The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කෘත්‍රීම බුද්ධිය පිළිබඳ aigov.lk නිල වෙබ් අඩවිය දියත් කරනවා - අගමැතිනිය

T

The Leader Desk

September 11, 2025 • 4:01 AM

කෘත්‍රීම බුද්ධිය පිළිබඳ aigov.lk නිල වෙබ් අඩවිය දියත් කරනවා - අගමැතිනිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රිවරයෙකු ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය.
  • වන විට රටේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15ක් ''ඩිජිටල්කරණයෙන් බල ගැන්වූ ජාතියක් බවට පත්වීමේ ගමන වේගවත් කිරීමේ ජාතික මුල පිරීමක කොටසක් ලෙස සැප්තැම්බර් මාසය ඩිජිටල් ආර්ථික මාසය ලෙස නම් කර තිබෙනවා.
  • විශේෂයෙන් ම මෙහි දී ඩිජිටල්කරණය පිළිබඳ ජනතාව අතර ප්‍රබෝධයක් ඇති කරවීම සහ අනාගතයේ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රජයට ඇති උනන්දුව පෙන්නුම් කිරීම මෙහි එක් අරමුණුක්.
  • ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහ ඒ යටතේ ඇති හවුල්කාර ආයතන මගින් ක්‍රියාත්මක කරන ඩිජිටල් ව්‍යාපෘති වේගවත් කිරීමෙන් එහි ප්‍රතිලාභ පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට වේගයෙන් ළඟාවනු ඇතැයි රජය අපේක්ෂා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රිවරයෙකු ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය...

2030 වන විට රටේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15ක්

''ඩිජිටල්කරණයෙන් බල ගැන්වූ ජාතියක් බවට පත්වීමේ ගමන වේගවත් කිරීමේ ජාතික මුල පිරීමක කොටසක් ලෙස සැප්තැම්බර් මාසය ඩිජිටල් ආර්ථික මාසය ලෙස නම් කර තිබෙනවා.  විශේෂයෙන් ම මෙහි දී ඩිජිටල්කරණය පිළිබඳ ජනතාව අතර ප්‍රබෝධයක් ඇති කරවීම සහ අනාගතයේ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රජයට ඇති උනන්දුව පෙන්නුම් කිරීම මෙහි එක්  අරමුණුක්. සැප්තැම්බර් මාසයේ  ඒ වෙනුවෙන් වන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන් මගින්  ඩිජිටල් මෙවලම්  හඳුනාගැනීම සහ  භාවිතයට යොමු වීමේ වැදගත්කම පිළිබඳව පුරවැසියන්, ව්‍යාපාර සහ ආයතන දැනුවත් කිරීම වගේම ඊ - රාජ්‍ය වේදිකා,  ඩිජිටල් මූල්‍ය විසඳුම් සහ කෘත්‍රිම බුද්ධිය පාදක කරගත් නවෝත්පාදන සඳහා සමාජයේ සියලුම  කොටස් අනුවර්තනය කිරීම වේගවත් කිරීම ඉලක්ක කර ක්‍රියාත්මක වෙනවා.  

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහ ඒ යටතේ ඇති හවුල්කාර  ආයතන  මගින්  ක්‍රියාත්මක කරන ඩිජිටල් ව්‍යාපෘති වේගවත් කිරීමෙන් එහි  ප්‍රතිලාභ පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට වේගයෙන් ළඟාවනු  ඇතැයි රජය අපේක්ෂා කරනවා.  2030  වර්ෂය වන විට රටේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15ක් එනම් දළ දේශීය නිෂ්පාදනයෙන් 12%ක් දක්වා  පුළුල්  කිරීම සඳහා වන රජයේ අභියෝගාත්මක ඉලක්කය සපුරා ගැනීමත්,  ඩිජිටල් ක්ෂේත්‍රයේ අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා සහ  ඩිජිටල් ශ්‍රම බලකාය ලක්ෂ දෙකක් දක්වා වැඩිකර ගැනීමට ද අපේක්ෂිතයි.

ශ්‍රී ලංකාව සංවර්ධනය සඳහා විශිෂ්ට මධ්‍යස්ථානයක් ලෙස...

මෙකී අභිලාෂයන්  පැහැදිලිව  සන්නිවේදනය කිරීමට සහ අරමුණු  සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශය ම පෙළ ගැස්සවීමට මෙම ඩිජිටල් ආර්ථික මාසය වේදිකාවක් නිර්මාණය කරනවා.  දකුණු ආසියානු කලාපයේ තාක්ෂණ නවෝත්පාදනය, ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධිය ප්‍රමුඛ සංවර්ධනය සඳහා විශිෂ්ට මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම ද මෙහි තවත් එක් අරමුණක්.

ඩිජිටල් ආර්ථික මාසය යනු සංකේතාත්මක මුල පිරීමක් පමණක්ම නෙමෙයි, දැනුම්වත්භාවය ඉහළ නැංවීම වේගවත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අභිලාෂය ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා ද වන ප්‍රායෝගික යාන්ත්‍රණයක් වන අතරම,  ඒ මගින් නවෝත්පාදනය, කාර්යක්ෂමතාවය සහ  අවස්ථාවන් ඔස්සේ අනාගතයේදී පුරවැසියන්ට සෘජු ප්‍රතිලාභ ලබාදෙන වැඩසටහනක් ද වෙනවා.   ඒ අනුව  ඩිජිටල්කරණය පිළිබඳ දැනුවත්භාවය ඇති කරන  උත්සව සහ ප්‍රදර්ශන,  ආරම්භක ව්‍යාපාර, ව්‍යවසායකයින්, නවෝත්පාදන,  පරිසර පද්ධති ප්‍රදර්ශනය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් සැප්තැම්බර් 17, 18, 19, 20  දිනයන් තුළ පවත්වනවා.

