The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
පුවත්

ලෝකයේ අලුත් බදු දැලට ලංකාවේ BOI සහ පෝට් සිටි බදු සහන අහුවෙයි: සුරේෂ් පෙරේරාගෙන් ආණ්ඩුවට රතු එළියක්!

T

The Leader Desk

July 10, 2026 • 11:14 AM

ලෝකයේ අලුත් බදු දැලට ලංකාවේ BOI සහ පෝට් සිටි බදු සහන අහුවෙයි: සුරේෂ් පෙරේරාගෙන් ආණ්ඩුවට රතු එළියක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාව මල්ටි නැෂනල් සමාගම්වලට දෙන බදු නිදහස පිටරට ආණ්ඩු විසින් ‘Top-up Tax’ එකක් ලෙස පැහැරගන්නා ලකුණු.
  • ලංකාවේ පරණ ප්‍රතිපත්තිය සහ ආසියානු තරඟය ලංකාවේ වත්මන් ආයෝජන දිරිගැන්වීමේ ප්‍රතිපත්ති තවමත් සකස් වී ඇත්තේ සාපේක්ෂව කුඩා ආයෝජකයන් ඉලක්ක කරගෙන බව සුරේෂ් පෙරේරා පෙන්වා දෙයි.
  • රටකට සැබෑ ලෙසම රැකියා, අපනයන සහ තාක්ෂණය ගෙනෙන මහා පරිමාණ බහුජාතික සමාගම් ආකර්ෂණය කරගැනීමට මෙම පරණ ප්‍රතිපත්තිවලට නොහැක.
  • කලාපීය පෙරළිය:  සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය සහ ඉන්දුනීසියාව වැනි ලංකාවේ ප්‍රධාන තරඟකාරී රටවල් දැනටමත් මෙම ජාත්‍යන්තර බදු වෙනස්කම්වලට ගැළපෙන පරිදි තමන්ගේ ආයෝජන නීති සහ බදු ක්‍රමවේද මුළුමනින්ම වෙනස් කර අවසන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


සිංගප්පූරුව සහ වියට්නාමය අලුත් ක්‍රමයට හැඩගැසෙද්දී ලංකාව තාමත් පොඩි ආයෝජකයන් පස්සේ යන පරණ ප්‍රතිපත්තියක.



විදේශීය ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීම සඳහා ශ්‍රී ලංකාව දශක ගණනාවක සිට භාවිත කළ "දිගුකාලීන බදු නිදහස් කිරීමේ" (Tax holidays) සාම්ප්‍රදායික උපායමාර්ගය, ජාත්‍යන්තර ආයෝජන ක්ෂේත්‍රය තුළ මුළුමනින්ම අක්‍රීය වෙමින් පවතී. 

ආර්ථික සහ බදු සමුළුවකදී KPMG ශ්‍රී ලංකා ආයතනයේ බදු සහ නියාමන අංශ ප්‍රධානී සුරේෂ් පෙරේරා අනතුරු අඟවා සිටියේ, ලෝක ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) විසින් හඳුන්වා දී ඇති "ගෝලීය අවම බදු ප්‍රතිපත්තියට" (BEPS Pillar Two framework) අනුකූලව ලංකාව සිය නීති කඩිනමින් වෙනස් නොකළහොත් රටට ලැබීමට ඇති මහා පරිමාණ විදේශ ආයෝජන සියල්ල අහිමි විය හැකි බවයි.

ලංකාව දෙන සහන පිටරට ආණ්ඩුවලට පූජා කිරීමක්?

නව ජාත්‍යන්තර බදු රීති (Pillar Two) අනුව, ලෝකයේ ඕනෑම රටක ක්‍රියාත්මක වන මල්ටි නැෂනල් (Multinational) හෙවත් බහුජාතික සමාගම් ගෝලීය වශයෙන් අවම බදු ප්‍රතිශතයක් ගෙවීම අනිවාර්ය වේ.

නීතිමය උගුල: 
ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය (BOI) හෝ කොළඹ පෝට් සිටි (Port City Colombo) වැනි විශේෂ කලාප හරහා යම් සමාගමකට නියමිත අවම අගයට වඩා අඩුවෙන් බදු සහන දුන්නහොත්, එම සමාගම ලියාපදිංචි වී ඇති අනෙක් විදේශීය රටට එම බදු වෙනස "Top-up tax" එකක් ලෙස අය කරගැනීමට ජාත්‍යන්තර නීතියෙන් අවසර ලැබේ.

ආදායම් අහිමිවීම: 
මේ නිසා ලංකාව බදු සහන දීමෙන් අදාළ ආයෝජකයාට මූල්‍යමය වාසියක් නොලැබෙන අතර, ලංකාවට අහිමි වන බදු ආදායම කෙළින්ම විදේශීය ආණ්ඩුවල භාණ්ඩාගාරවලට තෑගි කිරීමක් පමණක් සිදුවේ.

ලංකාවේ පරණ ප්‍රතිපත්තිය සහ ආසියානු තරඟය

ලංකාවේ වත්මන් ආයෝජන දිරිගැන්වීමේ ප්‍රතිපත්ති තවමත් සකස් වී ඇත්තේ සාපේක්ෂව කුඩා ආයෝජකයන් ඉලක්ක කරගෙන බව සුරේෂ් පෙරේරා පෙන්වා දෙයි. රටකට සැබෑ ලෙසම රැකියා, අපනයන සහ තාක්ෂණය ගෙනෙන මහා පරිමාණ බහුජාතික සමාගම් ආකර්ෂණය කරගැනීමට මෙම පරණ ප්‍රතිපත්තිවලට නොහැක.

කලාපීය පෙරළිය: 
සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය සහ ඉන්දුනීසියාව වැනි ලංකාවේ ප්‍රධාන තරඟකාරී රටවල් දැනටමත් මෙම ජාත්‍යන්තර බදු වෙනස්කම්වලට ගැළපෙන පරිදි තමන්ගේ ආයෝජන නීති සහ බදු ක්‍රමවේද මුළුමනින්ම වෙනස් කර අවසන්ය. ලංකාව තවමත් එවැනි කිසිදු ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණයකට අත ගසා නැත.

 

ආර්ථික අර්බුදයෙන් පසු විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට ලංකාව උත්සාහ කරද්දී, බහුජාතික සමාගම් දැන් මුල්තැන දෙන්නේ බදු සහනවලට නොව ස්ථාවර සාර්ව ආර්ථිකයට සහ පුරෝකථනය කළ හැකි ස්ථාවර රාජ්‍ය ප්‍රතිපත්තිවලටය. එම නිසා, පවත්නා බදු සහන වෙනුවට ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය (Ease of doing business) ඉහළ නැංවීමට සහ ආයෝජන ප්‍රතිපත්ති කඩිනමින් නවීකරණය කිරීමට ආණ්ඩුව ඉදිරි සති කිහිපය තුළ පියවර ගත යුතුය. නැතහොත් ලංකාවේ වටිනා ඛනිජ, වරාය සහ ඉඩම් ලබාගන්නා සමාගම්වල බදු මුදල්ද පිටරට පටවන තත්ත්වයක් උදාවනු ඇත.


(සටහන | සම්පත් ධීරසේකර )

මුලාශ්‍රය :

Global Tax Shake-Up Threatens Sri Lanka’s Foreign Investment Ambitions

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...