින නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුවන්ට නියෝග කෙරිණි.

මෙලෙස ඇප මත මුදා හැරියේ නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු සහ එම සිසුවා ඉගෙනුම ලබන පාසලේ ම විදුහල්පතිවරයා ය.

දණ්ඩ නීති සංග්‍රහයේ 286 සහ 361 සහ 346 යන වගන්ති ප්‍රකාරව සැකකාර සිසුවා සහ විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සිද්ධිය කුමක් ද?

සැකකාර පාසල් සිසුවා තම වයසේ පසු වන පාසල් සිසුවියන් තිදෙනෙකුගේ ඡායාරූප ලබාගෙන පසුව කෘත්‍රිම බුද්ධිය භාවිත කර එම ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සකසා සිය ස්මාර්ට් ජංගම දුරකතනයේ ගබඩා කර තබාගෙන සිට ඇතැයි අධිකරණයේදී හෙළි විය.

පසුව අදාළ නිරුවත් ඡායාරූප සහිත ජංගම දුරකතනය සිය භාරයට ගෙන ඇති සැකකාර විදුහල්පතිවරයා අදාළ සිද්ධිය පිළිබඳව පොලිසිය දැනුවත් නොකර සිද්ධිය සමථයට පත් කළ බව පවසා නිරුවත් ඡායාරූප සහිත සිසුවාට අයත් ස්මාර්ට් ජංගම දුරකතනය මාසයකට අධික කාලයක් තමා සන්තකයේ නීති විරෝධීව තබාගෙන සිට ඇතැයි තවදුරටත් අනාවරණය විය.

අදාළ පාසලේ ආදි ශිෂ්‍ය සංගමය නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සිද්ධිය පිළිබඳව මූලික විමර්ශන සිදු කර ඇත.

එම අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් චාමින්දගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක ජේ.ඒ.එන්.ඩී. සුමනදාස සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කණ්ඩායමක් පෙනී සිටියහ.

සිද්ධිය පිළිබඳව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය තවදුරටත් විමර්ශන සිදු කරයි.

මෙවැනි සිදුවීමකට දරුවෙකු මුහුණ පෑවොත් කළ යුත්තේ කුමක් ද?
 
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසා ඇත්තේ, මෙවැනි අපරාධ පරිගණක අපරාධ ලෙස සලකන බව ය.

ඔහු පෙන්වා දෙන්නේ, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය කැපවී සිටින බව ත් එවැනි අපරාධයක් සිදුවුවහොත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය වෙත පැමිණිලි කළ හැකි බව ත් ය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉන්ජිනේරු තිනුරි තිසේරා පෙන්වා දෙන්නේ, මෙවැනි සිදුවීමකදී දෙමව්පියන් තම දරුවා වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ය.

"මේ වගේ සිද්ධියක් වුණා ම දෙමව්පියෝ වුණත් කලබල වෙනවා, දරුවාගේ පැත්තට වරද පටවනවා. ඔවුන් තේරුම් ගන්නේ නැහැ මේක ඇත්තට ම AIවලින් එඩිට් කරලා කියලා. සමහර විට ඔවුන් හිතන්නේ කාට හරි යවපු එකක් කියලා. ඒ වගේ වෙලාවට ළමයාට පහර දීම් කරනවා. බනිනවා.

එහෙම වුණා ම දරුවාගේ මානසික සෞඛ්‍ය බිඳ වැටීමට පුළුවන් සහ එයා වැරදි තීරණයක් ගන්න පවා පෙළඹෙන්න පුළුවන්. ඒ වගේ සිදුවීම්වලදී අනිවාර්යයෙන් ම ඒ ළමයාගේ පැත්ත අරගෙන මොකක් ද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න පුළුවන් නම් ගොඩක් දුරට ප්‍රශ්නවලින් වැළකෙන්න පුළුවන්," ඇය පැහැදලි කළා ය.

ඉන් අනතුරුව ගත යුතු පියවර පිළිබඳව ඇය බීබීසී සිංහල වෙත මෙලෙස පැහැදිලි කර ඇත.

"මුලින් ම කරන්න ඕනේ ඒ වගේ දෙයක් හදන්න ඡායාරූපයක් භාවිත කරලා තියෙනවා නම්, ඒක කොහෙන් ද අරන් තියෙන්නේ කියන එක ගැන හොයලා බලන එක. ඒක සමාජ මාධ්‍ය ගිණුමකට දාපු එකක් වෙන්න පුළුවන්. අම්මලා තාත්තලා දාලා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ළමයා ම දාපු එකක් වෙන්න පුළුවන්."

