ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වින.
මෙම හමුවේදී 2030 වසර වන විට කර්මාන්ත අමාත්‍යාංශය සතු ඉලක්ක සහ උපාය මාර්ග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් IMF නියෝජියන් වෙත ඉදිරිපත් කර ඇති අතර මෙහිදී, දළ දේශීය නිෂ්පාදනයට (GDP) කාර්මික සහ නිෂ්පාදන දායකත්වය වැඩි කිරීම සහ ව්‍යවසායකත්ව දායකත්වය හා භාණ්ඩ අපනයනය ඉහළ නැංවීම වැනි ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs) ගණනාවක් සාකච්ඡා කර තිබේ.

තවද, අමාත්‍යාංශයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීමේ උපාය මාර්ග, සහ දේශීය කර්මාන්ත මුහුණ දෙන අභියෝග මෙන්ම, මූල්‍ය ප්‍රතිපත්ති සහ ඉඩම් වෙන් කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇත.
.
එමෙන්ම මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශයේ විනිවිදභාවය පිළිබඳව IMF නියෝජිතයන්ගේ පැසසුමට ලක්ව ඇත.
මෙම අවස්ථාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou), මාර්තා වොල්ඩෙමිචෙල් (Martha Woldemichael - Resident Representative) , ඩිනාර් ප්‍රිහාර්ඩිනි (Ms. Dinar Prihardini - Senior Economist) , උර්සුලා විරියාඩිනාටා, (Ursula Wiriadinata -Economist) මානවී අබේවවික්‍රම, (Manavee Abevawickrama - Local Economist, IMF Resident Representative office) ඇතුළු නියෝජිතයින්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
දෙපාර්ශවය අතර සාකච්ජාවෙන් පසුව IMF නියෝජිතයින්ට තම අමාත්‍යංශ කාර්යාලය ඉදිරිපස ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරුව ඇමතිවරයා විසින් පෙන්වා ඇත. එම පුවරුවේ සඳහන් වැකියෙන් IMF නිලධාරීන් අතිශයින් සතුටට පත්ව ඇත.
'' ඔබ මේ පිවිසෙන්නේ අල්ලස හෝ දුෂණයෙන් තොර රාජ්‍ය ආයතනයකටය '' යයි එම පුවරුවේ සටහන් වේ.