කඩදාසි භාවිතයෙන් තොර විසඳුම්

ඒ අනුව ශ්‍රී ලංකා මූල්‍ය තාක්ෂණ සමුළුව,  ඩිජිටල් මූල්‍ය භාවිතයට අනුවර්තනයන් සඳහා නව විසඳුම් ප්‍රවර්ධනය කිරීම සැප්තැම්බර් 24 සහ 25  දිනවල පවත්වන්නට නියමිතයි.  කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික ප්‍රදර්ශනය( national ai expo) සැප්තැම්බර් 29 සහ 30 දින දෙක තුළ පැවැත්වීමට  සැලසුම් කර තිබෙනවා.

මේ දින සියය තුළ ඩිජිටල්කරණය පිළිබඳ  ජාතික මට්ටමේ දැනුවත් කිරීම්, ඩිජිටල් රාජ්‍ය සේවා සහ කඩදාසි භාවිතයෙන් තොර විසඳුම් පුරවැසියන්ට හඳුන්වා දෙන මහජන ප්‍රදර්ශන,  ඩිජිටල් මෙවලම්වල ප්‍රතිලාභ පිළිබඳ පුළුල් දැනුවත්භාවයක් ඇති කිරීම  සඳහා මාධ්‍ය ප්‍රචාරණය, ධාරිතා වර්ධනය සහ අධ්‍යාපනය,  ඩිජිටල් නිපුණතා ව්‍යවසායකත්ව සහ තාක්ෂණ අනුවර්තනය පිළිබඳ තරුණ තරුණයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, වෘත්තිකයන් සඳහා පුහුණු පාඨමාලා, වැඩමුළු පැවැත්වීම,  තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ  සහ ඩිජිටල් සේවාවන්හි අනාගත වෘත්තීන් දිරිමත් කිරීම සඳහා විශ්වවිද්‍යාල සහ පාසල් සම්බන්ධීකරණ වැඩසටහන්,  ඊ - රාජ්‍ය  විසඳුම් පිළිබඳ පළාත් මට්ටමේ දැනුවත් කිරීම්,  ඩිජිටල් ආර්ථික අභියෝග සහ අවස්ථාවන් පිළිබඳ කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සංවාද සහ විද්වත් සාකච්ඡා පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.

govpay පුළුල් කිරීම සහ ජාතික ප්‍රවාහන ගෙවීම් වේදිකාවක්

මිට අමතරව ඩිජිටල් මාසයට සමගාමීව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් ආරම්භ කිරීම, ජාතික සහතික බල අධිකාරිය මෙහෙයුම් ආරම්භ කිරීම, ජාතික සයිබර් ආරක්ෂණ උපායමාර්ග දියත් කිරීම, රථවාහන දඩ මුදල් එම ස්ථානයේ දී ම ගෙවීම් සිදු කළ හැකි පරිදි  රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන govpay පුළුල් කිරීම, මගින්ට බැංකු කාඩ් සහ QR කේත මගින්  බස්ගාස්තු ගෙවීම සඳහා  ජාතික ප්‍රවාහන ගෙවීම් වේදිකාවක් ස්ථාපිත කිරීම, රජයේ නිල කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වේදිකාව වන aigov.lk  නිල වේදිකාව දියත් කිරීම, ඩිජිටල් ආර්ථික අත්දැකීම් මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම, සිම්පත් ලියාපදිංචි කිරීමේ ස්වයං ක්‍රියාවලිය දියත් කිරීම, විදුලි සංදේශ නියාමන කොමිසම විසින් 5G පහසුකම් ලබා දීම යනාදී කටයුතු සුදානම් කර තිබෙනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය විසින් මේ වෙනවිටත් දිවයිනේ ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය  යටිතල පහසුකම් අවශ්‍යතා පිළිබඳ අධ්‍යයනයක් සහ පරීක්ෂණයක්  සිදු කරමින් සිටිනවා. උදාහරණයක් ලෙස  අධ්‍යාපන අමාත්‍යංශය මේ වනවිටත් සෑම පළාතක ම, සෑම අධ්‍යාපන කලාපයක ම, සෑම පාසලක ම  අවශ්‍යතා පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටිනවා. ඒ වගේම  ඩිජිටල්කරණය සඳහා  අවශ්‍ය වන යටිතල පහසුකම් පිළිබඳ අධ්‍යනයක් කළ අධ්‍යාපන අමාත්‍යංශයත්,  ඩිජිටල් අමාත්‍යංශයත් ඒකාබද්ධව අවශ්‍ය පහසුකම් සලස්වන්න වැඩපිළිවෙළක් සකස් කර තියෙනවා. මේ ආකාරයට  සෙසු අමාත්‍යංශවල ද ඩිජිටල් කරණය සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙනවා.''


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...