The Leader News
BREAKING
සිවුර ගැලවීම නීති විරෝධියි: ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි අනතුරු ඇඟවීමක්●මහින්ද පෞද්ගලික රෝහලකට; ශිරන්ති ජාතික රෝහලට: හේතුව මෙන්න●‘මම දැන් කිසිම රටකට අයිති නෑ’: ඩයනා උසාවියේදී හඬයි●කිලිනොච්චි දුම්රිය අනතුර: කෝටි එකහමාරක දඩය ගෙවද්දී සිරදඬුවම අත්හිටුවයි●ලේඛක ප්‍රතීපන්ගේ දෙමළ පොත් මුදාහරින්න: මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්●චාමර සම්පත් රිමාන්ඩ්: අල්ලස් නඩු 5ක කරුණු අධිකරණයට●පාර්ලිමේන්තු ලැයිස්තුව ගැන තිලාන් විජේසිංහගෙන් පැහැදිලි කිරීමක්●'අධිරජු සැතපෙනු පිණිස' විවරණය: නොපවතින දෙවියන් සහ දේශපාලනය | වංගීස සුමනසේකර●ඇෆ්ගන් චෙස් ක්‍රීඩකයින් තිදෙනාට අත්වන ඉරණම කුමක්ද?●කොරියානු රන් පදක්කම්ලාභීන්ගේ හමුදා මුක්තිය අහෝසි වන ලකුණු●
Top Ad
පුවත්

‘මම දැන් කිසිම රටකට අයිති නෑ’: ඩයනා උසාවියේදී හඬයි

ව්‍යාජ ලේඛන සකසා හැඳුනුම්පතක් ලබාගැනීමේ නඩුවේදී සාක්ෂි දෙමින් හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය තමන් කිසිදු රටකට අයිති නැති පුරවැසියකු බවට පත්ව ඇතැයි කොළඹ මහාධිකරණය හමුවේ හැඟීම්බරව ප්‍රකාශ කරයි.

Pasan

Pasan

October 12, 2026 • 9:44 PM

‘මම දැන් කිසිම රටකට අයිති නෑ’: ඩයනා උසාවියේදී හඬයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් උපන් රට වන ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමිවී, බ්‍රිතාන්‍ය පුරවැසිභාවයෙන් ද ඉවත් වීම හේතුවෙන් මේ වන විට තමන් කිසිදු රටකට හිමිකම් නොකියන ‘රටක් නොමැති පුරවැසියකු’ බවට පත්ව ඇතැයි හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියාය.
  • ව්‍යාජ තොරතුරු ඇතුළත් කර හැඳුනුම්පතක් ලබාගැනීමේ චෝදනාවට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී විත්ති කූඩුවේ සිට සාක්ෂි දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
  • සාක්ෂි සටහන් යළි සැකසීමට නියෝගයක් මෙම නඩුවේ මීට පෙර කැඳවූ අවස්ථාවක සටහන් කරගත් සාක්ෂි සටහන් අසම්පූර්ණ බව පෙන්වා දෙමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ මොහාන් සෙනවිරත්න මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.
  • ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය, අදාළ සාක්ෂි සටහන්වල සම්පූර්ණ පිටපතක් යළි සකස් කර නඩු ගොනුවට ඇතුළත් කිරීමටත්, එහි පිටපත් පැමිණිල්ල සහ විත්තිය වෙත ලබාදීමටත් මහාධිකරණ ලේඛකාධිකාරිවරියට නියෝග කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

තමන් උපන් රට වන ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමිවී, බ්‍රිතාන්‍ය පුරවැසිභාවයෙන් ද ඉවත් වීම හේතුවෙන් මේ වන විට තමන් කිසිදු රටකට හිමිකම් නොකියන ‘රටක් නොමැති පුරවැසියකු’ බවට පත්ව ඇතැයි හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියාය.

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර හැඳුනුම්පතක් ලබාගැනීමේ චෝදනාවට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී විත්ති කූඩුවේ සිට සාක්ෂි දෙමින් ඇය මේ බව සඳහන් කළාය.


