The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ආණ්ඩුව, විපක්ෂය මර්දනය කරන මීළඟ අවිය ICCPR පනත යි - සුගීෂ්වර බණ්ඩාර

T

The Leader Desk

September 11, 2025 • 4:15 AM

ආණ්ඩුව, විපක්ෂය මර්දනය කරන මීළඟ අවිය ICCPR පනත යි - සුගීෂ්වර බණ්ඩාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ මහරගම නව ජනතා පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුව අමතමිනි.
  • උදය ගම්මන්පිල අගෝස්තු 05 පැවති මාධ්‍ය සාකච්ඡාවක දී හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්නට අද අත්වෙලා තියෙන ඉරණම සම්බන්ධව කරුණු රටට හෙළි කළා.
  • උදය ගම්මන්පිල ගේ සාක්ෂි සහිතව ප්‍රබන්ධන ශූරී ශානි ඇතුළු කණ්ඩායම විසින් හිටපු කීර්තිමත් නාවික හමුදා නිලධාරියකුට අත් කර දී ඇති ඉරණම ගැන තමයි රටට කරුණු කිව්වේ.
  • ඒ නිසා අගෝස්තු මස 05 දින මාධ්‍ය සාකච්ඡාව තුළින් උදය ගම්මන්පිල කළේ එම යුතුකම ඉෂ්ට කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ මහරගම නව ජනතා පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුව අමතමිනි.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර...

උදය ගම්මන්පිල කළේ යුතුකම ඉෂ්ට කිරීමක්


''අද මේ වැඩ බැරි වෛරී ත්‍රස්ත ආණ්ඩුව විපක්ෂ මර්දනය කරන අලුත්ම ආයුධය තමයි I.C.C.P.R  පනත. ආණ්ඩුවේ  I.C.C.P.R  දඩයමට හසුවෙන පළමු පක්ෂ දේශපාලඥයා තමයි නීතීඥ උදය ගම්මන්පිල. උදය ගම්මන්පිල අගෝස්තු 05 පැවති මාධ්‍ය සාකච්ඡාවක දී හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්නට අද අත්වෙලා තියෙන ඉරණම සම්බන්ධව කරුණු රටට හෙළි කළා. උදය ගම්මන්පිල ගේ සාක්ෂි සහිතව ප්‍රබන්ධන ශූරී ශානි ඇතුළු කණ්ඩායම විසින් හිටපු කීර්තිමත් නාවික හමුදා නිලධාරියකුට අත් කර දී ඇති ඉරණම ගැන තමයි රටට කරුණු කිව්වේ.

අද දුම්බර හිරගෙදර හිරබත් කන නිශාන්ත උළුගේතැන්න තමයි, එදා මහ සාගරය පුරා අණසක පතුරවපු  L.T.T.E සංවිධානයේ මරාගෙන මැරෙන බෝට්ටු බළඝනය, පාවෙන අවි ගබඩා ටික අඩු කරමින් යුද්ධය නිමා කිරීමට උපරිමයෙන් දායක වෙච්ච සුජාත පුත්‍රයා. නිශාන්ත උළුගේතැන්න, සුමිත් රණසිංහ, ජනක කුමාර, කෝසල කුමාර වැනි නාවික හමුදාවේ සිටි නිලධාරීන්ගේ  මෙම ගැටලු ගැන කතා කරන එක මේ රටේ ජීවත් වන සෑම පුරවැසියකුගේම වගකීමක්; යුතුකමක්. ඒ නිසා අගෝස්තු මස 05 දින මාධ්‍ය සාකච්ඡාව තුළින් උදය ගම්මන්පිල කළේ එම යුතුකම ඉෂ්ට කිරීමයි. අපි ආණ්ඩුවෙන් අහනවා,  අපි ජනපතිගෙන් අහනවා, අපි ප්‍රබන්ධ ශූරී ශානීගෙන් අහනවා මේ ප්‍රකාශය තුළ කොහෙද ජනවර්ග අතර අසමගිය ඇති බව ප්‍රකාශයක් තියෙන්නේ කියලා...?

