අවිස්සාවේල්ල තරුණ කටයුතු ලේකම් දර්ශණ හර්ෂනාත් සහ බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක යන අය මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක් බාර දුන්හ.
Digitel Currencyවල නීත්‍යනුකූල භාවය පිළිබඳ තොරතුරු අවශ්‍ය යි
එහි දී සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ වර්තමාන සමාජය තුළ දැඩිව කතා බහට ලක්වී තිබෙන Digitel Currencyවල නීත්‍යනුකූල භාවය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා මෙම ලිපිය බාර දීම සිදු කළ බවයි.
එමෙන්ම වර්තමාන ජාතික ජන බල වේග ආණ්ඩුවේ අමාත්‍යවරු පවා මෙම Digitel Currencyවලින් මුදල් ඉපයීමේ ක්‍රියාවලියේ නිරත වී ඇති නිසා සමාජයේ සාමාන්‍ය ජනතාවත් මෙවැනි ක්‍රියාවලට යොමු වීමට ඉඩ ඇති බවත්, එබැවින් මහජනතාවට මේ සම්බන්ධයෙන් නිවැරැදි සහ සත්‍ය තොරතුරු දැනුවත් කිරීමට අවශ්‍ය බැවින් ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් ලබා ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යාංශ ලේකම්ට මෙම ලිපිය බාර දුන් බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය.
Bitcoin එකක් මිලදී ගැනීම සඳහා වසන්ත කෝටි 03ක් උපයා ගත්තේ කෙසේ ද...?
වර්තමාන වාණිජ ආහාර සුරක්ෂිතතා සහා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ සතුව කෝටි 27ක වත්කමක් තිබෙන බවත්, එම වත්කම් උපයා ගැනීමේ දී Digitel Currency ක්‍රමවේදය භාවිත කර ඇති බවත් සඳහන් කර ඇත .
Digitel Currency තුළ තිබෙන Crypto Currencyවල ඒකක කිහිපයක් පවතින බවත් එම ඒකකවලින් කුමන ඒකකය තුළ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මුදල් යොමු කර තිබෙන්නේ ද යන්න රටට හෙළදරව් කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටිනබව ද පැවසී ය.
එමෙන්ම සාමාන්‍යයෙන් Crypto Currency තුළ තිබෙන Bitcoin එකක් මිලදී ගැනීම සඳහා සාමාන්‍යයෙන්කෝටි 03 කට වැඩි මුදලක් අවශ්‍ය වේ. ඒ අනුව Digitel Currency තුළ කුමන හෝ ආයෝජනයක් කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වන බව පැහැදිලි බැවින් Digitel Currency තුල ඔහු විසින් මෙම ආයෝජිත මුදල කෙසේ උපයා ගත්තේ දැයි පැහැදිලි විමර්ශනයක් සිදු කල යුතු බව ඔහු අවධාරණය කළේ ය.
දැන් දැන් ආණ්ඩුව අපකීර්තියට පත්වෙමින් යනවා
මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් නඩත්තු වෙන්නේ මහජනතාවගෙනි. මාලිමා මන්ත්‍රීවරුන් නිතරම සඳහන් කරන්නේ ඔවුන්ගේ වාහනවලට අවශ්‍ය ඉන්ධන, පරිභෝජනයට අවශ්‍ය හාල්, පොල්, සීනි, කිරිපිටි මෙන්ම ඇදුම් පැලඳුම් ආදි සියලු දේවල් මහජනතාව ලබා දෙන බවයි. එහෙත් මෙපමණ කෝටි ගණන් වත්කම් තබා ගෙන දුගී ජනතාව මත යැපීම රටේ කනගාටුවට කරුණක් බව සඳහන් කළේ ය.
එමෙන්ම පොහොසත් රටක් නිර්මාණය කිරීමට පත් වු ආණ්ඩුව තුළින් වර්තමානය වනවිට සිදු වී තිබෙන්නේ රට දුප්පත් වී ආණ්ඩුවේ මැති ඇමතිවරු පොහොසත් වී ඇති බවයි. එමෙන්ම මහජනතාවට සහන දීමට පැමිණි ආණ්ඩුවක් අද දිනෙන් දින අපකීර්තීයට පත් වී ජනතාව විථි සටන් පවත්වන මට්ටමට පැමිණ ඇත. එයට ප්‍රධාන හේතුව වි ඇත්තේ ආණ්ඩුව පැවසු පරිදි ජනතාවට සහන ලබා නොදී ආණ්ඩුවේ මැති ඇමතිවරු සුරසැප විදීම යැයි ද ඔහු කියා සිටියේය.
මෙම Digitel Currency කළු සල්ලි සුදු කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයක් බවට සමාජ මතයක් පවතින බැවින් ශ්‍රී ලංකාව තුළ Digitel Currency භාවිතය පිළිබඳව නීත්‍යනුකූල භාවය සහ එය අප රට තුළ පිළිගත් මුදල් ඒකකයක් ද යන්න අමාත්‍යංශ ලේකම්තුමන්ගෙන් පැහැදිලි පිළිතුරක් මේ සඳහා බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.





