BREAKING
Top Ad
Gossip

බැසිල් ඉන්දීය BJP ආදර්ශයට ගනී ! - දෙකයි දෙකේ පොලු බලකායක් !

T

The Leader

March 24, 2022 • 4:08 AM

බැසිල් ඉන්දීය BJP ආදර්ශයට ගනී ! - දෙකයි දෙකේ පොලු බලකායක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ( BJP) නායකයින් , විරෝධතාකරුවන් පාලනය කිරීමට යොදා ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග මෙරට තුල ද ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ
  • ඔහු එබව සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, මාර්තු 22 දා අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.
  • පෝලිම්වල සිටින මිනිසුන් ආණ්ඩුව විවේචනය කරමින් ප්‍රකොපාකාරී ලෙස හැසිරෙන බවට ආණ්ඩු මැති ඇමතිවරුන් විසින් එම රැස්වීමේදී දිගින් දිගටම ප්‍රකාශකර තිබේ.
  • ඊට ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසා ඇත්තේ තව සති දෙක තුනකින් පෝලිම් ප්‍රශ්නය මුළුමනින්ම විසඳන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, මාර්තු 22 දා අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

පෝලිම්වල සිටින මිනිසුන් ආණ්ඩුව විවේචනය කරමින් ප්‍රකොපාකාරී ලෙස හැසිරෙන බවට ආණ්ඩු මැති ඇමතිවරුන් විසින් එම රැස්වීමේදී දිගින් දිගටම ප්‍රකාශකර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසා ඇත්තේ තව සති දෙක තුනකින් පෝලිම් ප්‍රශ්නය මුළුමනින්ම විසඳන බවයි. එහෙත් එය කරන්නේ කෙසේදැයි ඔහු සඳහන් කර නොමැත.

අනතුරුව ඔහු ඉන්දීය BJP පක්ෂය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මැඩපවත්වන අකාරය විස්තර කර ඇත්තේ මෙසේය.

'' BJP එකේ නායකයෝ , ඔය වගේ ප්‍රශ්න තියන තැන් වලට යවන්න, හොඳ උස මහත තරුණ පාක්ෂිකයෝ සෙට් එකක්, හදලා ඉන්නවා.  එයාලට දීලා තිබුනේ, දෙකයි දෙකේ පොලු විතරයි.. ඔය පොලුවලින් දෙපාර වනනකොට, උද්ඝෝෂණ ඉවරයි..''  බැසිල් අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී එසේ පැවසු බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු සඳහන් කළේය.

කෙසේවුවද ජනාධිපතිවරයා විසින් මේවනවිට පෝලිම් අසල ආරක්ෂා හමුදාවන් යෙදවීමට නියෝගකර ඇත.

 

The Leader TV අද වීඩියෝ 


තවත් ඉවසනු බෑ එකම විසඳුම මේ පමණයි ! | මොණරවිලගේ ලියමන

නාමල්ට සහය දෙන්න මගේ කිසිම අදහසක් නෑ - උදය ගම්මන්පිල | Direct Politics |

විමල් පිලේ මන්ත්‍රීට බැසිල් දාපු ඩීල් එක මෙන්න! | අද ගොසිප් එක 

ආදරය එපා කිවූ ගුරුවරියට අත් වූ ඉරණම! 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...