ආණ්ඩුව, ඒකාධිපතිත්වය කරා ගමන් කරනවා

ගම්මන්පිල ආණ්ඩුවෙන් ඇහුවේ: ප්‍රබන්ධන ගොතමින්, බොරු සාක්ෂි හදමින්, උළුගේ තැන්න වැනි කීර්තිමත් බුද්ධි නිලධාරීන්ට නොකළ වැරදිවලට දඩුවම් දෙමින් මේ උත්සහ කරන්නේ දළදා හාමුදුරුවන්ට බෝම්බ ගහපු, කැබතිගොල්ලැවේ අහිංසක මින්ස්සු ඝාතනය කරපු , මහ බැංකුවට බෝම්බ  ගහල මේ රටේ රාජ්‍ය නායකයෝ, දේශපාලඥයෝ, අහිංසක නිරායුධ වැසියන් අමු අමුවේ මරලා මේ රටේ ආර්ථිකය කාබාසිනියා කරපු මේ ලෝකයේ තහනම් ත්‍රස්ත සංවිධානයක් වෙච්ච L.T.T.E සතුට කරන්නද හදන්නේ කියලා. ඒ ප්‍රකාශයේ කිසිම ජාතියකට, ආගමකට, අගෞරව කරලා නෑ.

ඒ නිසා මේ පනත යොදාගෙන ආණ්ඩුව උත්සහ කරන්නේ ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන නායකයින් දඩයම් කරන්න. විපක්ෂය මර්දනය කරන්න. මේ ආණ්ඩුව අද ඒකාධිපතිත්වය කරා ගමන් කරමින් ඉන්නේ. ශානි වරින් වර බෙදුම්වාදීන් හා ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා කරගෙන ගිය රණවිරු දඩයමට තිබුණ ලොකුම හිසරදය තමයි උදය ගම්මන්පිල.  2015 D.K.P  දසනායක ගේ සිට 2024 නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම දක්වා  ශානී අඹේසේකර කළ සෑම කුමන්ත්‍රණයක්ම ව්‍යර්ථ උණා; ඒ උදය ගම්මන්පිල ඒ වෙනුවෙන් පෙනී සිටි නිසා. ඒ නිසා ශානි ඉන්නේ උදය ගම්මන්පිල එක්ක තරහෙන්.

උදය ගම්මන්පිල හිර කරන්න සූදානම් වෙන හේතුව

පොරොන්දු 1329ක් ජනතාවට දීලා, එක පොරොන්දුවක්වත් ඉටු කළේ නැති මේ වෛර චේතිය ආණ්ඩුවේ මහා කන්ටේනර් 323 මගඩිය ගැන උදය ගම්මන්පිල සටන් කළා. මේ ආණ්ඩුවේ මහා ගල් අඟුරු වංචාව ගැන උදය ගම්මන්පිල රටට කරුණූ හෙළි කළා. මේ ආණ්ඩුවේ විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරන  වැඩ පිළිවෙළ වෙනුවෙන්  උදය ගම්මන්පිල පෙනී සිටියා. ඒ නිසා වෛරී ත්‍රස්ත මානසිකත්වයකින් ඉන්න මේ රට පාලනය කරන 3% කණ්ඩායම ඉන්නේ උදය ගම්මන්පිල ගැන තරහින්.

ආණ්ඩුවේ හොරකම් ජඩකම්, මැරකම්, ටොම් පච, වහගෙන තව වෙසක් පෝය 2ක් මේ ආණ්ඩුව ඇද ගෙන යන්න නම්  උදය ගම්මන්පිල වැනි විපක්ෂයේ  දේශපාලන නායකයෝ අවුරුද්දක්වත් අත්අඩංගුවේ තැබිය යුතුයි කියලා පැලවත්තේ ලොකු අයියා  දැඩිව තීරණය කරලා ඉවරයි.  ඒ නිසා තමයි උදය ගම්මන්පිල  I.C.C.P.R  යටතේ අත්අඩංගුවට ගන්න හදන්නේ. එම නිසා මේ දේශපාලන මර්ධනය අපි පොදු විපක්ෂය විදියට පරාජය කරනවා  කියන සුභ පණිවිඩය අපි ආණ්ඩුවට ලබා දෙනවා.