මෙවැනි අපරාධ මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ නීති පවතින බැවින් එය සිදු කළ තැනැත්තා හඳුනන්නේ නම් එම පාර්ශවයට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව ඉන්ජිනේරුවරිය පෙන්වා දෙයි.

"තමන් දන්නේ නැත්නම් කරන්නේ කවුද කියලා, ජාතික ළමාරක්ෂක අධිකාරියට හරි, ශ්‍රී ලංකා CERT ආයතනයට හරි, ශ්‍රී ලංකා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට හරි දැනුවත් කරලා ඒ ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්."

එවැනි අවස්ථාවාලදී TikTok වෙත උඩුගත කර ඇති ඡායාරූප හෝ වීඩියෝ ආදී දෑ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SL CERT) පැමිණිලි කිරීමෙන් ඉවත් කිරීමට පියවර ගත හැකි බව ඉන්ජිනේරුවරිය පවසයි.

"අපිට ඉවත් කර දීමේ හැකියාවක් තියෙනවා. නීති ආධාරයක් අවශ්‍ය නැතිනම්, කවුද කළේ කියලා හොයන්නේ නැතුව, කඩිනමින් ඒක ඉවත් කරන්න නම් ඕනේ විශේෂයෙන් ම TikTok වගේ ප්ලැට්ෆෝම් එකක තියෙන එකක් ඉවත් කරන්න නම්, ශ්‍රී ලංකා CERT ආයතනයෙන් ඉවත් කරලා දෙන්න පුළුවන්.

ඒ වගේ ම ඕනෑ ම වෙබ් අඩවියක තියෙන තොරතුරක් [මීට අදාළව] ඉවත් කරන්න පුළුවන්," ඇය තවදුරටත් පැහැදිලි කියා සිටියි.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වෙත උඩුගත කර ඇති දෑ ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයට (CCID) පැමිණිලි කිරීමෙන් සිදු කළ හැකි බව ද ඇය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, 0112 381 045 අංකය අමතා හෝ dir.cid@police.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත පණිවිඩයක් යොමු කර අපරාධය සම්බන්ධයෙන් දැනුවත් කළ හැකි බව ය.

එමෙන් ම cwb.online@police.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය, 109 හදිසි ඇමතුම් අංකය සහ 0112 444 444 දුරකතන අංකය හරහා ඕනෑ ම අයෙකුට ඍජුව ම පැමිණිල්ලක් පහසුවෙන් ඉදිරිපත් කිරීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ මහජන පැමිණිලි කවුළුව ස්ථාපනය කර තිබේ.

101 යන අංකය අමතා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) වෙත පැමිණි කළ හැකි වේ.

තොරතුරු ආරක්ෂණ ඉන්ජිනේරුවරිය පෙන්වා දුන්නේ, WhatsApp වැනි යෙදුම් හරහා හෝ ඍජු පණිවිඩවලින් හුවමාරු නිරුවත් ඡායාරූප වැනි දෑ ඉවත් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ නොපවතින බව ය.

"තමන්ගේ සමාජ මාධ්‍ය මිතුරු ලැයිස්තුවලට ඇතුළත් කර ගන්න අය ගැන සැලකිලිමත් වෙන්න. තමන්ගේ යාළුවෙක් ද නැද්ද කියන එක. මම මෙයාව එකතු කර ගන්න ඕනේ ද නැද්ද කියන එක දෙපාරක් නෙවෙයි, සිය පාරක් හිතන්න.

ඒ ලැයිස්තුව කාලයෙන් කාලයට පරීක්ෂා කරලා බලන්න ඕනේ මෙයා ම ද ඉන්නේ කියලා. කාලයක් යද්දී ඒක වෙන කෙනෙක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්," සමාජ මාධ්‍ය භාවිතයේදී ආරක්ෂාකාරී විය යුතු ආකාරය ගැන ඇය පෙන්වා දෙයි.

"දරුවන්ගේ ඡායාරූප දාද්දි දෙමව්පියෝ වුණත් පරිස්සම් වෙනවා නම් ගොඩක් හොඳයි. ඕනේ එකයි, එපා එකයි හැම එක ම ෆේස්බුක් දාන්නේ නැතුව හිතලා බලලා දාන්න පුළුවන් නම්, මේ වගේ ප්‍රශ්නවලින් ගැලවෙන්න පුළුවන්."

(උපුටා ගැනීම | බීබීසී සිංහල)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...