The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'වාහනවල තාක්ෂණික තොරතුරු දීම ප්‍රතික්ෂේප කර තිබියදීත්' BYD වාහන 506ක් නිදහස් කිරීමට රේගුව එකඟ වෙයි

T

The Leader Desk

September 4, 2025 • 5:02 AM

'වාහනවල තාක්ෂණික තොරතුරු දීම ප්‍රතික්ෂේප කර තිබියදීත්' BYD වාහන 506ක් නිදහස් කිරීමට රේගුව එකඟ වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආනයනය කරන ලද විද්‍යුත් වාහන තොගයක් මුදා හැරීමකින් තොරව රඳවා ගැනීමට එරෙහිව 'ජෝන් කීල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ්' සමාගම ගොනු කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාව පළ කෙරිණි.
  • එහිදී, පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය හමුවේ ඇති කර ගත් එකඟතාව මත බැංකු ඇපකරයක් මත රේගුව විසින් රඳවා ගනු ලැබ සිටි විද්‍යුත් වාහන 991ක් මුදා හැර තිබූ බව සඳහන් කළා ය.
  • ඉන්පසුව, එම කාණ්ඩයට ම අයත් වාහන 506ක් සිය සේවාදායකයා ආනයනය කර තිබෙන අතර, එම වාහන මුදා හැරීම රේගුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙන බවටත් ජනාධිපති නීතිඥවරිය චෝදනා කළා ය.
  • රේගුවේ මෙම ක්‍රියා කලාපය නිසා තම සේවාදායකයාට ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඇය සඳහන් කළා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ආනයනය කරන ලද විද්‍යුත් වාහන තොගයක් මුදා හැරීමකින් තොරව රඳවා ගැනීමට එරෙහිව 'ජෝන් කීල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ්' සමාගම ගොනු කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාව පළ කෙරිණි.

සමාගමෙන් රේගුව ගැන චෝදනා

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබී ය.

එහිදී, පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය හමුවේ ඇති කර ගත් එකඟතාව මත බැංකු ඇපකරයක් මත රේගුව විසින් රඳවා ගනු ලැබ සිටි විද්‍යුත් වාහන 991ක් මුදා හැර තිබූ බව සඳහන් කළා ය.

ඉන්පසුව, එම කාණ්ඩයට ම අයත් වාහන 506ක් සිය සේවාදායකයා ආනයනය කර තිබෙන අතර, එම වාහන මුදා හැරීම රේගුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙන බවටත් ජනාධිපති නීතිඥවරිය චෝදනා කළා ය.

රේගුවේ මෙම ක්‍රියා කලාපය නිසා තම සේවාදායකයාට ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඇය සඳහන් කළා ය.

'වාහනවල තාක්ෂණික තොරතුරු දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා'

 

ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පසුගිය නඩු දිනයේ වාහන 901ක් බැංකු ඇපකරයක් මත නිදහස් කිරීමේ එකඟතාව ඇති වූ අවස්ථාවේදී පෙත්සම්කාර සමාගම අදාළ වාහන පිළිබඳ විමර්ශන කටයුතුවලට සහය දක්වන බවට අධිකරණය හමුවේ එකඟ වූ බව කියා සිටියේ ය. එහෙත්, මෙම වාහනවලට අදාළ තාක්ෂණික තොරතුරු ලබා දෙන ලෙස රේගුව පෙත්සම්කාර සමාගමෙන් ඉල්ලා සිටිය ද, ඒවා ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේ ය.

 

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ අතිරේක බැංකු ඇපකරයක් මත දැනට ආනයනය කර තිබෙන වාහන මුදාහැරීම හැකියාවක් තිබේ ද? යන්න ය.

බැංකු ඇපකරයක් මත වාහන මුදා හැරීම

ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙත්සම්කාර පාර්ශවය විසින් අතිරේක බැඳුම්කරයක් ඉදිරිපත් කරන්නේ නම් පෙර ඇති කර ගත් එකඟතාවයේ කොන්දේසි මත අදාළ වාහන මුදාහැරීමට හැකියාවක් තිබෙන බව පැවසීය.

බැංකු ඇපකරය වශයෙන් ගෙවිය යුතු මුදල් වටිනාකම ගණනය කර පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළේ ය.

එම වටිනාකම දැනුම් දුන් පසුව බැංකු ඇපකරය ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරිය සඳහන් කළා ය.

ඒ අනුව, අදාළ ඇපකරය මත වාහන මුදා හැරීමට කටයුතු කරන ලෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා රේගුවට දැනුම් දුන්නේ ය.

මේ අතර, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තාක්ෂණික කාරණා කීපයක් පෙත්සම්කාර පාර්ශවය වෙතින් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒවා මොනවා ද? යන්න දැක්වෙන මෝසමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේ ය.

ඒ අනුව, අදාළ මෝසම ඉදිරිපත් කරන ලෙස සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන් අධිකරණය පෙත්සම යළි සැප්තැම්බර් මස 15 වන දා කැඳවන ලෙස නියම කළේ ය.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...