පළිගැනීමේ පනත

1986 අංක 04 දරණ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කරලා විශ්‍රාමික ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කරන්නයි අද මාලිමා ආණ්ඩුවේ සුදානම. මාලිමා ආණ්ඩුව සතුව පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 159 තියෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම මෙම පනත සම්මත වෙනවා. මෙම පනත ගෙනාවේ ම මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා ඉලක්ක කරගෙන . මේ ආණ්ඩුව පත් වු දිනයේ සිට ම මහින්ද රාජපක්ෂ ජනපතිතුමාව ගෙදරින් එළියට දාන්න, මහින්ද රාජපක්ෂ ජනතාවගේ ආරක්ෂාව අඩු කරන්න, වගේම එතුමාව මැදමුලනට යවන්න පුදුම අවශ්‍යතාවයක් තිබුණේ.

අපිට මතකයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද ජයතිස්ස ප්‍රකාශ කලා පැය 24යි දෙන්නේ, ගෙදරින් එළියට බහින්න ලොකු පුතාලා නැද්ද බලා ගන්න ඇහුවා. මේ පනත ගේන්නේම පළිගැනීමේ චේතනාවෙන්මයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පලිගන්න අවශ්‍යතාව තියෙන්නේ LTT සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීම නිසා හිත් තැවුලෙන් සිටින ඩයස් පෝරාවට. අපිට පැහැදිලි සැකයක් තියෙනවා මේ ඩයස් පෝරාවට දුන්න පොරොන්දුවක් ද මාලිමා ආණ්ඩුව විසින් ඉටු කරන්න යන්නේ කියලා.

ආණ්ඩුව, බඩු මිල අඩු කරන ක්‍රමය


මේ වනවිට අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව  ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරි පී. එන්. ඩී පෙරේරා ලැයිස්තු හදනවා විශ්‍රාමික ජනාධිපතිවරුන්ට මේ වනවිට ගෙවා ඇති ඉන්ධන දීමනා, කාර්යාල මණ්ඩල දීමනා යනාදිය පිළිබඳව. ඔවුන් ඒ සියලු තොරතුරු සභාගත කරන්නයි සුදානම. මෙතැන් සිට එම ඉතුරු වෙන මුදල අපි බලාපොරොත්තු වෙනවා රටේ බඩු මිල අඩුකරීමට යොදා ගනිවි කියලා. විශේෂයෙන් ම  පීඩිත ජනතාවට  වැඩි කිරීමට බලාපොරොත්තු වන විදුලි බිල අඩු කිරීම, හාල් මිල රු 200 ට වත් අඩු කිරිම  හා පොල් ගෙඩිය රු 100 ට වත් ගන්න පුළුවන් වේවි කියලා.

මෙම මාධ්‍ය හමුව සඳහා: සීතාවක ප්‍රෙද්ශිය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර, අවිස්සාවේල්ල ආසන ක්‍රියාකාරි දර්ශන, දෙහිවල ආසන සම සංවිධායක අජන්තද සිල්වා, නීලම්මහර කොට්ඨාස සංවිධායිකා දර්ශනි සහ කටුවාවල කොට්ඨාස සංවිධායක මංජු හා රත්මලාන පිරිවෙන කොට්ඨාස සංවිධායක සමන් කුමාර යන අය ද සහභාගි වූහ. 

 I.C.C.P.R

I.C.C.P.R 2

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුව, විපක්ෂය මර්දනය කරන මීළඟ අවිය ICCPR පනත යි - සුගීෂ්වර බණ්ඩාර | The Leader