වූ ආයතනයක බවත්, වෛද්‍ය සේවාවේ වෘත්තීයභාවය නියාමනය කරමින් අවසානයේ රටේ සමස්ත රෝගී ජනතාවගේ යහපත වෙනුවෙන් සහ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වගකීම යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමය මේ බව සඳහන් කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු වූ සභාපති තනතුර ප්‍රධාන අනිකුත් සාමාජික තනතුරු සඳහා සිදු කරන ලද පත් කිරීම් සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන පරිදි මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍ය සභාවේ සභාපති තනතුරට සහ අනිකුත් සාමාජික තනතුරු සඳහා පත් කර ඇති පුද්ගලයින් පිළිබඳව සලකා බැලීමේ දී ඔවුන්ගෙන් බහුතරයක් එම තනතුරුවලට අදාළ සුදුසුකම් සපුරා නොමැති බවයි. ඒබැවින් ගැටලුකාරි පසුබිමක් පෙන්නුම් කරන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
''සෞඛ්‍ය අමාත්‍යවරයා කළ පත්වීම් වෛද්‍ය සභාවේ පාරදෘශ්‍ය භාවයට හානිකරයි ''
පසුගිය දිනක ශ්‍රි ලංකාවේ වෛද්‍ය සභාවේ සභාපති ධුරය සහ සාමාජික ධුර කිහිපයක් පුරප්පාඩු වූ බවත්, එම තනතුරු සඳහා පත් කර ඇත්තේ ඉතාම ගැටලුකාරී පසුබිමක් සහිත පුද්ගලයින් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (26) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසුවේ එබඳු ගැටලුකාරි පසුබිමක් සහිත පුද්ගලයින් එම තනතුරුවලට පත්කිරීමෙන් සමස්ත රටෙහි ම සෞඛ්‍ය සේවයට අවැඩක් සිදුවන බවයි.
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMO) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇති මහාචාර්යවරයා ඇතුළු සාමාජික වෛද්‍යවරු සිවු දෙනා අතුරෙන් තිදෙනකු පිළිබඳව ම බරපතළ ගැටලු ගණනාවක් පවතින බවයි.
එම ගැටලුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලුවක් පමණක් නොව සමස්ත සෞඛ්‍ය සේවාවට මෙන් ම සමස්ත රටට ම බලපාන්නේ යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ ඔහු විසින් කරන ලද ප්‍රකාශ ඇතුළත් වීඩියෝපටය යි.
වෛද්‍ය සභාවට පත්කර ඇති සභාපතිට සහ අනිකුත් සාමාජිකයින්ට සුදුසුකම් නැහැ - GMOA
T
The Leader Desk
September 27, 2025 • 4:07 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වූ ආයතනයක බවත්, වෛද්‍ය සේවාවේ වෘත්තීයභාවය නියාමනය කරමින් අවසානයේ රටේ සමස්ත රෝගී ජනතාවගේ යහපත වෙනුවෙන් සහ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වගකීම යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
- එම සංගමය මේ බව සඳහන් කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු වූ සභාපති තනතුර ප්‍රධාන අනිකුත් සාමාජික තනතුරු සඳහා සිදු කරන ලද පත් කිරීම් සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
- ඒබැවින් ගැටලුකාරි පසුබිමක් පෙන්නුම් කරන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
- ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (26) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