සාක්ෂි සටහන් යළි සැකසීමට නියෝගයක්

මෙම නඩුවේ මීට පෙර කැඳවූ අවස්ථාවක සටහන් කරගත් සාක්ෂි සටහන් අසම්පූර්ණ බව පෙන්වා දෙමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ මොහාන් සෙනවිරත්න මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය, අදාළ සාක්ෂි සටහන්වල සම්පූර්ණ පිටපතක් යළි සකස් කර නඩු ගොනුවට ඇතුළත් කිරීමටත්, එහි පිටපත් පැමිණිල්ල සහ විත්තිය වෙත ලබාදීමටත් මහාධිකරණ ලේඛකාධිකාරිවරියට නියෝග කළාය. සාක්ෂි සටහන්වල වැඩිදුර නිරවුල් කිරීම් සඳහා නඩුව යළි කැඳවීමට ද දින නියම විය.


නීතිමය අර්බුදය සහ 'රටක් නොමැති' තත්ත්වය

2024 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසුව තමන් නීතිඥ උපදෙස් මත ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඉල්ලා යළි අයදුම්පතක් යොමු කළ බව ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට පැහැදිලි කළාය.

එහෙත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුතු හේතුවෙන් එම අයදුම්පත තාවකාලිකව බහා තබන ලෙස ආගමන විගමන පාලකවරයාට උපදෙස් ලැබී ඇති බවත්, ඒ හේතුවෙන් තමන් කිසිදු නීත්‍යානුකූල අනන්‍යතාවක් නොමැති අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් ඇය සංවේදී වෙමින් අධිකරණය හමුවේ කියා සිටියාය.


දේශපාලන පසුබිම සහ පෞද්ගලික ගැටුම්

තමන්ගේ ඥාතීන් සියලු දෙනාම පාහේ එංගලන්තයේ ජීවත් වන බවත්, ලංකාව තුළ තමන් ගොඩනගාගෙන තිබූ සියලු සමාජ සබඳතා බිඳවැටීමට හිටපු සැමියා වන සේනක ද සිල්වා මහතාගේ ක්‍රියාකලාපය බලපෑ බවත් ඇය චෝදනා කළාය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවූයේ ද හිටපු සැමියාගේ බලපෑම මත බව පැවසූ ඇය, එම දේශපාලන තීරණයත් සමඟ සමගි ජන බලවේගය තුළින් තමන්ට එල්ල වූ විරෝධය හමුවේ ආණ්ඩුවට එක්වීම හැර වෙනත් විකල්පයක් නොවූ බවද සඳහන් කළාය. පසුව ඇතිවූ පෞද්ගලික පවුල් ආරවුල් සහ වෙන්වීම හේතුවෙන් තමන් ඉලක්ක කර ගනිමින් විවිධ අධිකරණවල නඩු පැවරීම් සිදුවූ බව විත්තිකාරිය වැඩිදුරටත් කියා සිටියාය.


චෝදනා ප්‍රතික්ෂේප කිරීම

තමන්ට එරෙහිව ගොනු කර ඇති කූට ලේඛන සැකසීමේ චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ඩයනා ගමගේ මහත්මිය අවධාරණය කළාය. ජීවිත කාලය තුළ කිහිප වතාවක් නම් සංශෝධනය කළ ද කිසිදු අවස්ථාවක උප්පැන්න සහතිකය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවූ බව ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැන දැනම, නීත්‍යානුකූල නොවන අයුරින් ‘ඩයනා ගමගේ’ යන නමින් හැඳුනුම්පතක් සහ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා අංක 4658 දරන කූට උප්පැන්න ලේඛනයක් සකස් කිරීම සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ තරුෂි මූනසිංහ මෙනෙවිය සහ රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු මහත්මිය පෙනී සිටි අතර, විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මොහාන් සෙනවිරත්න මහතා පෙනී සිටියේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...