The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'විපක්ෂ නායක CID යට කැඳවා ඇති කතාව මඩක්' - හර්ෂණ රාජකරුණා

T

The Leader Desk

September 4, 2025 • 5:25 PM

'විපක්ෂ නායක CID යට කැඳවා ඇති කතාව මඩක්' - හර්ෂණ රාජකරුණා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළ කොට ඇති වාර්තා එම පක්ෂය තරයේ ප්‍රතික්ෂේප කරයි.
  • එජාප පක්ෂ මූලස්ථානය වන “සිරිකොත” ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයන් යොදාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාල විමර්ශන කටයුතු සදහා මෙසේ විපක්ෂනායකවරයා කැදවා ඇති බවට ඇතැම් ප්‍රවෘත්ති වාර්තා වල පළවී තිබේ.
  • ඊට ප්‍රතිචාර දක්වමින් සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, අල්ලස් කොමිසමෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ට කිසිදු කැදවීමක් මේ වනතෙක් සිදු කොට නොමැති බවයි.
  • මේ පුවත් මාධ්‍ය මගින් සිදුකරන අසත්‍ය ප්‍රචාරයන් බවත් ඔහු අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පළ කොට ඇති වාර්තා එම පක්ෂය තරයේ ප්‍රතික්ෂේප කරයි.

එජාප පක්ෂ මූලස්ථානය වන “සිරිකොත” ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයන් යොදාගෙන ඇති  බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාල විමර්ශන කටයුතු සදහා මෙසේ විපක්ෂනායකවරයා කැදවා ඇති බවට ඇතැම් ප්‍රවෘත්ති වාර්තා වල පළවී තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, අල්ලස් කොමිසමෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ට කිසිදු කැදවීමක් මේ වනතෙක් සිදු කොට නොමැති බවයි. මේ පුවත් මාධ්‍ය මගින් සිදුකරන අසත්‍ය ප්‍රචාරයන් බවත් ඔහු අවධාරණය කළේය.

මෙය ඉතා කනගාටුවට කරුණක් බවත්, මෙය විහිළුවක් බවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

 
''මිනිස්සු අන්දවලා මිනිස්සු රවට්ටනවා'' - සජිත් ප්‍රේමදාස

මේ අතර අද වේරහැර ශ්‍රී සිද්ධාර්ථාරාම පුරාණ රජමහා විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද ධාතු මන්දිරය, පරිගණක මධ්‍යස්ථානය සහිත තෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුයේ, ඇතැම් මාධ්‍ය මේ දිනවල ප්‍රවෘත්ති මවමින් ජනතාව රැවැට්ටවීමේ වැඩපිළිවෙළක නිරතව සිටින බවයි.

මුදලට ස්ථාපිත කරන ව්‍යාජ පුවත්වලට ඉඩක් නොදිය යුතු බවත් බොරුවෙන් රැවටිල්ලෙන් චරිත ඝාතනයෙන් මිදි සැබැ අභියෝගය අවබෝධ කර ගත යුතු බවත් මුසාවෙන් මුලාවෙන් රටේ ජනතාව රැවටීම නොකළ යුතු බවත් ඔහු කියා සිටියේය.

අද රටේ ඇත්තේ බොරුව රැවටීම මංමුලාව බවත් පැය 24ම බොරුවෙන් ජනතාව රවටා අන්දවා ඇති බවත් ප්‍රවෘත්ති මවමින් නැති දේවල් ඇති කරමින් ඇති දේවල් නැති කරමින් යන බවත් මේ ඇන්දවිල්ල තුළ රැවටෙන්නේ ලක්ෂ 220ක් ජනතාව බවත් මුදල් ගෙවා කුලියට විවිධ අසත්‍ය ප්‍රචාර කරමින් බොරුව රජකරවන බවත් විපක්ෂ නායකවරයා එහිදී තව දුරටත් පැවසීය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...